09 October 2016

මම කවුද ? WHO AM I ?


මම කවුද ?   WHO AM I   ?


මම- ප්‍රභේද දෙකකින් සමන්විත බව අපට හැඟෙනවා.

බාහිර ශරීරය (පංචස්කන්ධය)
අභ්‍යන්තර ශරීරය (ආත්මය සහ සිත වැනි දෑ)
1. බාහිර ශරීරය


අප සරලව දන්නා තරමින් මවගේ ඩිම්බ සෛලයක් හා පියාගේ ශුක්‍රානු සෛලයක් එක්වී ආරම්භයේදී ඇසටවත් නොපෙනෙන මට්ටමින් පටන්ගෙන එය බිලියන ට්‍රිලියන වාරයක් විභේදනය වෙලා වෙනස් වීම් වලට ලක්වෙලා ලොකු වෙලා හැදෙන සහ අවසානයේ පොලොවට පස් වෙලා නැවත ඇසට නොපෙනෙන කුඩා අන්ශු වෙලා යන අපි කියන මේ ශරීරයයි.

පැහැදිලිවම මේ බාහිර ශරීරය ගැන "මම" කියන අපි කිසිවෙකුත් හරියටම දන්නෙත් නැහැ. කොටින්ම ඔය ට්‍රිලියන ගනන් ඇති සෛල වලින් එකක ක්‍රියාකාරීත්වය ගැනවත් "'මම" කියා ගන්නා අපි හරියටම දන්නෙත් නෑ, එවැන්නක් "මම" කියා ගන්නා අපිට නිර්මාණය කරන්නත් බෑ...
එහෙනම් එයට මම හෝ මගේ කිව්වට "මගේ නෙවෙය් වගේ නේද?"

මෙය මගේ නොවෙයි කියන්න ඕනි තරම් සාදක ඇති අතර මෙය මගේයි කියන කෙනෙක් ඉන්නවා නම් ඔහු සමග වෙනම ඒ ගෑන සාකච්චා කරන්න වෙනවා.

ඒ වගේම මේ බාහිර ශරීරය තනිකරම ජලය මිශ්‍ර පස් වල ඇති සංඝටක වලින් පමනක් හැදුණු එකක් බවත් අපිට විද්‍යාගාර මට්ටමින් ඔප්පු කර ගන්නත් පුලුවන්. එනම් මගේ බාහිර ශරීරයත්, ගස් කොලන් සතා සිව්පාවා මේ ඔක්කොම ජලය මිශ්‍ර පසේ තවත් එක් ස්වභාවයකි.
ඔය බාහිර ශරීරය ද්‍රව්‍යමය වශයෙන් ගත්තොත් "මලකද" කට සමාන කල හැකිය. මලකද පස් ගොඩකට සමාන කල හැකියි.

2. අභ්‍යන්තර ශරීරය.
මෙයට කියන නම මම හරියටම දන්නෙ නෑ. නමුත් මෙයට අපි වටහා ගැනීමේ පහසුවට විවිද නම් භාවිතා කරනවා. එනම් 'ආත්මය', ඉංග්‍රීසි බසින් 'SOUL' ලෙසද, අරාබියෙන් 'රූහ්' ලෙසද හදුන්වනවා. තව එක එක නම් ඇති.

ඔය අපි හදුන්වන සිත, ප්‍රාණය, පින් පව්, ඒ වගේම ආදරය කරුනාව, සිතුවිලි වැනි දේ ක්‍රියාත්මක වෙන්නෙත් ඔය අභ්‍යන්තර ශරීරය සමගයිය්. ඔය එකක් වත් මලකදත් එක්ක සම්බන්ද නැති නිසා මෙය ඇත්ත කියලා ඔබට වැටහෙයි.

ඔය අපි හදුන්වන ආත්මය, සිත, පන, සිතුවිල්ල, ආදරය, කරුණාව.... මේවාත් මගේ නිර්මාණ නොවෙයි.

