21 August 2012

සංවාදයක් ! බුදු දහම සහ නුතන විද්‍යාව


e-mail හරහා සිදුවූ සංවාදයක්.

Sudesh:  බෞද්ධ දර්ශනය පිලිබදව උනන්දුවක් තියෙන ඔබතුමාගෙන් කාරුණික ඉල්ලීමක් කරන්න කැමතිය් . බෞද්ධ මුලික ධර්ම මුලාශ්‍ර වල සදහන් භෞතික වශයෙන් නූතන ව්ද්‍යාවට එකග විය හැකි කරුණු කිහිපයක් උපුටා පෙන්වන ලෙස. 10 ක් විතර පෙන්නුවානම් ගොඩක් ස්තුතිය් .  මට ඊ-මේල් කරන්න.(මගේ ලග ත්‍රිපිටකය සහ විශුද්ධමග්ග පොත නම් තියෙනවා. එහි සදහන් නම් පිටු, පරිච්චේද , අංක ආදී වශයෙන් දුන්නත් ඇති).

From: Sudesh Jayantha <sudeshjayantha@gmail.com>
To: I removed the susantha’s E mail Address .  >
Sent: Saturday, 23 June 2012, 16:05

Susantha: 16.07.2012 සිදුහත් කුමරා නිදසුනට ගන්න.
"කුසලය" කුමක් දැයි සෙවීමේදී ඔහු ආලාර කාලාම වෙත ගොස් ඔහු දැන තිබූ සත් වන සමාපත්තිය තමාද ලබා ගත්තා. එයින් තෘප්තියට පත් නොවුන හෙතෙම රාම පුත්‍ර උද්දක වෙත ගොස් අටවන සමාපත්තියද ලබා ගත්තා.එයින්ද සතුටට පත් නොවුන හෙතෙම ස්වෞත්සාහයෙන් සත්‍යය අවබොධ කලා.(මහා සච්චක සුත්‍රය/පිටුව 560/මජ්ජිම නිකාය 1)

මින් අපට දෙන පණිවිඩය හෝ ආදර්ශය නම්, අවසන් ඵලය තෙක් "විමසීම" නිරන්තරයෙන් කලයුතු බවයි.
එය නූතන විද්‍යාවට මෙන්ම වෙනත් ඕනෑම දෘශ්ටියකට සාධාරනයි.
එම නිසා එක දෙයක් පූර්ණ ලෙස අවසන් කරන්න.ඊට පසු තව දෙයක් සමග සසඳන්න.

From: Sudesh Jayantha <sudeshjayantha@gmail.com>
To: I removed the susantha’s E mail Address .  >
Sent: Saturday, 21 July 2012, 22:05

Sudesh  පිළිතුරු එවීම පිළිඹදව ස්තුතිය් . එහෙත් ඔබේ කියමනට මට එකග වෙන්න අමාරුය්. සිදුහත් කුමරා අතර මගදී වටහගත්විට යනමග නිවැරදි නැහැ කියල ඔහු ගමන වෙනස් කලා. බොහෝ අවස්ථාවල මෙම ආදර්ශය ඔහු තුලින් දැකිය හැක. ඔහු අන්ද ලෙස එකම  අල්ලාගෙන හිටියේ නැහැ. දුෂ්කර  ක්‍රියාව  දිගටම  කලානම්  එතුලින්ම  ඔහුගේ ප්‍රයත්නය අවසන්වෙන්න  තිබුන  නොවේද . මගේ පැනයට පිළිතුර බලාපොරොත්තු වෙනවා. ස්තුතිය්.     

Susantha 22.07.2012:නැවත ප්‍රශ්න කිරීම ගැන ස්තුතියි.මේ කියමන මගේ නොවෙයි. සච්චක සුත්‍රයේ සඳහන්වන ධර්ම කරුණුයි.කෙටි විස්තරයක් පහත සඳහන් යොමුවේ ඇත.එය කියවන්න. විමසමින් නැවත නැවත  කියවන්න.එවිට ඔබට වැටහේවි. විමසීමේ ඵලය ප්‍රඥාව බැව් "චුල කම්මවිභංග"  සුත්‍රයේ සඳහන් වේ.( http://www.bududahama.com/p215.htm#810331166 )

පංච කාම වස්තූන්( රූප, ශබ්ද,ගන්ධ, රස, ස්පර්ශ ) සිතෙන් අල්ලා නොගෙන පරිභොජනය කරන අයුරු පහත සඳහන්  යොමුවේද ඇත.විස්තර සඳහා අදාල සුත්‍රය කියවන්න.

සැප වේවා!


From: Sudesh Jayantha <sudeshjayantha@gmail.com>
To: I removed the susantha’s E mail Address .  >  >
29.07.2012
-----------------------------------------------------------------------------------------------------------------------------------
Subject: Re: කාරුණික ඉල්ලීමක්
Sudesh:ස්තුතිය්. මගේ ප්‍රශ්නය වටහාගන්න. ඔබ දුන් කරුණු නොවේ මා අපේක්ෂා  කරන්නේ. මට උවමනා කරන්නේ , භෞතික  වශයෙන් විද්‍යාත්මකව ඔප්පු කළහැකි කරුණු කිහිපයක් බුදු දහමට අදාල මුලික ග්‍රන්ථවලින් උපුටා දක්වන්න කියලය්. එනම් එකල බුදුන් වහන්සේ විසින් දේශනාකළ කරුණක් අද නුතන විද්‍යාවට ඔප්පු කරගත හැකි තත්වයේ තිබිය යුතුය් . විශ්වය ගැන හෝ , ජීවයේ සම්භවය ගැන හෝ , ඉතා සරල එහෙත් විද්‍යාවට අනුකුල කරුණු තමය් මට දැනගන්න ඕනි, මගේ අරමුණ නම් . බුදුන් වහන්සේ විසින් දේශනා කල භෞතික කරුණු තහවුරු කරගන්න පුලුවන්න් නම්  පාර භෞතික කරුණු ගැන අපට අපගේ විචාර බුධ්දිය මෙහෙයවල සොයාබලන්න පුළුවන්. සැම විටම පාර භෞතික කරුණු පමණක් ඇති විට අපේ විචාර බුධ්දිය අසරණ වෙනවා.
https://mail.google.com/mail/images/cleardot.gif
Susantha: 5.08.2012 තව පැහැදිලි කිරීමක්
අද පවතින බුදුදහම, බුදුන් වහන්සේ පහලවූ නිසාය.බුදුන් වහන්සේ අපට ලැබුණේ, මේ මිනිස් ලොව අදටත් දක්නට ඇතිධර්මතා තුනක් නිසාය.
එම ධර්මතා තුන නම්,
ජරා ( මහළු වීම නැතහොත් තරුණ භාවය පිරිහීම )
ව්‍යාධි ( ලෙඩ වීම නැතහොත් ආරොග්‍ය පිරිහීම )
මරණ ( පණ නැතිවීම නැතහොත් ආයුෂය පිරිහීම )

මිනිසුන් මුහුනපාන මෙම  ධර්මතා තුනට හේතුව, ඔවුන්ගේ ඉපදීම බව අවබෝධ කරගත් බුදුන්වහන්සේ එකී ඉපදීම නැතිකරන ක්‍රමය පෙන්වා දුන්නා.
ඒ අනුව ඉපදීම නැති කිරීම තුලින් මුළුමණින්ම ජරා, ව්‍යාධි, මරණ නැතිකල හැකි බව ප්‍රකාශ කලා.
තම ජීවිත කාලය තුලදීකෙනෙකුට මෙම අත්දැකීම ලබාගත හැකි බවත් ප්‍රකාශ කලා.

නූතන ව්ද්‍යාවෙන් මෙම ධර්මතා තුනට ලැබී තිබෙන පිළිතුරු මොනවාද?
නූතන විද්‍යාවෙන්, ජරා (මහළු වීම ) මුළුමණින්ම නැතිකර තිබේද?
නූතන විද්‍යාවෙන්, ව්‍යාධි(ලෙඩ වීම ) මුළුමණින්ම නැතිකර තිබේද?
නූතන විද්‍යාවෙන්, මරණ (පණ නැතිවීම ) මුළුමණින්ම නැතිකර තිබේද?
අදටත් පවතින මේ ධර්මතා තුන මුළුමණින්ම නැති කිරීමට නූතන විද්‍යාව සමත් වී ඇත්ද?

