09 October 2016

මම කවුද ? WHO AM I ?


මම කවුද ?   WHO AM I   ?


මම- ප්‍රභේද දෙකකින් සමන්විත බව අපට හැඟෙනවා.

බාහිර ශරීරය (පංචස්කන්ධය)
අභ්‍යන්තර ශරීරය (ආත්මය සහ සිත වැනි දෑ)
1. බාහිර ශරීරය

22 August 2012

ඔබේ මෙලොව සංචාරය !!!


Your journey in this life !!! 
"ඔබේ මෙලොව සංචාරයේ අරමුණ සහ පරලොවෙහි ස්වභාවය කුමක් ද" යන්න පිළිඹදව ඔබට නියම වැටහීමක් නොමැතිව ඔබ දවසින් දවස ගෙවා දමන්නේ නම්, ඔබ ඔබ පිළිබඳවම පසුවට පසු තැවෙනු ඇත.

අපි මෙලොව ජිවිතයේ අරමුණු කොට සළකා සීමා මායම් දමාගෙන සිටින පහත කරුණු දෙස බලන්න.

නිවසක්, වාහනයක්, රැකියාවක්, හොද ආදායමක්, හොද දරු පව්ලක්, හොද මානසික සැනසිල්ලක්, හොද ජිවිතයක් ආදිය සළකා බලමු.

අපි හිතමු මේ සියල්ලම හොදටම තිබුනා කියල. වැඩිය එපා, ජනාධිපතිකමක්ම ලැබුණා කියල හිතමු.

මේ සඳහා ද මෙලොවට අපි පැමිණියේ ?

19 August 2012

"නැවත හැරීම" යනු කුමක්ද ?



What does "reverts" mean?

මගේ 'නැවත හැරිම' යනු කුමක්ද කියා පැහැදිලි කිරීමක් කරනවානම්, මෙය මගේ ඉරණම සම්බන්දයෙන් සිදුවූ සුවිශේෂම අවස්ථාවයි.

මෙයට 'ආපසු හැරිම' ලෙසින්ද කිව හැක. 'ආපසු හැරීමක්' නිසා සම්පුර්නම හැරීමක් බවත් 'නැවත හැරීමක්' නිසා 'පෙර සිටි' තත්වයකට 'නැවත පැමිණීමක්' බවත් අදහස් වෙනවා.

කුමක්ද මේ පෙර සිටි තත්වය.

07 July 2012

මොහම්මද් නබි (සල්) තුමා කව්ද ?




Who is Prophet Muhammad?

අපි එදිනෙදා විවිධ අවස්ථාවල විවිද පුද්ගලයන්ව සිහිපත් කරනවා. වැඩිවශයෙන් බෞද්ධයන් බුදුන් වහන්සේවද, කිතුනුවන් ජේසු (ඊසා අලෙය්) තුමාවද, මුස්ලිමුන් මොහම්මද් නබි () තුමාවද, සමහරු ක්‍රිකට් ක්‍රීඩකයන් වද, සමහරු නළු නිලියන්වද, රූපවාහිනී ගුවන් විදුලි පුවත්පත් වල නම් එදිනෙදාට ගැලපෙන අයුරින් විවිධ චරිතද ඉස්මතු කරලා සිහිපත් කරනවා.

වර්තමාන ලොවේ ජනගහනයෙන් අති මහත් ජනතාවක් මෙතුමාව අන් කිසිම පුද්ගලයෙකු සිහි නොකරන විශේෂ ක්‍රමයකට සිහිපත් කරන බව ඔබටද අත්විදිය හැක.

03 July 2012

කුරානයේ විද්‍යාත්මක හෙලිදරව්වන්


Scientific Revelations of the Qur'an.
මෙය ඉතාමත්ම සිත් ඇදගන්නා සුළු මාතෘකාවකි. විද්‍යාව නොදියුණු ඈත ඉතිහාසයේදීට වඩා අද මෙය ඉතාමත්ම කාලෝචිතය.

අද විද්‍යාව මිනිසාව අන්ද මන්ද කරන තරවටම දියුණු වෙලා තියෙන්නේ.

අපි මුලින්ම විද්‍යාවේ සහ කුරානයෙ මුල හොයල ඉමු.

විද්‍යාව මේ විශ්වය හෝ පෘතුවිය තුල එය පටන් ගත්ත දවසේ ඉදලම තිබුන දෙයක් බව කව්රුත් දන්නවා. නමුත් යම් දෙයක් විද්‍යාත්මකය් කියල මිනිසාට වැටහෙන්නේ මිනිසා විසින් එය විද්‍යාත්මකව තහවුරු කරගන්න උත්සහ ගන්න විට හෝ තහවුරු කරගත්තට පසුවය්. එතෙක් එය විද්‍යාත්මකය් කියල කව්රුත් කියන්න යන්නේ නෑ.

01 July 2012

කුරානය යනු කුමක්ද ?



What is the Quran?

මෙය විවිධ පැතිකඩ වලින් හදුන්වා දෙන්න පුළුවන්. අපි දන්නා තරම් ඈත අතීතය දක්වාම සහ මෙම පෘතුවිය තුල අප නොදන්නා ඉතිහාසයේ කෙලවර හෙවත් පෘතුවියේ ආරම්භය දක්වාම දිව ගියත් එදා මෙදා තුල පෘතුවිය තුල වූ සියළුම දෙයට වඩා බැබලුණා වූද, පෘතුවියෙහි අවසානය දක්වාම බබලන්නාවුද "මහා ප්‍රාතිහාර්ය" ලෙස මෙය හදුන්වදෙන්නත් ඔප්පු කරලා පෙන්නන්නත් පුළුවන්.

30 June 2012

විශ්ව දහම සරළව අවබෝධ කරගැනීමට උත්සාහ කරමු.


Let's try to understand Universal Dharma simply.
අපේ 'අතක්' දෙස මදක් සිත යොමුකර බලන්න....

නමන්න දිගහරින්න කරකවන්න ආදී වශයෙන් අපට එය හසුරුවන්න කොතරම් පහසුද. මෙය පොදුවේ ගත්කල අප පෘථිවිය තුල කුමන කාලයක, කුමන තරාතිරමක, කුමන ප්‍රදේශයක ජිවත්වන කෙනෙකුට උනත් වෙනසක් නැහැ.

29 June 2012

මෙම බ්ලොග් අඩවියේ අරමුණ!

Purpose of this blog!
මගේ ආගම කුමක්ද?

ඔබ සම්බන්දව නම් මෙම ප්‍රශ්නයට පිළිතුර ක්‍ෂණයකින් ඔබේ සිහියට නැගෙනු නොඅනුමානය. නමුත් මෙය නැවත ඔබ ඔබෙන්ම අසාගත යුතු ප්‍රශ්නයක් බව මම ඔබට ඉඟි කරමි.
මගේ ආගමමගේ ඉරණමයි.