මම දන්න තරමින් මගේ ආත්මයත් මම හදාගත්ත එකක් නෙවෙයි..
අනික ඔය ආදරය, කරුණාව කියන ඒවා මොන විදිහෙ සැලසුම් සහගත ව්‍යුහයන් තියෙන ඒවද කියලත් 'මම කියා ගන්නා අපි කිසිවෙකුත් දන්නෙ නෑ'.

සමහර ආගම් වල සඳහන් වෙනවා 'සිත තමාම හදා ගත්ත දෙයක්' කියලා. නමුත් එය හදන්න පටන්ගත්තෙ කුමණ අවකාශයේ සිටද යන්න සඳහන් වී නොමැත. අවකාශය ගැන ප්‍රශ්නය මතුවන්නෙ සිත විසින් අනිකුත් සියළුම දෑ පවා නිර්මාණය කරගත් බව ද සඳහන්ව තිබීමෙනි.

සාමාන්යයෙන් මිනිසෙකුට තමා දන්න දෙයක් නිර්මාණ කරන්න පුලුවන්. නොදන්න දෙයක් වෙත දන්න දේවල් හරහා ගොස් ඒ නොදැන සිටි දෙය ගැන දැන, පසුව නිර්මාණ කරන්නත් පුලුවන්. (ඇත්තම කියනවානම් මිනිසා නිර්මාණ  නෙවෙයි- පරිවර්තනයි කරන්නෙ). සමහර විට මිනිසා යමක් නිර්මාණ කිරීමට උත්සහ ගැනීමේදී බලාපොරොත්තු නොවුනු ප්‍රතිපල ලැබිලා නව සොයාගැනීම් ඇති වෙනවා. නමුත් මිනිසාට නොපවතින තත්වෙක ඉදලා නොදන්න දෙයක් කොහොමත් නිර්මාණය කරන්න බෑ වගේම, එහෙම දේවල් ඉබේම හෝ නිර්මාණය වෙන්නෙත් නෑ. ඉතින් 'මිනිසාගෙ හිත මිනිසා විසින්ම හදා ගත්තා' කියන තර්කය මට පිළිගත නොහැක. ඔබත් සිතා බලන්න. 

එනිසා මට පිළිගත හැකි මට්ටමින් තියෙන නිසා මේ ලිපිය ටිකක් ඉස්ලාමීය අදහසුත් එක්කයි මම ලියන්නෙ. කියන දේ ගැන කල්පනා කර බලන්න.

දැන් බලන් යද්දි බාහිර සහ අභයන්තර යන ශරීර දෙකම මගේ නෙවෙයි. දෙකම මගේ නිපැයුම් නොවෙයි. කොටින්ම කියනවා නම් ඔය දෙකම ගැන මම කියා ගන්නා අපට හරියට දැනුමක් වත්, අය්තිවාසිකමක් වත් නෑ...

එහෙනම් මම කියන්නෙ කාටද?????
දැන් ඔය විද්‍යාගාර වලම පිහිට පතන අයට වෙන්නෙ මෙය නොදැනගෙනම හිඳ මෙලොවින් සමුගන්නයි. මොකද ඔය දෙකම ගැන විද්‍යාව දන්න දෙයක් නෑ. ඔය දෙකම විද්‍යාගාර වල නිපදවන්නත් බෑ.
නමුත් එහෙම නිකම්ම මේ ලෝකෙන් සමු ගන්නෙ නැතිව මෙය යම් මට්ටමකින් හරි වටහා ගන්න උත්සහ ගමු.
මම පොඩි ක්‍රියාකාරකමක් ගෙන එය පහදන්න උත්සහ ගන්නම්.


බාබර් කෙනෙක් දැලි පිහියකින් වෙන කෙනෙකුගෙ රැවුල කපන කටයුත්ත ගැන ටිකක් විමර්ශනය කර බලමු.