ස්තුතියි



From: Sudesh Jayantha <sudeshjayantha@gmail.com>
To:  I rnemoved the susantha’s E mail Address .  >
Sent: 5.08.2012

Sudesh:ස්තුතිය්. ඔබට මාව කරදරයක් ලෙස නොදැනේ නම් මට කරුණු ඉදිරිපත් කරන්න. මම මගේ ප්‍රශ්නෙන් ඈතට යන්න අදහස් කරන්නේ  නෑ  .ඔබ ඉදිරිපත් කල කරුණු නුතන විධ්යාවට   වලක්වන්න  බැහැ .කිසිම  දහමකට    එය (මෙලොවදී භෞතික වශයෙන් ) වලක්වන්න බැහැ . බුදුන් වහන්සේ දේශනා කලත්  නොකලත් එම  ධර්මතා වලට අපට මේලොවේදී  මුහුණ දෙන්නට   වෙනවා. බුදුන් වහන්සේ ගේ ධර්මය නම් මැරුණට පසුව එම තත්වයෙන්  මිදිය හැකි මාර්ගය  "බුදු දහම" බවය් . මැරුණට පසුව  මුහුණ දෙන්න වෙන තත්වය "පාර භෞතික"  නිසා බුදුන්ගේ දේශනයක් උනත් එකවරම අප පිළිගත යුතු  නැහැ යනුය්  මගේ අදහස. මෙම පාර භෞතික කරුණු පිළිගන්නට  නම් එම දේශකයා විසින්  ඉදිරිපත් කල "භෞතික" කරුණු පැහැදිලි  සත්‍ය  තත්වයෙන්  තිබී අපට , අපේ විචාර  බුද්ධියට සහ  නුතන විද්යාවේ දැනුමට එකග විය යුතුය් .  මගේ  ප්‍රශ්නය  නම්  , නුතන  විධ්යාවට  එකග කරුණු බුදුන් වහන්සේ වසර 2500 ක් තරම් ඇත  ඉතිහාසයකදී    නිවැරදිව දේශනා කර තිබුන නම් , එතුමාගේ  සර්වඥතා ඥානය , සම්බුද්ධ ඥානය   උපයෝගීකරගෙන එය පැවසුවා යය අපට නිගමනය  කල හැක. එනිසා එතුමාගේ එම  සර්වඥතා ඥානය ම උපයෝගීකරගෙන මරණින් මතු තත්වය ගැන දේශනා කලා යැය් ද  අපට නිගමනය  කර එයද  පිළිගත හැකි තත්වයකට අපට පැමිණිය හැක . මම  උදාහරණයක්  කියන්නම් . 

ට්‍රිපිටකය / සුත්‍ර   පිටකය  / දිග  නිකාය  / 14.මහා  පදාන  සුත්‍රය  / 5 පරිච්චේදය 

මහණෙනි , අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ විපස්සි බුදුරජාණන් වහන්සේ මෙය්න් 91 වෙනි කල්පයේ හිද , සිකි බුදුන් වහන්සේ 31 වෙනි කල්පයේ හිද , වෙස්සඟු බුදුන් වහන්සේ එම 31 වෙනි කල්යේහිමද , කකුසන්ද  බුදුන් වහන්සේ මේ මහා භද්‍ර කල්පයේහිම ලොව පහල වුවෝය . මහණෙනි , මේ  මහා භද්‍ර කල්පයේහිම අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ   කෝනාගමන සහ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලා  ලොව පහල වුවෝය . මහණෙනි , මේ  මහා භද්‍ර කල්පයේහිම දැන් අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ මම උපන්නෙමි .

මෙහි  බුදුන් වහන්සේ විසින්  දේශනා  කල  කාලය  පිලිබඳ  කරුණු එතුමාගේ එම  සර්වඥතා ඥානය උපයෝගීකරගෙන දේශනා කලත් , නුතන  විද්‍යාවට   
අනුව  අද  අපට  පිළිගත  හැකිද ?. නුතන  විද්‍යාවට  අනුව  විශ්වයේ  වයස  අදට  වසර  බිලියන  20  ක්  පමණ  බවය් පැවසෙන්නේ .කල්පය  
අපගේ  මිනුම්   වර්ෂ  වලට  හරවා  ගණනින්  වැඩිකර  බැලුවිට  ඉහත  බුදුවරුන්  පහල   වී  ඇත්තේ  විශ්වය  බිහිවීමට  පෙරය . (කල්පය යන්න  බෞද්ධ ග්‍රන්ථ වලට ම  අනුව ගෙන නුතන විද්‍යාව සමග සසදා  ගණන් බැලුවොත් මුළු විශ්වයේම වයස කල්ප 4.5 කි. = වසර බිලියන 20 ) 


එනිසා  මෙම  කාරණාව  නුතන  විද්‍යාවට  එකග  නැහැ . මට උවමනා  කරන්නේ  නුතන  විද්‍යාවට  එකග විය හැකි කරුණු ස්වල්පයක් මතුකර පෙන්වන ලෙසටය් .


https://mail.google.com/mail/images/cleardot.gif
Susantha: 8.8.2012 තව පැහැදිලි කිරීමක් 
ඔබගේ ප්‍රකාශයේ අඩංගු පහත සඳහන් කරුණට  අවධානය යොමු කරවන්න කැමතියි.
බුදුන්ගේ දේශනයක් උනත් එකවරම අප පිළිගත යුතු  නැහැ යනුය්  මගේ අදහස. "
ඔබ හරි. බුදුන් වහන්සේ ගේ හෝ ව්ද්‍යාවේ කරුණක්,  දැන ගෙන තමා විසින්ම තහවුරු  කර ගැනීමයි කල යුත්තේ.

කාලාමයින්ට කල දේශනාව ( පිටුව 337/පංචම සුත්‍රය/ අංගුත්තර නිකාය 1) අනුව පිටතින් දැනගන්නට ඇති දේ එලෙසම භාර නොගෙන ඉන් තමාට අවැඩ පිණිස පවතින බව යම් කලෙක තමාම දැන ගත් විට ඉන් දුරු වියයුතු බවත් වැඩ පිණිස පවතින  දේ පිලිගෙන අනුගමනය කල යුතු බවත් සඳහන් වෙනවා.
යම් කලෙක අනවශ්‍ය දෙයින් දුරු වීම සහ අවශ්‍ය දේ පිලිගෙන අනුගමනය කිරීමේ පිලිවෙත බුදු දහමේ සඳහන් වෙනෙවා. එමගින් මනසේ වර්ධනය සිදුවන බව පෙන්වා දෙනවා. වර්ධනය වූ මනසින් අදාල කරුණු  තම ජීවිත කාලය තුලදී( මරණයට පසුව නොව )වියදමකින් තොරව දැනගෙන තහවුරු කල හැකි බව සඳහන් වෙනවා.

අන් අය විසින් සටහන් කර ඇති හෝ/හා ප්‍රකාශ කොට ඇති නූතන විද්‍යාත්මක කරුණුද කෙනෙකු විසින් කියවා හෝ අසා දැනගෙන හෙතෙම විසින්ම තම ජීවිත කාලය තුලදී, වියදමකින් තොරව  එම කරුණු තහවුරු කර ගැනීමට ඇති විද්‍යාත්මක පිලිවෙත කුමක්ද?

මේ අනුව බැලූවිට, බුදු දහමේ සඳහන් ඕනෑම කරුනක් (කල්පය පමණක් නොව )තම ජීවිත කාලය තුලදී වියදමකින් තොරව දැන තහවුරු කර ගැනීමට පිලිවෙතක් ඇත.අවශ්‍ය වනුයේ එකී පිලිවෙතට අනුව ක්‍රියාකර මානසික වර්ධනය අත් කර ගැනීමයි.

නූතන විද්‍යාවේ දැනට ප්‍රකාශ වී ඇති ඕනෑම කරුණක් ( බිලියන 20 කට පෙර සක්වල බිහිවීම පමණක් නොව )කෙනෙකුට තම ජීවිත කාලය තුලදී වියදමකින් තොරව තහවුරු කර ගැනීමට අවශ්‍ය මානසික වර්ධනය අත් කර ගැනීමේ පිළිවෙතක් ඇත්ද?

ස්තුතියි 



From: Sudesh Jayantha <sudeshjayantha@gmail.com>
To: I removed the susantha’s E mail Address .  >
Sent: 8.8.2012

https://mail.google.com/mail/images/cleardot.gif
----------------------------------------------------------------------------------------------------------------------------------
https://mail.google.com/mail/images/cleardot.gif

Sudesh:ස්තුතිය් .
ශුද්ධ වූ බය්බලයේ (මැතිව් 4: 8)   ;ජේසුස් වහන්සේ පරීක්ෂා කරනු ලැබිම
8) යළිත් යක්ෂයා උන් වහන්සේ ඉතා උස් කන්දකට පමුණුවා-, ලෝකයේ සියලු රට රාජ්‍යයන් සහ ඒවායේ යසශ්‍රිය උන් වහන්සේට පෙන්වා-, 9 ''ඔබ දණන් වැටී මට නමස්කාර කරන්නෙහි නමි-, මේ සියල්ල ඔබට දෙන්නෙමි''යි උන් වහන්සේට කී ය-.
මෙය "ශුද්ධ වූ" ග්‍රන්තයක සදහන් භෞතික කාරණයකි . මෙම කාරණය විද්‍යාව නොදියුණු වකවානුවක ජනතාව සමහර විට පිළිගනී. ශුද්ධ වූ ග්‍රන්ථයක් යය් කියන නිසා ඔවුන් එයට පෙර සහ පසුව සදහන් වක්‍යයන්ද පිළිගනීවි. මොකද ඔවුන් කියන්නේ එය දෙවියන්දේ වදන් බවය. දෙවියන්ට වැරදීම් සිදුවිය නොහැකි නිසා එම පොතෙහි සදහන් පාර භෞතික කරුණු වන ස්වර්ගය , මරණින් මතු ජීවිතය අපාය ආදිය  ගැන පරීක්ෂණ නොපවත්වම පිළිගන්නට පෙලබෙනු ඇත .
උස  කන්දකට  නැගල   ලෝකේ  තියෙන  සෑම  රට  රාජ්‍යයක්ම  යක්ෂයාට  තියා  කාටවත්  පෙන්නන  බැහැ.. නුතන විද්‍යාව අපිට  කියන්නේ  පෘථිවිය  ගෝලාකාර   එකක්  බවය් .  . නුතන විද්‍යාව නොතිබෙන්නට  මෙම කතාව මටද   පිළිගන්නට  සිදුවෙන්න  ඉඩ  තිබුන . මෙය  මවිසින්න්ම   සොයා  බලන්න උවමනා  නැහැ . ඒ සදහා  මට  පහසුකම්ද  නැහැ. නුතන විද්‍යාවේ  පිහිටෙන් වාහනයක  ගොස්  හෝ පරිගණක  උදව්වෙන්  හෝ මට තහවුරු කරගන්නත්  පුළුවන් . 

බලන්න. නුතන විද්‍යාව මට උදව්  වුණා නොමග  යාමෙන්  මිදීමට . 
විද්‍යාව අද අපට පිහිට වෙනවා මෙසේ ග්‍රන්ථ වල සදහන් ශස්ත්රූ වරුන් දේශනා කල භෞතික කරුණු පිලිබදව පැහැදිලි නිගමන වලට පැමිණීමට. භෞතික කරුණු පිළිඹදව  සැහීමකට පත් වෙන්න  පුලුවන්නම් (පමණක්) පාර භෞතික කරුණු කෙරෙහි සිත යොමුකර එම ශාස්ත්රූ වරයා කියන මාර්ගයේ ගියාට වරදක් නොවිය හැකියය් අපේ බුද්ධිය අපට පවසනවා නොවේද. 
විද්‍යාවෙන් ඔප්පු වෙනකොට එම ග්‍රන්ථ වල සදහන් ශස්ත්රූ වරුන් දේශනා කල භෞතික කරුණු බොරු ලෙස , අප කෙසේ නම් එම ග්‍රන්ථ  "ශුද්ධ වූ" ග්‍රන්ථ ලෙස පිලිගන්නද . කෙසේ නම් එම ශස්ත්රූ වරුන් සියල්ල දත් අය ලෙස සලකන්නද. එවිට අප කෙසේ නම් ඔවුන් පවසන පාර භෞතික කරුණු කෙරෙහි විශ්වාසයක් තබන්නද . සම විටම පාර භෞතික කරුණු විතරක් ම පවසන විට අප කෙසේ නම් ඔහුව විශ්වාස කරන්නද . බුදුන් වහන්සේ ගැන සදහන් කරුණු සහ, මහා බ්‍රහ්මය පවා බුදුන් වහන්සේට නමස්කාර කල තත්වයක් තිබෙද්දී බුදුන් වහන්සේ බුද්ධිය ඉක්මවා ගිය කෙනෙකු බව පැහැදිලිය් .බුදුන් වහන්සේට විද්‍යාව හෝ අවිද්යාව සම්බන්දයෙන් නොදන්නා දෙයක් තිබිය නොහැක.  එදා පැවසු දෙයක් අද විද්‍යාවෙන් පැහැදිලි ශාක්ෂි  සහිතව "එය වැරදි " ලෙස ඔප්පු කර පෙන්නනවානම්, අපට ප්‍රශ්නයක් මතුවෙනවා වැරදි තිබෙන්නේ බුදුන්ටද නැත්නම් ධර්ම ග්‍රන්ථ වලටද කියල. බෞද්ධ මුලික ග්‍රන්ථ වල ඉහත උදාහරණයේ සදහන් එයට සමාන කම් දක්වන කරුණු අපට හමුවන විට අප අතරමන් වෙනවා නොවේද ? පහත උදාහරණය බලන්න.

ට්‍රිපිටකය , දිග නිකාය, 16. මහා පරිනිබ්භන සුත්‍රය, 
56. ඊට පසුව ආනන්ද ස්ථිවරයන් වහන්සේට මහත් වූ මේ පෘතුවි කම්පාව පිණිසද, මේ ගර්ජනව පිණිසද හේතු ප්‍රත්‍ය කවරේදය් මේ අදහස ඇති විය. 
57. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථිවරයන් වහන්සේ  භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ ,"ස්වාමින් වහන්ස , මේ සා විශාල වූ මහපොළොව කම්පා වීමට හේතු ප්‍රත්‍ය කුමක් දැය් " විචාළේය .
58. "ආනන්දය, මහත් වූ පෘතුවි කම්පාවක පහල වීම පිණිස මේ හේතු අටක් වෙත්. ප්‍රත්‍ය අටක් වෙත් . ඒ අට කවරේද යත්, 
        1) . "ආනන්දය,  මේ මහා පොලොව ජලයේ පිහිටියේය. ජලය වාතයෙහි පිහිටියේය, වාතය ආකාශයෙහි පිහිටියේ වෙය්. ආනන්දය, යම් කලෙක්හි මහා සුලන් හමය් ද, ඒ හමන්නාවූ මහා සුළඟ ජලය කම්පා කෙරෙත්, භුමි චලනයක් ඇති වීමට මේ හේතු වෙය්".

පස් පොලොව, ජලපොලොව , වා පොලොව ලෙස  මෙම පොලෝ තුන ගැන විශුද්ධ මග්ගයේ විස්තර කර දී තිබෙනවා  ' වා පොලොව අපි පසක තබමු. ජල පොලොව හා පස් පොළොවේ ප්‍රමාණය යොදුන් වලින් දක්වා ඇත. මෙම යොදුන් සැතපුම් වලට හරවා ගණනින් වැඩිකර බැලුවිට පෘථිවියේ ප්‍රමාණය නුතන විද්‍යාවෙන් අපට කියන පෘථිවියට වඩා ලක්ෂ ගණනින් විශාලය්. මෙම කරුණු විද්‍යාවෙන් පැහැදිලිවම බොරු වෙනකොට අපි විද්‍යාවේ පිහිටෙන් ශස්ත්රූ වරුන් ගැන සහ ධර්ම පුස්තක පිළිඹදව සාධාරණ නිගමනවලට පැමිණෙනවා ' මනස වෙහෙසව තමන් විසින්ම ප්‍රත්‍යක්ෂ කරගන්න උවමන නැහැ'  
තේරෙන භාෂාවලින් ධර්ම ග්‍රන්ථ කියවමින් යනවිට  සහ එම කරුණු විචාරයට ලක් කර බැලුවිට නුතන විද්‍යාවේ පිහිටෙන් අපට  ඒ ඒ ග්‍රන්ථ වල පවතින සත්‍ය අසත්‍ය තව මානව පිළිඹිබු වෙනවා. නැවත මගේ ප්‍රශ්නය වෙත එන්නම්. නූතන ව්ද්‍යා  මගින් තහවුරු කරගත් එහෙත් බුදුන්ගේ සමය තුල කිසිදු මිනිසෙකුට කිව.නොහැකි විද්‍යාත්මක කරුණු බුදුන් වහන්සේ  දේශනා කර තියෙනවදඑවැනි කරුණු කිහිපයකට උදාහරණ . කිහිපයක් පෙන්නවා දෙන්න

Susantha:පිලිතුරු 10.08.2012
ම විසින් දැනට පරිහරණය කරනු ලබන්නේ ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා (බු.ජ.ත්‍රි.ග්‍ර.මා ) වට අයත් විනය සහ සුත්‍ර පිටකයන් පමණි.
සිංහල අකුරින් ලියන ලද මගධි ශබ්දය ඇති මෙම ග්‍රන්ථ වලට,තේරුම් පමණක් ලාංකීය භික්ෂූන් වහන්සේලා සපයා ඇත. සිංහල තේරුම් කියවනවිට සිංහල අකුරින් යුත් මගධි ශබ්දය ඇති පිටුවල අඩංගු දෑ ගැන වැඩි අවධානයක් යොමු කරනවා.
ත්‍රිපිටක අටුවාව, විශුද්ධි මාර්ගය යනාදී නොයෙකුත් බෞද්ධ ග්‍රන්ථ වලට වැඩි අවධානයක් යොමු නොකරන්නේ , කතුවරුන්ගේ පෘථග්ජන අදහස් ඇතුලත් වී ඇති බැව් පෙනෙන නිසාය.
තවද, නොයෙකුත් අපරදිග පඬිවරු ( එච්. ජී. වේල්ස්, මහාචාර්ය රීස් ඩේවිඩ්ස්,ආචාර්ය ඊ.ජේ. තෝමස් ) සහ PTS පවා මෙම බු.ජ.ත්‍රි.ග්‍ර.මාලා ග්‍රන්ථ පිළිගත හැකි බැව් සඳහන් වීම නිසා ඊට අවධානය යොමු කිරීම සාධාරණ බැව් පෙනේ.