  • බාබර් ජීවත් වෙන ලෝකය බාබර්ගෙද? නැත, එය එයාගෙ දෙයක් නෙවෙයි, එයාගෙ නිර්මානයක් නෙවෙයි.
  • සැලුන් එක තියෙන පොළොවත් බාබර්ගේ නෙවෙයි.
  • බාබර් භාවිතා කරන සියලුම ද්‍රව්‍ය වල මුලික අංශුත් එවාය්න් නිපදවූ උපකරණත් බාබර්ගේ නෙවෙයි.
  • බාබර්ගේ අත (ඇතුලුව බාහිර ශරීරය) ද බාබර්ගෙම ස්ව නිර්මාණයක් නොවෙයි. (මෙය ඉහත පෙන්වා දුන්නා).
  • බාබර්ගේ අත සහ බාහිර ශරීරයම මේ ක්‍රියාවට භාවිතා කරන යාන්ත්‍රනයත්, එයට අදාළ වන ප්‍රෝටීන, විටමීන් වැනි ශක්තීන්ද ඔහුගේම නිර්මාණ නෙවෙයි.
  • බාබර් මේ සදහා භාවිතා කරන කාලයත් බාබර් ගෙ නෙවෙයි.
  • මේ රෑවුල කපා ගන්න ආපු කෙනත් බාබර්ගේ නෙවෙයි.
එහෙනම් පැහැදිලිවම "මෙතන බාබර්ට අයි කිසිම දෙයක් නෑ".

බාබර් විසින් "මම තමය් බාබර්, මේක මගේ සැලුන් එක, මට රැවුල කපන්න පුලුවන්".. කියල කිව්වට මෙතන බාබර්ට අයිති දෙකුත් නෑ. එයාට කරන්න පුලුවන් දේකුත් නෑ.
'කරන්න පුලුවන් දේකුත් නෑ'.. කියන දෙයත් මම පෙන්වා දෙන්නම්. එනම්, මේතන තියෙන සියල්ල බාබර් නොවන වෙනත් කෙනෙකුට අයිති දෙවල් තමති තියෙන්නෙ.

දැන්, බාබර්ගෙ ආත්මය හෝ සිත හෝ පන කියන ඒවා අරන් බලමු.

මේ ආත්මයත්, සිතත් බාබර්ගේ නිර්මානයක් නොවෙයි කියලා මම කලින් පෙන්වා දුන්නා.
නමුත් බාබර්ලා එක එක විලාසිතා අනුව රැවුල් කපනවා අපි දැකල තියෙනවා.


  • එහෙනම් මේ බාබර් කියන්නෙ කව්ද???
  • මෙයා මේ ලෝකෙට ආවෙ කොහේ ඉදලද???
  • මෙයා මොනවද කරන්නෙ???
  • මෙයා කොහොමද මේ වැඩේ කරන්නෙ???
  • කුමන හේතුවක් නිසා මෙයා මෙහෙම දෙයක් කරමින් ඉන්නවද???
  • ඊට පස්සෙ මෙයා මැරුණම කොහෙටද යන්නෙ???
  • බාබර් මේවා මොකුත් හිතන්නෙ නැතිව ඉදලා මලොත් මොකද තත්ත්වෙ....?

ඔබේත් මගෙත් තත්වෙත් එයමයි...

දැන් අපි මේ ගැන ටිකක් හොයල බලමු.
මේ බාබර්ට අයිති නැති මම ඉහත කී සියල්ල කෙසේ හෝ බාබර්ට ලැබිල තියෙනවා. (මේ කෙසේ හෝ ලැබුනා කියන දෙය පසුව සාකච්චා කරමූ, නැත්නම් මේ ලිපිය දිග වැඩි වෙනවා). තම තමන්ගේ ඇදහිලි, ආගම් වලට අනුව මෙවා (කාලය, අවකාශය, ශක්තිය, වස්තූන්..අදිය) කෙසේ බිහි උනාද කියලා තම තමන් හිතා ගන්න. ඉස්ලාම් දහමට අනුව මෙවා සර්වබලධාරී දෙවියන්ගේ නිර්මාණ ලෙස හදුන්වය්..

මේ බාබර් ඔහුට ලැබුණු අභ්‍යන්තර හා බාහිර ශරීර භාවිතා කරමින් රැවුල කපන කටයුත්ත කරනවා.

දැන් තමයි අපිට "නියම බාබර් ව හදුන ගන්න" පුලුවන්.