 බු.ජ.ත්‍රි.ග්‍ර.මාලා ග්‍රන්ථයන්ට අනුව බුදු දහමට පාදක වී ඇත්තේ තුන් ධර්මයෝය. එනම්, ජරා, ව්‍යාධි, මරණ වේ.( විස්තර මීට පෙර සඳහන් කර ඇත.)
අදත් දක්නට ඇති මේ තුන් ධර්මයන් මීට වසර 2601 කට පෙර හඳුනාගෙන ඉන් මිදීමට සුදුසු මග මෙම දහම තුල ඉදිරිපත් කොට ඇත.
නමුත් නූතන ව්ද්‍යාව  මෙතෙක් මේ තුන් ධර්මයන් පූර්ණ ලෙස හඳුනාගෙන ඉන් මිදීමට සුදුසු මග මෙතෙක් ඉදිරිපත් කර නොමැත.

එබැවින් සම්පූර්ණ කරන ලද ඉදිරිපත් කිරීමක්අසම්පූර්ණ ඉදිරිපත් කිරීමක් තුලින් කෙසේ හඳුනාගත හකිද? එය සිදුවිය නොහැක.
Whether it is right or wrong Buddhism is a closed loop. But modern science is an open loop. 
උදා:- කල්ප, දහසක් සක්වල යනාදී කරුණු සම්පූර්ණ ඉදිරිපත් කිරීමක අන්තර්ගත කරුණුය.
බිලියන 20 ක විශ්වය යනාදී නූතන විද්‍යාත්මක කරුණු අසම්පූර්ණ ඉදිරිපත් කිරීමක අන්තර්ගත කරුණුය. 

නිවැරදි කිරීම් (දහමට අනුව )
1. සර්වඥතා ඥාණය:- සබ්බඤ්ඤු (සියල්ල දත් ) නුවණ හැම කල්හි බුදුහුට ඇතැයි යමෙක් පවසයිද, හෙතෙම බුදුන් නොකී දෙයක් කියයි. තවද,කරුණු රහිතව චෝදනා කරයි.
බුදුන්ට ත්‍රිවිද්‍යා ඇත්තේ යැයි යමෙක් කියනුයේ නම් ඔහු බුදුන් විසින් කියන ලද්ද කියයි.බුදුන්ට චෝදනා නොකරයි.( තෙවිජ්ජවච්චගොත්ත සුත්‍රය/පිටුව 253/මජ්ජිම නිකාය 2 /සුත්‍ර පිටකය.)

2. සක්වල දහසකි:- විස්තර සඳහා ( ප්‍රතම කොසල සුත්‍රය/පිටුව 107/ අංගුත්තර නිකාය 6/සුත්‍ර පිටකය )

3. කල්ප :-  විස්තර සඳහා ( පබ්බත සුත්‍රය/පිටුව 281/ සංයුත්ත නිකාය 2/ සුත්‍ර පිටකය )

ස්තුතියි  
-----------------------------------------------------------------------------------------------------------------------------------


From: Sudesh Jayantha <sudeshjayantha@gmail.com>
To: I removed the susantha’s E mail Address .  >
Sent: 11.08.2012
Sudesh:බුදුන් වහන්සේ දුකින් මිදීමේ මගක් දේශනා කලා. "එනම් නිවන් මග". නිවන් මග අපට  මේලොවේදී දැකගන්න බැහැ. දැකපු  කෙනෙක්  අප  අතරත්  නැහැ . අපි මෙහෙම හිතමු .තරහ වෙන්න එපා මෙහෙම කියනවට. මම  ඔබට  කියනවා මෙහෙම දෙයක් .  "මේ නිවන් කතාව මුලාවක් විය හැක , මේ කතාව බොරුවක් විය හැක .බුදුන් වහන්සේට වැටහුණ විධියට බුදුන් වහන්සේ නිවන් යනවා කියල හිතාගෙන අවසන් හුස්ම හෙලුවට ,   කව්රුත් මියයන විධියටම සාමාන්‍යය පොදු මරණයම භුක්ති විද  මිය යන්න ඇති  . මිය ගීය කව්රුත් නැවත අප අතරට පිළිගත හැකි මට්ටමෙන් නොඑන නිසා බුදුන් වහන්සේටද නැවත ඇවිත් මරණින් පසු සබැ තත්වය ගැන කියන්නට විධියක් නැතුව ඉන්නවා ඇති " මෙය මෝඩ කතාවක් ලෙස  සලරව හිතන්න එපා . දහම තුලින් ඔබට දිය හැකි සාක්ෂි මොනවද මගේ කතාව ප්‍රතික්ෂේප කිරීම ටත් බුදුන් වහන්සේ ගේ  දේශනාව හරි කීමටත් .
බුදුන් වහන්සේගේ නිවන සංකල්පය පිළිගන්න නම් ප්‍රායෝගිකව  පිළිගත හැකි කරුණු ධර්මය තුලින් පෙන්වා දෙන්න. සක්වල දහස ඇත්තක් ද බොරුවක්ක්ද කියල අද මට හෝ නුතන විද්‍යාවට ස්ථිර නිගමනයකට එන්න බැහැ. මම මිය යන්න කලින් එය තහවුරු කරගන්නත් බැරි වෙය්. එනිසා අපේ මනසට ගෝචර නොවන කුමන කතාවක් වත් පිළිගන්නට කලින් මනසට ගෝචර වන පිළිගත හැකි කරුණු දහම තුල තියෙනවද කියලය් මට දැනගන්න උවමණා කරන්නේ.2012.8.11 

ස්තුතිය්   

Susantha:13.08.2012 ඔබේ කරුනු  පැහැදිලි කිරීමක්.(බුදු දහමේ සඳහන් කරුණු අනුව )

නිවන් මග යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. (එනම් ශීල , සමාධි, ප්‍රඥා.)
නිවන දකිනවා යනු සම්මා ප්‍රඥා වෙන් වැඩුනු මනසකින් "තුන් ධර්මයන්" දැකීමයි. එය තව කෙනෙකුට පෙන්විය නොහැකි නිසා තමා විසින්ම දැකිය යුතු බව සඳහන් වෙනවා.මේ නිසාම එවැනි අය අප අතර නැති බවට තර්ක කිරීම ස්වාභාවිකයි.

මනස මුල් කරගත් දහමක් තමයි බුදු දහම.වැඩුනු මනසකට තමයි බුදු දහමේ කරුණු ගෝචර වන්නෙ. මනස වඩන හැටි බුදුදහමේ සඳහන් වෙනවා.කෙනෙකුගෙ මනස වඩා ගැනීම ඔහු ට භාරයි. එය  බුදුවරයෙකුට හෝ වෙන කිසිවකුට කල නොහැකියි. ඒ මන්ද යත් ජීවත්ව සිටින විට ඔහුගෙ මනස වෙන කිසිවෙකුට භාර දීමට ඔහුට නොහැකි නිසයි.
ඔබේ මනසට ගොදුරු වී ඇති දේ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය මට නැත.එය ඇත්තේ ඔබටයි. බුදුන් වහන්සේ දෙසූ දහමද ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ඇත්තේ ඔබේ මනසටයි. 
බුදුන් වහන්සේගේ දහමේ හරි වැරදි තීරණය කිරීමේ අයිතිය කෙනෙකුහට ලැබෙන්නේ ඊට ගැලපෙන මානසිකත්වයක් ඇති විට බව සඳහන් වෙනවා.
එතෙක් මෙම කරුණු වල මුලා වන එක ස්වාභාවිකයි.
මැරෙන්න කලින්  සියලු මුලාවන්ගෙන්  මිදෙමු. ඒ සඳහා සුදුසු මාර්ගයක්  සොයා ගනිමු.
ඉපදුන සෑම දෙනාම අත් විඳින "තුන් ධර්මයන්" සෑම දෙනාගේම මනසට ගෝචර  වෙයි.
මනසට ගෝචර වන මෙම ධර්මයන් දහම තුල ඇති බැවින් මනස වැඩීමේ මග එතැනින් අරඹමු. 

ස්තුතියි  
Sudesh Jayantha <sudeshjayantha@gmail.com>
Wed, Aug 15, 2012 at 9:01 PM
To: : I removed the susantha’s E mail Address .  > 15.08.2012
නැවතත්   ස්තුතිය් 
මගේ  ප්‍රශ්නය  වඩාත්  හොදින්  අව‍බෝධ   කිරීමට   මම  වෙනත්  දහමකින්   උදාහරණයක්  දෙන්නම් 
මේ  සදහා  මම  ඉස්ලාම්  දහම  උපයෝගී  කරගන්නම් .
ඉතිහාසයේ  විවිද  අවස්ථාවන්  වල   මිනිසා  වෙත  පිළිවෙලකට  විශ්වයේ  මැවුම්  කරු  (දෙවියන් ) විසින්  තම  දහම සාශ්තෘ   වරුන්  සහ  පුස්තක  ලෙසින්  ඒවා  ඇති  බවත් , පැරණි  සියලුම  පුස්තකවල  අන්තර්ගත දහමේ  සංශිප්තයත්   ගෙන  ලොව  අවසන්  වනතුරු  වලංගු  වන  ආකාරයට  එය  සම්පුර්ණ  කර    ආරක්ෂා  කරද  අවසන්  නබි  මොහම්මඩ්  (සල් ) තුමා  වෙතින්   මිට  වසර 1400 කට  පෙර  ඒවා  ඇති  දෙවියන්ගේ  ධර්ම  පුස්තකය  “ශුද්ධ  වූ  අල්  කුරාන්   ලෙස ද  එදා  සිට  ලොව අවසන්  වනතුරු  සිටින  සියලුම  මිනිස්  සමාජයන්  වෙත  පැහැදිලි  මග  පෙන්න්වන  පුස්තකය ලෙසත් , එහි  කිසිදු  වරදක්  ,කිසිදු  නොගැලපීමක්  ද  සැකයක්  ද  නැති  බවත් ,කිසි  කෙනෙකුට  එහි බොරුවක්  සොයාගත  නොහැකි  බවත් එය  පහල වූ  ආකාරයටම  අදටත්ලොව  අවසන් වෙනතුරු  වෙනසකට  ලක්  නොවී  ආරක්ෂා  වෙන  බවත්  ඉස්ලාම්  දහමේ  ස්ථාවරයය් .
මෙම  වර්ණනාව  යටතේ  පවතින  “ශුද්ධ  වූ  ග්‍රන්ථයේ  සදහන්  “ විශ්වයේ  මැවුම්   කාර  දෙවියන්ගේ වචන  “ ලෙස  සැලකෙන  පහත  සදහන්  කරුණු  දෙස  මදක්  සිත  යොමන්න .
1.   විශ්වය  මැවු  දෙවියෙක්  ඉන්නවා . ඔහු නමින් "අල්ලාහ්" ය 
2.   ඔහු පළමු  මිනිසාව කිරි මැටි පසෙන්න්ද,ඔහුගෙන් අන් සියලුම මිනිසුන්වද  නිර්මාණය  කළා.  
3.   අතීතයේ සිට පැවතේන්නන්ට යහමග  පෙන්වීමට  නබි  වරු  පහල  කළා . පුස්තක පහල  කළා.
4.   ආලෝකයෙන් නිර්මාණය  කළ දේව දුත (සුරංගනා )වරු කියල කොටසක්  ඉන්නවා 
5.   ගින්නෙන්  නිර්මාණය  කළ  ශේය්තාන්   වරු  ( ජින්  වරු / යක්ෂයන් ) කියල  කොටසක්  ඉන්නවා .
6.   මනුෂ්‍යයන්ට  මරණින්  පසු  මිනි  වලෙහි  (බර්සාහ්  නම් ) ජිවිත  කාලයක්  ගතකරන්න  වෙනවා 
7.   යම්  දිනක  සියලුම  ආත්මාවන් වලට  දෙවියන්ගෙන්  කැදවීමක්   එනවා 
8.   විනිශ්චය  දිනයක්  පවත්වනවා 
9.   මිනිසා  මෙලොව ජීවිතයේදී කළ හොද නරක අනුව ස්වර්ගය හෝ  අපාය වෙත ඔවුන්ව    යොමු  කරනවා  
10. මෙලොව  විනාශ  කර  මෙහි  කර්තව්ව්‍ය  අවසන්  කරනවා    
ඉහත  කරුණු  එකක්  වත්  පිළිගන්න  බහ  නේද . මෙවා  “පාර භෞතිකය්  ”. අපේ  පන්චේන්ද්‍රයන්ට  ගෝචර  වෙන්නේ  නෑ .   නිසා  දෙවියෝ  නෙමෙය්  කව්රු  කිව්වත්  අපේ  බුද්ධිය මේ කරුණු එකවරම   පිළිගන්නේ   නෑ. මොකද  මොලේ  නරක  උන  කෙනෙකුටත්  මෙවැනි  දේවල්  කියන්න  පුළුවන් . නමුත්  ලොවෙහි  ජනගහනයෙන්  1/5 ක්  පමණ  මුස්ලිම්  ජනය  එය  පිලිගන්නවා . (පිළිගන්න  හේතුව  පසුව සදහන්  කරන්නම් )
·       දැන්  අපි  බුදුදහම  වෙත  හැරෙමු .
1. සාර සන්කිය කල්ප  ලක්ෂ ගණන් වලට පෙර  බුදුවරු  සිටියමහ  ජනතාවත්  හිටිය ,රජවරුද  සිටුවරුද  හිටියා.   ගොල්ලෝ කතා බස් වලත් යෙදිලා තියෙනවා  .
2.  සිදුහත් කුමාරයා බුද්ධත්වයට පත් උනා. එවිට ඔහු මනුෂ්‍යයෙකුත් නොවේදෙවියෙකුත් නොවේ යක්ෂයෙකුත් නොවේ . ඔහු බුදු කෙනෙකි . 
3.   බෝසතාණන් වහන්සේ ද පසුව  බුදුන් වහන්සේද මහා  බ්‍රහ්මයවත්  වෙනත්  දෙවි  වරුනුත්  මුණ  ගැසී  තිබෙනවා .මහමාය  දේවිය  ස්වර්ගස්ථ    උනා බුදුන්  වහන්සේ  එහි ද  වැඩ දහම් දෙසුව .   
4.   රහතන් වහන්සේලා ලක්ෂ කෝටි ගණන් පෙර දවසෙ වැඩ සිටිය. මුගලන්  රහතන්  වහන්සේ  ට  එර්ධි  බලයෙන්  විශ්වයේ  සැරිසරන්න  පුළුවන් ක්ෂණයකින් .
5.  මෙලොවෙදීම  සොවහන්  ස්කුර්දාගාමී  අනාගාමී  පලවලට  පැමිණිය  හැකි 
6.  මහා  බ්‍රහ්මයා බුදුන්ට නමස්කාර කලා
7.  සිත  දියුණු  කරගත්තොත්  නිවන්  යන්න  පුළුවන් 
8.  ඉපදීමට  හේතුව  ජාති , ජරා  , මරණ ,බවත්  එය   නැතිකලවිට  නැවත  ඉපදීමක්  නැති  බව  බුදුන් වහන්සේ ප්‍රකාශ  කලා . 
9.   එවැනි අයට මින් පසු  භවයක්  නැහැ . අනිත්  අය  සංසාරේ පුරා නිවන්  යනතෙක්  ගමන්  කරනවා . 
10. අපායක් සහ දිවය ලෝකයකද  තියෙනවා 
***මේ  එකක්   වත් බුදු කෙනෙක්  හෝ වෙන  කව්රුවත් කියූ පලියට එකවරම පිළිගන්න පුලුවන්ද  ?. අපේ  භුධ්ධිය  මෙවැනි  කතා  අන්ධ  භක්තියෙන්  පිළිගන්න  කියල  අපිට කියනවදවිචාරයට  ලක් කලොත්  මේ  සියල්ල  ‘ පාර භෞතිකය්" නේද එනම්  අපේ  පන්චේන්ද්‍රයන්ට  ගෝචර  වෙන්නේ  නෑ
අපි  දැන්  නැවත   ඉස්ලාම්  දහමේ  දෙවියන්ගේ  එම  පොතෙහිම දෙවියන් විසින්ම සදහන්  වෙනත් කරුණු  කිහිපයක්  කෙරෙහි නිකම්ම බලන්නේ නැතුව නුතන විධ්‍යවත් උපයෝගී කරගෙන විචාර  බුද්ධියත් යොදවල බලමු. 
මෙම  කරුණු  භෞතිකය්  අපේ  බුද්ධියට ගෝචර  වෙනවා .නුතන  විද්‍යාවේ  පිහිටෙන්  ඒවා සත්‍ය  බවට  තහවුරු  වෙනවා . එනිසා  එම  කරුණු    අපට  අහක  දාන්න  බහැ . වසර  1400 කට  පෙර  කිසිදු මිනිස් මොළයකට  කිව   නොහැකි  එම   භෞතික  කරුණු  එම  පුස්තකයට  ඇතුලත්  කලේඑම භෞතික කරුණු  වලත්  විශ්වයේත්  මැවුම්  කරු  වන  දෙවියන් ම බව මුස්ලිම්  වරුන්ගේ  ස්ථාවරයි . එනිසා  එම  දෙවියන් ම  පවසන  ( මුලින්  සදහන්  කළ ) පාර  භෞතික කරුණු  ද  පිළිගැනීමට  මුස්ලිමුන්  පසුබට  වනේ  නැහැ . එය  සාධාරණ  නොවේද බලමු.
1.(තාරකා  විද්‍යාව /ආකාශ  විද්‍යාව  /අභ්‍යාවකාශ   විද්‍යාව ) හිස්  බවේ  සිට  අපි   විශ්වය  මැවූ  අතර  අපිම  එය  නිරන්තරයෙන්  පුළුල්  කරන්නෙමු [51:47] අහස්හි  ග්‍රහලෝකයන්  නිර්මාණය  කර  එහි  සුර්යය  ආලෝකයක්  වශයෙන්න්ද  ,චන්ද්‍රයා  දීප්තිය  ගෙන  දෙන්නක්  වශයෙන්ද  නිර්මාණය  කළ  ඔහු භාග්‍යවන්තය  [25:61], ඔහු  රාත්‍රියද  දාවලද  ඇති  කළේය . සුර්යයාද  චන්ද්‍රයාද  නිර්මාණය  කළේය . මේවා  අහසෙහි  තමන්ගේ  කක්ෂවල  ගමන්  කරන්නේය  [21:33] ඔහු  අහස  මැවූ   අතර  එය ආරක්ෂාකාරී වහලක්  බවට  පත්  කර  ඇත  [21:32]
2.(රසායන  විද්‍යාව) ඔබේ  දෙවියන්ට  පරමාණුවේ  ඉතා  කුඩා  අංශුව  ගැනද  දැනුම   ඇත  [10:61]
3.(ජල  විද්‍යා  ක්ෂේශ්ත්‍රය) ඔහු  අහසින්  ජලය  පහල  කරන  අතර  එය  පොළොවේ  පැලුණු  තැන්  අතරින් යවා   වගා  බිම්  සරුසාරව  වැඩෙන්නට  හරින්නේය [39:21] ජලය  ඉහලට  ගමන්  කර  වලාකුළු  හටගෙන  ඒවා  එක්රැස්  වන  කළ  කැබලි   බවට  පත්වී  ජලය  පොළොවට  පතිත  වේ  [38:48]
4.(කළල  විද්‍යාව) මිනිසා  තමාව  කුමකින්  මවා  ඇත්තේ දැය්   නොදනිත්   ඔහුව  මවනු  ලැබුවේ  බින්දුවකිනි . කොඳු  අට  පෙළ  හා  ඉල  ඇට  පෙළ  අතාරි න් නිකුත්වන . [86:5.6.7] අපි  මිනිසාව ෆුත්නාවකින්  මැව්වෙමු  {ෆුත්නාවක්  යනු  ඉතා  කුඩා   ද්‍රව බින්දුවක් }[23:13] අපි  මිනිසාව  ඉතාම  කුඩා පරිමාණයේ  මිශ්‍ර  තරලයකින්  මැව්වෙමු  [76:2] අපි  මිනිසාව  සුලාලාවකින්  මැව්වෙමු  {සුලාලාවක්  යනු එහි  හොඳම  කොටස /ශුක්‍රානු  තරලයෙහි  හොදම  කොටස }[32:8] ඔහු  මින්සව  අළක්  නමැති  කුඩල්ලෙක් වැනි  රුධිර  කැටියකින්  මැව්වේය . [96:1.2]
5(සාගර  විද්‍යාව  ) ඔහු  ගලායන  ජල  කඳන්   දෙකක්  එක  ළඟ  තැබූ  අතර  ඒවා  හමු  වුවත්   මිශ්‍ර  වන්නේ   නැත . ඒවා  අතර  තරණය  කළ  නොහැකි  වනසේ  නොපෙනෙන  භාදකයක්  ඇත .[55:19.20]
6. (ජිව  විද්‍යාව  ) අපි  සෑම  සජිවී  දෙයක්ම  ජලයෙන්  නිර්මාණය  කළෙමු  [21:30]
7(උද්භිද  විද්‍යාව ) ඔහු  අහසින්  ජලය  පහල  කර  එය්න්  විවිධ වර්ගයේ පැල (ස්ත්‍රී පුරුෂ )යුගල්  වශයෙන්  නිර්මාණය  වේ  [20:53]
8. (සත්ව  විද්‍යාව / කායික  විද්යා  ක්ෂේශ්ත්‍රය ) (එළු ගව බැටළු හා ඔටුවන් ආදීසතුන්ගෙන්ද  ඔබට  පාඩමක්  ඇත . ලේ  වලටද  මලවලටද  මුත්‍රා  වලටද  අතරින් ඒවායෙන්  උදරයෙන්  කලවම්  නොවුණු  කිරි  උත්පාදනය  කර  ඔබට  පොවන්නෙමු  , එය  පානය  කිරීමට ඉතා රසවත්ය  [16:66] තවද  ඔබ  එම සතුන්ගෙන්  සමහරක්  අනුභව  කරන්නේය [23:21] ඔබගේ  හිමි  මි මැස්සන්ට වැටහීම  දෙන්නේය  .කඳු ගස්  හා  උස  ගොඩනැගිලිවල  නුබ  මි  වද  බඳිනු . , තවද  නුබ  සෑම  පලතුරු  වර්ගවල මල්වල රොන්  උර  බී  ඔබ  හිමිගේ  පහසු  මාර්ගයන්  හි  නුබගේ  නිවෙස්  වලට ඇතුළු  වෙනු .මෙයන්  උගේ  උදරයන් හි  වර්ණ  කිහිපයකින්  යුත්  පානයක් ’මි  පැණි ”   වෑහෙන්නේය   . එය්න් මිනිසුන්ට  සුවය  ඇත . ඇත්තෙන්ම  මෙහිද  සිතා  වටහා  ගන්න  අයට  සාක්ෂියක්  ඇත  [16:68.69]* මෙහි  වැයකරන වලට අනුව  මි   මැස්සි  තමය්  රොන්  බොන්න  යන්නේ .
9(භූගෝල  විද්‍යාව)අපි  පොලොව  විහිදුනු  දෙයක්  ලෙස  මවා කඳු  එහි  ඇබ  ලෙස  මව්වෙමු  [78:6.7] අපි  පොලොව  මත  කඳු  ඉතා   ස්ථාවර  දෙයක්  ලෙස  තබා  ඇත්තෙමු . ඒ  එය  නොසෙල්  වී  තිබීම  පිණිසය  [21:31/ 16:15]
10(ජාන  තාක්ෂණ  විද්‍යාව ) පුරුෂයාගෙන්  නිකුත්වන  ද්‍රව්‍යය  එහි  කලලයේ    ලිංගය {ගැහැනුද  පිරිමිද  බව }  නිර්ණය  කරය්  [45:46] අපි  මිනිසාව  ඉතා  කුඩා  පරිමාණ  මිශ්‍ර  තරලයකින්  මවා ඉන්  පසුව  එය අලකාවලින්  මුධ්ගාවට පත්කර  එයට  ගැහැණු හෝ  පිරිමි  යන  ලිංගය  නිර්ණය  කළෙමු   එනම් ලිංග  භේධයට  බලපාන්නේ  පුරුෂයාගේ  ශුක්‍රානු  මිස  ස්ත්‍රියගේ  ඩිම්භ  නොවන  බව }[76:37-39]අපි මිනිසාව ඔහුගේ  මවගේ   ගර්භාශයේ  එකකට  පසු  එකක්  වශයෙන්  අඳුරු  පටල  3 ක්  හරහා  මැව්වෙමු [39:6]අපි මිනිසාව  ඉතා  කුඩා  ප්‍රමාණයේ  ද්‍රව්‍යකින්  මවා  එය  ඉතා  ආරක්‍ෂිත  තැනක  තබා  එය අලකා   නමැති කුඩල්ලෙක්  වැනි  ලේ   කැටියක්  බවට  පත්  කර  එය  මුධ්ගා  නම්  විකන  ලද  ගුලියක්  බවට  ද එය අසාම්  නම්  ඇටකටු  බවට  පත්  කර  එය  ලැහැම් නම්  මාංශ  වලින්  වැසුවෙමු . සියලු  පැසසුම්  අල්ලාහ්  ට හිමිය  [23:12-14]
11.(වෛද්‍ය  විද්‍යා ) අවිස්වාසවන්තය්න්  ප්‍රශ්නයක්  අසු  කළ එනම්   මිනිසා  මිය  ගොස්  ඔහුගේ  ශරීරය  වල දැමුවාට පසුව එම  ශරීරයේ  ඇටකටු  වලින් යලිත්  ඔහුව දෙවියන් විසි න්  උපදවන්නේ  කෙසේදය් ” ඔවුන් ඇසුවොත් නබි  තුමනි  ඔබ  ඔවුන්ට  මෙසේ පිළිතුරු  දෙන්න . “ අපට  මියගොස්  පස්  බවට පත් වුන  මිනිසාව යලි  මැවීමට  පමණක්  නොව  පෙර   තිබු  සේම  සෑම  ඇඟිලි  තුඩක්මද  යලි තැබීමටද අපට හැකියාව ඇති බව".[75:3-4]අපේ සලකුණු  ප්‍රතික්ෂේප  කරන්නන්ව නිරයට තල්ලු  කරනු  ලැබේ .ඔවුන්ගේ  සම  පිළිස්සුනු  වහාම  යලි  නව  සම ලබාදී  නැවත   නැවත  වේදනාව අත් විදින්නට  සලස්  වන්නෙමු  [4:56]
ඉහත  සදහන්  කරුණු  සරලව  පෙනුනට  නුතන  විධ්‍යඥයන් එම  කරුණු  පිළිඹදව  විශ්මයෙනුත්  විශ්මයට  පත් වී  ඇත . වසර  1400 කට  පෙර  සදහන්  මෙවැනි  කරුණු,  නුතන  විද්‍යාවෙන්  තහවුරු කරගත්තේ ( සියල්ලටම  පොදුවේ  ගත  කල ) අදින්  වසර  200ක්  ඇතුලත්ය .ඒ  නුතන විද්‍යාවේ  හැකියාවෙනි.   එයට  පෙර  කිසිදු  මිනිසෙකු  ඒ  පිලිබදව  දැනුවත්ව  නොසිටියේය . සමහර  අයට නොබෙල්  ත්‍යාගයන්ද  ලැබුන  මෙම   කරුණු  හොයාගත්තට . නමුත්  කුරානයේ  වසර  1400 කට පෙරම  සදහන්  බව  ඔවුන්  දැන  සිටියේ   නැත .
ඉහත  පිළිගත  හැකි  භෞතික    කරුණු  වල  නාමයෙන්ම  පිළිගත   නොහැකි  පාරභෞතික  කරුණු කෙරෙහි  විශ්වාසයක්  තැබීම  සාධාරණ  නොවේද  මුස්ලිමුන්  දෙවියන්ව  විශ්වාස  කරන  එක සාධාරණ නොවේද  ?
ඉහතත සදහන් කරුණු වල විස්මිත බව විද්වතුන් පෙන්වාදෙන  තොරතුරු ඔබට උවමන නම් මට ඉදිරිපත් කල හැක. 
ඉහත කරුණු වල අබමල් රේණුවක වරදක් හමු උනොත් ස්ලාම් බොරු වෙනවා. උදාහරණයකට අරාබි ව්‍යාකරණ වලට අනුවමි පැණි ගෙනෙන්නට යන්නේ මි මැස්සි ය. ( අම්ම බත් කෑවාය . තාත්තා බත් කෑවේය යනාදී වශයෙන්). නුතන විද්වතුන් බැරිවෙලාවත් තහවුරු කරගත්තනම් මි පැණි ගෙනෙන්න යන්නේ මි මැස්සි නොව  මි මැස්ස (සත්‍ය එය නොව ) කියල ශුද්ධ වූ කුරානයේ ව්‍යාකරණ දෝෂයක් අහු වෙනවා . එහෙම උනානම් " මෙහි කිසිදු සැකයක් නැත[2:2]" කියන කුරාන් වැකිය බොරු වෙනවා. එවිට එය ශුද්ධ වූ කුරාන ය" නොව නිකම්ම කුරානය වෙනවා. නමුත් සත්‍ය නම් එවැනි සුළු වරදක් වත් තාම කිසිවෙකුට  හමුවී නැති  නැති බවය් . 
විස්වාස කිරීමට නම් කුමන හෝ ආගමික ග්‍රන්ථයක තිබිය යුත්තේ එවන් පිරිසිදු තාවයක් නොවේද. සැක නැතුව විස්වාස කල හැක්කේ එවන් ග්‍රන්ථ නොවේද. 
මම ආගම් ගැන නොවෙය් කතා කරන්නේ. ආගමික මුලාශ්‍ර වල අන්තර් ගත කරුණු ගැනය්.
දැන්  නැවත  බුදු  දහම  වෙත  හැරෙමු .
පිළිගත  නොහැකි  පාර  භෞතික    කරුණු   කිහිපයක්   මම  ඉහත  සදහන්  කළා.
පිළිගත  හැකි  භෞතික  කරුණු  කිහිපයක්  පෙන්නවා  දෙන්න. එවිට  පිළිගත  නොහැකි  කරුණු කෙරෙහි එකඟ  විමට  අවස්ථාවක්  උදාකරගත  හැක .
ඉපදීමජරා වීමමරණයපොදු කරුණු . ගසුත්වෛරස් ද බැක්ටීරියා ද  ඉපදෙනවා ජරා වෙනවා මැරෙනවා නොවේද. එවිට බුදුන් වහන්සේ සදහන් කල එම ධර්මය ඔය කියපුවටත් වලංගුදමම මියගිය පසු ඒක සෛලික වෛරසයක් විය හැකිද.  පින්පව් කල හැක්කේ මිනිසාට පමණද ඇස් අන්ධ වේයත් මි මැස්සත් මකුලුවත් තම නිවෙස් හදාගන්නේ උගේ මොලේ භාවිතා කරලද වෙවැනි කරුණු ගැන බුදු දහමේ  සදහන් වෙලා තියෙනවද. මේ ශරීරය ජරා ගොඩක් ලෙස හදුනවා දුන්නත්අපේ එක සෛලයක් තරම් සන්කිර්ර්ණ එක ම එක කර්මාන්තශාලාවක් ලොවෙහි කොතැනක හෝ තියෙනවද. මේ ශරීරය මේ ඉර හදසතා සිව්පාව වැඩිය එපා වතුර බින්දුවක තියෙන මේ විශ්මිත සැලැස්ම කොහොම ඇති උනාද කියා බුදු දහමේ සදහන් වෙනවද, නිවනින් අවසන් කල යුතු  මේ ජීවිතය පටන් ගත්තේ කෙසේ දැය් බුදු දහමේ සදහන් වෙනවද කල්ප ලක්ෂ ගණන් ආලෝකය ලබා දී ශාක වර්ධනයට දායක වීමට සූර්යාට ආයුෂ තිබේද. ආගම ධර්මයත් ස්වභාව ධර්මය ලෙසින් සමහරු සලකන වට පිටාවත්  විද්‍යාවත් අතරේ සමාන්තර තාවයක් දැකීමට බුදුදහම අනුමත නොකරනවද අනිකුත්  ජීවී අජීවී සියල්ල සහ මිනිසා අතර තිබෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ගැන පැහැදිලි දේශනයන් බුදු දහම තුලින් පෙන්නවා දෙන්න හැකිද. උදාහරණයකටඅප මිය ගිය පසු පස් බවට පත් වෙනවා. (පසත් මිනිසත් අතර තියෙන සම්භන්දය කුමක් ද යනාදී වශයෙන් )
මේ කිසිවක් ගැන කතා නොකට නිවනින් අවසන් වන ජිවිතයක්  ගැන පමණක් කතා කිරීම යුක්ති සහගතද ඒ ගැන පොත්  10000 තියෙනවා  කිව්වත්  ඒ ඔක්කොම  කියවලත්   වැඩක්  තියේය්ද 
මෙම ප්‍රශ්න වලට පිළිතුරු බුදු දහමේ නැහැ කියල මම කියන්නේ නැහැ. මොකද මම දන්නේ සීමිත ප්‍රමාණයක් නිසා. එනිසය් පිළිතුරු දන්නා කෙනෙක් වේ නම් ඔහුගෙන් ඉල්ලා සිටින්නේ දැනුවත් කරන ලෙස. මෙතැනදී මම බලාපොරොත්තු වන්නේ මගේ ප්‍රශ්නයට පිළිතුරු ලබාගැනි ම මිසක් බුදු දහම පිළිඹදව වැඩිදුර අද්‍යයනයක් ද නොව.   නුතන  විද්‍යාව  අන්ධ  භක්තියට  අභියෝගයක්  ලෙසය්  මට  වැටහෙන්නේ .
නුතන  විද්‍යාව  නිසා  සත්‍ය  ආගම  බැබලෙනවා  මිසක්  ආගමත්  නුතන  විද්‍යාවත්  අතර  සම්බන්දතාවක්  නැහැ කියන්න   බැහැ . නුතන  විද්‍යාව   නිසා  අසත්‍ය  ග්‍රන්ථ , අසත්‍ය  කියමන් බොරු පුජකයන්බොරු භක්තින්   විනාශ  වෙනවා . විශුධ්ධ  මග්ගය ගැනත් , ත්‍රිපිටක  අටුවාව  ගැනත්  ඔබ  දුන්  පිලිතුරින්ම  එය  තහවුරු  වෙනවා නොවේද ?.   නැවත හමුවෙමු .
ස්තුතිය්   