බාබර්ට ලැබුණු ආත්මය තුල ඇති 'සිතින්' බාබර්ට යම් කිසි "නිදහස් සිතුවිල්ලක් ගැනීමේ අවස්තාවක් ඇති බව බාබර්ට වැටහෙනවා'.

මෙන්න මේ "නිදහස් සිතුවිල්ලක් ගැනීමේ අවස්තාව" පමනය් බාබර්ටම අයිති.
බාබර්ට අයිතිය් කියල කියන්නෙ හරියට ඉඩමක් ඔප්පුවකින් කෙනෙක්ට පවරා දුන්නම එය ඔහුට අයිති වෙනවා වගෙම දෙයක්. එහෙම අයිති උනා කියලා ඔහු එම ඉඩ්මේ නිර්මාතෘ වෙන්නෙත් නෑ. නමුත් ඔහු ඒ ඉඩම සම්බන්දයෙන් වගකීම් දරන්නා වෙනවා. නිර්මාතෘ තමාට අයිති කර දුන් නිදහස් සිතුවිලි ගැනීමේ අවස්තාවට හිමිකම් කියන්නෙත් අර ඉඩමට හිමිකම් කියනවා වගේ තමය්. එයයි ඔහුට අයිති. වෙන කිසිවක් ඔහුගේ නොවෙයිය. (මෙයට අනුව තමාට පවරා දුන් නිදහස් සිතුවිලි ගැනීමේ සීමිත අවස්තාව හැර වෙන කිසිවක් බාබර්ගෙ නෙවෙයි). බාබර් ලෙස පුද්ගලිකව හදුන්වා දෙන්න වෙන්නේ ඔය "නිදහස් සිතුවිල්ලක් ගැනීමේ අවස්තාව හා එය කිරීමට තමන් අදහස් කිරීම" නම් අපට නොපෙනෙන මේ අවස්තාවටයි..
ඔහුගේ වන්නෙ එය පමනයි..( එනම් 'මම' කියන්නෙ ඔය අවස්තාවටයි..)
ඔහු ව අපිට බාබර් කෙනෙක් ලෙස පෙනුනට, ඔහුට ඔහු බාබර් කෙනෙක් ලෙස හැඟුනට ඇත්තටම නම් ඔහු ඔහුගේ සිතුවිලි වලින් තම නිර්මාතෘගේ මහත් පරීක්ශනයකට ලක් වෙමින් ඉන්න අවස්තාවක් පමනය් මෙය.
දැන් ඔහු ඒ නිදහස් සිතුවිලි ගැනීමේ අවස්තාව ප්‍රයෝජනයට ගනිමින් අනිකුත් සියල්ල (උපකාර ලෙස, ඒවායේ නිර්මාතෘගෙන් ලබාගෙන රැවුල කැපීමට ඉදිරිපත් වෙනවා. ඔහුට ඔහුගේම භාහිර ශරීරයේ ඇති අත සොලවන්න වත් බැරි අසරනයෙක් බව ඔහුට වැටහෙනවා මොකද, ඒ අත පවා ඔහුගේ නොවෙය්. ඔහු ඒ සදහා එහි නිර්මාතෘගෙන් උදව් අරගෙන අත සොලවනවා.
දැන් ඔහු අදහස් කරන ආකාරයට (බාහිර ශරීරයේ නිර්මාතෘගේ උදව්වෙන්) දැලිපිහිය එහෙට මෙහෙට යවන්න තමගේ සිත ක්‍රියාත්මක කරනවා. ඔහුට පුලුවන් දැලිපිහිය අහවල් ස්තානයට ගෙනියනවා කියන අදහස ගැනීම පමනය්. එය ක්‍රියත්මක කිරීමට ඔහුගේ නොවන භාහිර ශරීරයෙන් උදව් අවශ්ය වෙනවා. මේ උදව් දෙන්නෙ බාහිර ශරීරයේ අය්තිකරුයි. ඔහුට පුලුවන් 'ඔහුගේ වෙන එකම දෙය වන නිදහස් සිතුවිලි ගැනීමේ අවස්තාව' උපයෝගී කරගෙන රැවුල කපනවාද බෙල්ල කපනවාද කියා තීරනය කරන්න. එම තීරනය පමනය් ඔහුට අය්ති වෙන්නෙ. (බොහෝ මුස්ලිම්වරු ඕනෑම වැඩක් ආරම්භ කිරීමෙදී බිස්මිල්ලාහ් හෙවත් දෙවියන්ගේ නාමයෙන් ආරම්භ කරමි කියා පටන් ගන්නේ මේ නිසයි). ඔහුගේ සෑම ක්‍රියාවකටම තම නිර්මාතෘ ගේ උදව් අවශ්යයයි. 
ඔහු රැවුල කපන අදහස ගෙන එය ඉතාමත් අවන්කව තම නිර්මාතෘ පවා සතුටු වන ලෙස කලා නම් ඔහු එයට නිර්මාතෘගෙන් කුසල් ලබා ගන්නවා. ඔහුට එම නිර්මාතෘ දෙනු ලබන කුසල් මෙලොවදී පෙනෙන්නෙ නෑ. ඔහුට පෙනෙන්නෙ අර සේවාලාභියා දෙන මුදල පමනයි. නමුත් නිර්මාතෘ ඔහුව මෙලොවට එව්වේ මුදල් හම්බ කරන්න නොවෙයි. ඒ එක් එක් මාර්ග වලින් තම නිර්මාතෘගෙන් කොපමන කුසල් ලබා ගන්නවාද බලන්නයි. එය ඔහු වටහා ගෙන හිටියොත් ඔහු ඉතාමත් හොද දේ පමනක් කරාවි. එය වටහා නොගෙන හිටියොත් නරක දේවලුත් කරයි..
ඔහු රැවුල වෙනුවට වෙනත් කාරනාවක් නිසා ඔහුගේ සේවාලාභියාව මරන චේතනාවෙන් ඔහුගේ බෙල්ල කපුවා නම් බෙල්ල කැපුවේ නිර්මාතෘ නොව, ඔහුයි. ඔහු එයට උදව් පවා ගත්තේ නිර්මාතෘ ගෙනුය්. නිර්මාතෘ එයට උදව් කලේ එහි පසුබිම ගැන ඔහු සියල්ල් දන්නා නිසයි.  (මෙය වෙනම කතා කලයුතු දෙයක්. ලිපිය දිග වැඩි වෙන නිසා ඒ ගැන නොලියමි). නමුත් නිර්මාතෘ හමුවෙ බෙල්ල කැපූ "පව" උරුම වන්නෙ ඔහුටයි. (ඉස්ලාමයට අනුව ඔහු එයට විනිස්චය දිනදී හේතු ඉදිරිපත් කල යුතුයි). මොකද, තමන්ගේම නිර්මාතෘගෙන් උදව් අරන් නිර්මාතෘගේ තවත් නිර්මානයක් ඔහු ගේ චේතනාව මත විනාශ කලා. මෙය බරපතල වරදකි. නිකරුනේ ගහක කොලයක් වත් කඩා විනාශ නොකල යුත්තේ මේ නිසයි. එනම්, තමන්ගේ නිර්මාතෘගෙන් උදව් අරගෙන නිර්මාතෘගේ තවත් නිර්මානයක් වන ගහේ කොලය නිරපරාදෙ කඩා දැමීමට තමා හේතු උනා. මෙය නිර්මාතෘ ගේ අමනාපයට හේතුවකි. එනිසා ඔහුට පව් ලබා දෙනවා ඒ සම්බන්දයෙන්.