Susantha 15.08.2012 -----ඔබගේ දීර්ග කරුණු දැක්වීමට මට දෙන්න තියෙන්නේ ඉතා කෙටි පිලිතුරක්.  . ඔබට මතක ඇති ඔබ  කීවා මෙන්න මෙහෙම දෙයක්. ක්ඔබගේම පිලිගැනීම තුලින් මතුවන්න ඒ .
ඔබ ඉදිරිපත් කල කරුණු නුතන විධ්යාවට   වලක්වන්න  බැහැ. කිසිම  දහමකට    එය (මෙලොවේදී භෞතික වශයෙන් )    වලක්වන්න බැහැ . බුදුන් දේශනා කලත්  නොකලත් එම  ධර්මතා වලට අපට මේලොවේදී  මුහුණ දෙන්නට   වෙනවා".
ඉහත සඳහන් ඔබේ ප්‍රකාශයෙන් තහවුරු වන්නේ ඔබේ මනසට ගෝචර වන පිලිගත හැකි කරුණු බුදු දහම තුල තිබෙන බවයි.ඒ තුන් ධර්මයන්ය.(,ව්‍යාධි, ජරා,. මරණ )
මේ අනුව ඔබ විසින් පිලිගෙන ඇති තුන් ධර්මයන් අනුන්ගේ පරීක්ෂණ හෝ සහතික තුලින් නොව තම ස්වකීය වැඩුනු මනසින් අවබොධ කර ගැනීමේ දහමද බුදු දහම තුල සඳහන් වෙනවා. "  බැව්  පසුගිය  ලිපිවල  සදහන්  කලා . මට කීමට  ඇත්තේ  මෙපමනය් ."  "තමන් හිසට තම අතමය සෙවනැල්ල ."අනුන් බලා සිටියොත් වෙයි වැනසිල්ල"..
ඔබට යහපතක්ම වේවා.
ස්තුතියි 
නිම
----------------------------------------------------------------------------------------------------------------------------
From: Sudesh Jayantha <sudeshjayantha@gmail.com>
To: 
I removed the susantha’s E mail Address .  >
Sent: Wednesday, 15 August 2012, 23:31
https://mail.google.com/mail/images/cleardot.gif
https://mail.google.com/mail/images/cleardot.gif
To: Susantha