ඕනම සිතුවිල්ලක් ක්‍රියාත්මක කරන්න නම් භාහිර වටපිටාවත්, බාහිර ශරීරයත් ආත්මය හා සිත නම් අභන්තර ශරීරයත් "තමාට ලබා දුන් අය්ති කරුගෙන්" උදව් ලබා ගන්න වෙනවා.
ඔහුගේ අවසන් තීරනය මත ඔහු බෙල්ල කපන්න තීරනය කලා නම් එයට ඔහුගෙ නිර්මාතෘ (කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ) සෘජුව හෝ වක්‍රව උදව් කර, ඔහු කල ක්‍රියාව පිනක් හෝ පවක් ලෙස ඔහුට භාර කරනවා. (මිනිසුන් හිතන හැම දේම ක්‍රියාත්මක කරන්න බැරි ඔහුට තම නිර්මාතෘගෙන් ඒ සදහා උදව් නොලබිමයි. .


තම නිර්මාතෘ (හෙවත් ඉස්ලාම් දහමට අනුව දෙවියන්), යමක් කිරීමට යන පුද්ගලයා ට ආකාර 4 කින් ප්‍රතිචාර දක්වනවා. 


  • ඔහු (එනම් නිර්මාතෘ හෙවත් දෙවියන්) කැමති දෙයක් කිරීමට මිනිසා අදහස් කලා නම් එය වෙන්න ඉඩ දෙනවා.

( සරල උදාහරනයකින් කියනවා නම්, දුප්පතෙකුට ආහාර වේලක් දෙන්න මිනිසා අදහස් කලා නම්, එම මිනිසාගෙ නිර්මාතෘ එයට කැමතියි,  ඔහු එයට උදව් කරනවා. එය වෙන්න ඉඩ දෙනවා. පසුව එම සිතුවිල්ල ගැනීම, නිර්මාතෘගේන් උදව් ගැනීම හා එය ක්‍රියාත්මක කිරීම මත මිනිසා මත පින් ගොඩ ගහනවා.


  • සමහර විට දෙවියන් කැමති දෙයක් කිරීමට මිනිසා අදහස් කලත් නිර්මාතෘ එය වෙන්න ඉඩ දෙන්නෙත් නෑ.
(දුප්පතෙකුට ආහාර වේලක් දෙන්න මිනිසා අදහස් කලා නම්, එම මිනිසාගෙ නිර්මාතෘ එයට කැමතියි,  ඒත් ඔහු එයට උදව් කරන්නෙ නෑ, එය වෙන්න ඉඩ ඉඩ දෙන්නෙ නෑ, (සමහර අයට යහපත් දේවල් කරන්න හිතුනට එවැනි දේ කරගන්න බැරි වන අවස්ථා අපි දකිනවා)
පසුව එම සිතුවිල්ල ගැනීම, නිර්මාතෘගේ න් උදව් ගෑනීමට උත්සහ කිරීම, හා එය ක්‍රියාත්මක කිරීමට උත්සහ කිරීම මත මිනිසා මත පින් ගොඩ ගහනවා.


  • දෙවියන් අකැමති දෙයක් කිරීමට මිනිසා අදහස් කලා නම් එහෙත් එය වෙන්න ඉඩ දෙනවා.
(උදා:- කිසියම් කෙනෙක් අදහස් කලා නම් තම නිර්මාතෘට බනින්නට, නිර්මාතෘ එයට අකැමතියි, නමුත් ඔහු එයට උදව් කරනවා, එයට ඉඩ දෙනවා, නමුත් මිනිසා මත පව් ගොඩ ගහනවා). මිනිසා දෙවියන්ට බැන්න කියලා දෙවියන්ට කිසිම හානියක් වෙන්නෙ නෑ, නමුත් එයින් මිනිසා මිනිසාටම හානි කරගන්නවා. ඇත්තටම දෙවියන්ට බනින අය කරන්නෙ දෙවියන්ගෙන්ම භාහිර හා අභයන්තර ශරීර ලබාගෙන දෙවියන්ම තමන්ට දුන් සීමිත නිදහසෙන් ප්‍රයෝජන ගෙන දෙවියන්ගේම උදව් අරන් දිව සොලවමින් දෙවියන්ටම බනින එකයි. දෙවියන්මය් ඔබට මේ වෙනුවෙන් පව් දෙන්නෙ. මේවා නොදන්න අය ඉතින් දෙවියන්ට බනිනවා. මේවට පිලිතුරු දෙන්න දෙවියො මේ ලෝකෙට එන්නෙ නෑ. පරලොවදි තමයි අල්ලගන්නෙ. එතෙක් අවස්ථාව දීල තියෙනවා.