ඔබ සමග අන්තර්ජාලය  හරහා යෙදුනු සංවාදය පිළිඹදව මගේ සතුට ප්‍රකාශ කරන්නට 
කැමතිය්. එහිදී ඔබෙත් මගෙත් අදහස් ඉදිරිපත් උනා. මේ සම්පුර්ණ සංවාද ය පිලිවලකට 
අමුණා ප්‍රින්ට් කර, කොපි කර, වවිධ  මට්ටමේ සිටින මිතුරන්ට  ද ආගමික උගතුන්ටද දීල 
ඔවුන්ගේ අදහස් විමසා බලන්න කියා මම අවසන් වශයෙන් ඉල්ලීමක් කර ඔබ අවසන් කල 
සංවාදයට මම ද මෙසේ සමු දෙමි. 

ස්තුතිය්    

සුදේශ් ජයන්ත 

…………………………………………………………………………………………………………………………………………………………
ඔබේ නිගමනයට ......

මගේ පැනය වුයේ
බෞද්ධ දර්ශනය පිලිබදව උනන්දුවක් තියෙන ඔබතුමාගෙන් කාරුණික ඉල්ලීමක් කරන්න 
කැමතිය් .
බෞද්ධ මුලික ධර්ම මුලාශ්‍ර වල සදහන් භෞතික වශයෙන් නූතන ව්ද්‍යාවට එකඟ වියහැකි 
කරුණු  කිහිපයක් උපුටා පෙන්වන ලෙස . (23.06.2012

මගේ ප්‍රශ්නය වටහා ගන්න. ඔබ දුන් කරුණු නොවේ මා අපේක්ෂා  කරන්නේ. මට උවමනා 
කරන්නේ , භෞතික  වශයෙන් විද්‍යාත්මකව ඔප්පු කළහැකි කරුණු කිහිපයක් බුදු දහමට අදාල 
මුලික ග්‍රන්ථවලින් උපුටා දක්වන්න කියලය්. එනම් එකල බුදුන් විසින් දේශනාකළ කරුණක් 
අද නුතන විද්‍යාවට ඔප්පු කරගත හැකි තත්වයේ තිබිය යුතුය් (29.7.2012)

මට උවමනා කරන්නේ නුතන විද්‍යාවට එකග විය හැකි කරුණු ස්වල්පයක් මතුකර පෙන්වන 
ලෙසටය් (5.8.2012).
නැවත මගේ ප්‍රශ්නය වෙත එන්නම්. නූතන ව්ද්‍යා  මගින් තහවුරු කරගත් එහෙත් බුදුන්ගේ 
සමය තුල කිසිදු මිනිසෙකුට කිව නොහැකි විද්‍යාත්මක කරුණු බුදුන් වහන්සේ  දේශනා කර
 තියෙනවදඑවැනි කරුණු කිහිපයකට උදාහරණ  කිහිපයක් පෙන්නවා දෙන්න (8.8.2012)

බෞද්ධ දර්ශනය පිළිඹදව සුසන්ත සහෝදරයාගේ දැනුම් පිළිඹදව ඔහු දුන් සාධකය .

Susantha:පිලිතුරු 10.08.2012

ම විසින් දැනට පරිහරණය කරනු ලබන්නේ ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද බුද්ධ 
ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා (බු.ජ.ත්‍රි.ග්‍ර.මා ) වට අයත් විනය සහ සුත්‍ර පිටකයන් පමණි.
සිංහල අකුරින් ලියන ලද මගධි ශබ්දය ඇති මෙම ග්‍රන්ථ වලට,තේරුම් පමණක් ලාංකීය භික්ෂූන් 
වහන්සේලා සපයා ඇත. සිංහල තේරුම් කියවනවිට සිංහල අකුරින් යුත් මගධි ශබ්දය ඇති 
පිටුවල අඩංගු දෑ ගැන වැඩි අවධානයක් යොමු කරනවා.
ත්‍රිපිටක අටුවාව, විශුද්ධි මාර්ගය යනාදී නොයෙකුත් බෞද්ධ ග්‍රන්ථ වලට වැඩි අවධානයක් 
යොමු නොකරන්නේ , කතුවරුන්ගේ පෘථග්ජන අදහස් ඇතුලත් වී ඇති බැව් පෙනෙන නිසාය.
තවද, නොයෙකුත් අපරදිග පඬිවරු ( එච්. ජී. වේල්ස්, මහාචාර්ය රීස් ඩේවිඩ්ස්,ආචාර්ය ඊ.ජේ. 
තෝමස් ) සහ PTS පවා මෙම බු.ජ.ත්‍රි.ග්‍ර.මාලා ග්‍රන්ථ පිළිගත හැකි බැව් සඳහන් වීම නිසා ඊට 
අවධානය යොමු කිරීම සාධාරණ බැව් පෙනේ.

සුසන්ත සහෝදරයාගේ අවසන් පිළිතුර
ඔබේ මනසට ගෝචර වන පිලිගත හැකි කරුණු බුදු දහම තුල තිබෙන බවයි.ඒ තුන් ධර්මයන්ය.,
ව්‍යාධි,ජරා, ,මරණ.


ඔබේ අදහස කුමක් දැය් මම අහන්න කැමතිය් ……….
https://mail.google.com/mail/images/cleardot.gif