  • දෙවියන් අකමැති දෙයක් කිරීමට මිනිසා අදහස් කලා නම් එය වෙන්න ඉඩ දෙන්නෙ නෑ.
(සරල උදාහරනයකින් කියනවා නම්, "මම" මගේ නිර්මාතෘව ප්‍රතික්ශෙප කරමින්, එහෙම නිර්මාතෘ කෙනෙක් නෑ කියමින්, වෙනත් පුද්ගලය්න්ව නමස්කාර කරමින් මගේ නිදහස් සිතුවිලි ක්‍රියාවට නගන්නට ඔහුගෙන්ම උදව් ගනිමින් කාලයක් හිටියා. ඔහු එයට අකමැතියි, එනිසා එය දිගින් දිගටම වීමට මට උදව් කලේ නෑ. එය දිගින් දිගටම වෙන්න දුන්නෙ නෑ. (හේතුව මගේ සිතුවිලි මම වෙනස් කර ගත් නිසා දෙවියන් මට උදව් කරන්න ඇති කියලයි මම හිතන්නෙ. නමුත් සියල්ල දන්නෙ ඔහුයි). එනම් මම මගේ නිර්මාතෘව පිලි නොගෙන ඉන්න මට්ටමක ඉදන් පිලිගන්න මට්ටමකට ආවා. මෙයටත් ඔහු මා මත පින් ලබා දෙනවා.

මෙසේ මිනිසා තම භාහිර ශරීරය අතහැර මෙලොවින් පිටත් වෙනකම්ම ඔහුගේ නිදහස් සිතුවිලි ක්‍රියාත්මක කිරීමට අවස්ථා ලබා දෙමින් ඒ සදහා උදව් දෙමින් ඒවා පින් හෝ පව් ලෙස ඔහු මත ම ගොඩ ගසා අවසානයේ මොලෙව හැර ගිය පසු ඒවා ඔහුට ප්‍රතිවිපාක ගෙන දෙන ඒවා බවට පත් වෙනවා.

ලිපිය දිග වෙන නිසා කෙටි සටහනකින් "මම කියන්නෙ කව්ද" කියලා නැවත සදහන් කරන්නම්.

"මම කියල කියන්නෙ එක්තරා නිර්මාණ කරුවෙකු (ඉස්ලාම් දහමට අනුව Allah) විසින් ඔහු අදහස් කල ආකාරයට හා ස්වරූපයකට කල එක් නිර්මාණයක්ය.

එය අපට නොපෙනෙන චින්තන ස්වභාවයක් වැනිය .අප සතු වන්නේ ඒ චින්තන ස්වභාවයෙන් ස්වයන් තීරන ගැනීමේ එක් සීමිත අවස්ථාවක් පමනි. (මම වන්නෙ එයයි). 

එය සහිත ආත්මය මම නොදන්නා තැනක සිට (ඉස්ලාම් දහමට අනුව දෙවියන් නිර්මාණය කල ස්ථානයේ සිට දේව දූතයන් විසින් රැගෙන විත් එයට යම් ක්‍රමයක් හරහා එනම් කලලයක් ලෙස පටන් ගෙන භාහිර ශරීරයක් හා භාහිර වටපිටාවක් එනම් ජීවත් වෙන්න පරිසරයක් ලබා දුන් පසු ඒ මත ක්‍රියාත්මක වී පින් හෝ පව් රැස්කර ගෙන වෙනත් අවස්ථාවක් දක්වා යන ගමනක යෙදෙන කෙනෙකි
ගමන කොහෙන් පටන් එන කෝහෙන් අවසන් වෙනවාද නම්, නිර්මාතෘ වෙතින් ආ අපි (දැන් ගමනක් යෙදී ඉන්න අතර නැවත අපි) නිර්මාතෘ වෙතම යන ගමනය් මේ සිදුවන්නෙ. 

"ඔබ ගමනක් යන්න බසයට ගොඩ උනා නම් ඒ බසය ඔබේ නොවෙය් වගෙය් මේ ගමනෙදිත් ඔබේ නොවන දේ බොහෝය. ඔබේ නොවන දෙය වටහා දෙන්නය් "මම කවුද" කියන මේ ලිපිය ලිව්වෙ.
මිනිසා ගේ හොඳ සහ නරක පමනක් ඔහු සමග ගමන් කර අවසානයේ තමන් මෙලොවදී උපයා ගත් දෙය මතම තමා ගේ ඉදිරි සදාකල් ජීවිතය ගොඩ නැගෙයි.
එහිදීත් තමාට නැවත භාහිර ශරීරයක් ලබා දී මේ දෙක එක්ව සදාකල් ඉඳීමට බාහිර පරිසරයක් හා අවස්ථාවක් ලැබෙනවා. අපි කැමති උනත් නැතත් මෙයය් අපේ ඉරණම.
තමාවත්, තමා සිටින වටපිටාවත් නිර්මානය කල ආකාරයත් නිර්මාණය කල අරමුනත්, එම අරමුන සාක්ශාත් කරගැනීමට තමා කෙසේ හැසිරිය යුතුද යන්නත් ගැන නිර්මාතෲම පනිවිඩ එවා ඇත. එයයි ඉස්ලාමීය පණිවිඩය. එය භාවිතා කිරීම හෝ නොකිරීමත් තමාගේ නිදහස් සිතුවිලි භාවිතා කිරීමේ අවස්ථාවට යටත් දෙයකි.

ඉස්ලාම් දහමෙ විස්තර කරන ආකාරයට "මගේ ගමන මෙලෙසයි"


  • නිර්මාතෘ විසින් තමාව ශරීරයකින් තොර අවස්ථාවක් ලෙස අහසෙහි යම් ස්ථානයක නිර්මාණය කිරීම.
  •  එය දේව දූතයන් වෙතින් රැගෙන විත් මෙලොවෙහි මවකගෙ ගර්භාශයෙහි ඇති කලලයෙහි තැම්පත් කිරීම
  • මවගේ ගර්භාශය තුල එක්තරා ජීවිතයක් ගත කිරීම. (එය මෙලොවට වඩා හාත් පසින්ම වෙනස් ලෝකයක් වැනි තැනකි, අපට මෙලොවට වඩා හාත් පසින්ම වෙනස්ලෝක ඈති බව වටහා ගෑනීමට ගර්භාශ අවදියම හොද උදාහරනයකි).
  •  භාහිර ශරීරයක් දී මෙලොව පරිසරයට මුදා හැරීම. එහිදී සිටිය යුතු ආකාරය ගැන උපදෙස් එවා ඇත. එයයි ඉස්ලාමීය පණිවිඩය.
  •  මරනින් පසු භාහිර ශරීරය අතහැර ආත්මය පමනක් 'බර්සාහ්' නම් ස්ථානයක ජීවත් වීම.
  • යම් දිනක නිර්මාතෘ ගෙ කැදවීම ලැබුනු පසු අප සියල්ල ඔහු ඉදිරියේ සිට ගැනීම.
  •  එදින අප මෙලොව කල දේ වලට ප්‍රතිපල ලබා ගැනීම.
  • මෙලොව දී නිර්මාතෘව ප්‍රතික්ශෙප කල අයව නිරයට සේන්දු කිරීම.
  • මෙලොව නිර්මාතෘව පිළිගෙන යහපත් ලෙස සිටි අයව ස්වර්ගයට සේන්දු කිරීම.
  • මෙලොව දී නිර්මාතෘව පිළිගෙන මුස්ලිමෙකු ලෙස හැසිරෙමින්, එහෙත්, අයහපත් දේ කර තිබුනා නම් ඒවාට වන්දි ලෙස සමාව හෝ දඩුවම් දී, (සමහර විට අපාගත කර) පසුව අවසානයේ ස්වර්ගයට සේන්දු කිරීම.
  • ඉන් පසු අපායට නියම වුවන් සහ ස්වර්ගයට නියම වූවන් දෙවියන් කැමති තාක් එහිම සිටීමට ඉඩ හැරීම.
මෙයයි අපේ ගමන...