22 August 2012

ඔබේ මෙලොව සංචාරය !!!


ඔබේ මෙලොව සංචාරයේ අරමුණ සහ පරලොවෙහි ස්වභාවය කුමක්  යන්න පිළිඹදව ඔබට නියම වැටහීමක් නොමැතිව ඔබ දවසින් දවස ගෙවා දමන්නේ නම්ඔබ ඔබ පිළිබඳවම පසුවට පසු තැවෙනු ඇත.අපි මෙලොව ජිවිතයේ අරමුණු කොට සළකා සීමා මායම් දමාගෙන සිටින පහත කරුණු දෙස බලන්න.හොද නිවසක්හොද   වාහනයක් ,හොද රැකියාවක්හොද ආදායමක්හොද දරු පව්ලක්හොද මානසික සැනසිල්ලක්,හොද ජිවිතයක් ආදිය සළකා බලමු. අපි හිතමු මේ සියල්ලම හොදටම තිබුනා කියල.වැඩිය එපා. ජනාධිපතිකමක්ම ලැබුණා කියල හිතමු. මේ සඳහා ද මෙලොවට අපි පැමිණියේ ? මෙයට වඩා ගැඹුරු අර්ථයක් තිබිය නොහැකිද?
 පිළිතුර සෙවිය  හැක්කේ විද්‍යාවෙන් හෝ තාක්ෂණයෙන් නොවආගම ධර්මය තුලිනුය්නමුත් ආගම ධර්මය හරහා අපිට කියනදේ  අන්ධ භක්තියෙන් පිලි නොගෙන ඒවා පිළිඹදව යම් නිගමන වලට පැමිණීමට විද්‍යාව හා තාක්ෂනය උපයෝගී කරගත්තට වරදක් නැත යනුය් මගේ අදහස.එනිසා නව දැනුමත් විචාර බුද්ධියත් යොදවමින් අප අවට තියෙන ප්‍රධාන ආගම් වලින් මේ පිළිඹදව අපට කියන දේ පිළිබඳව විමසා බලමු.
ඉතාම සරලවම කියනවානම් ඒ ඒ දහම් තුලින් අපට මෙවැනි අදහස් දී ඇත , …..
1.   බුදු දහමට අනුව
සංසාරේ යන දීර්ග ගමනේ මේ එක ජිවිතයක් පමණි .කරන හොද නරක අනුව සංසාරය කෙටි හෝ දිර්ග වියහැක .කැමති අයට උත්සහ ගත්තොත් දුක් සහිත මේ සසර ගමන  ඉක්මනින්ම නිවනින් අවසන් කරගත හැක.
2.   කිතු දහමට අනුව.
මේ ජීවිතය දෙවියන් අපට  දුන් වරප්‍රසාදයකි. ජේසු (ඊසා අලෙය්තුමා මිනිසාගේ පව් වෙනුවෙන් ජිවිතයෙන් වන්දි ගෙවන ලදී. එතුමාව පිළිගෙන මෙලොව  ජිවත් වී මියගිය පසු ස්වර්ගයේ සිටින එතුමා වෙත යාමට අවස්ථාව ලැබෙනු නියතය. (ජේසු තුමා එසේ කිව්වා යැය් මා නොකියමිනමුත් ඕවුන් එසේ කියය්)                     
3.   ස්ලාම් දහමට අනුව.
දෙවියන්  මිනිසාව  නිර්මාණය  කර  පරීක්ෂණයක්  සදහා  මෙලොවෙහි  ජිවත් වීමට  අවස්ථාවක්  දී  ඇත . මරණින්  පසු  සියල්ලගේම  ක්‍රියා  කලාප  සැලකිල්ලට  ගෙන ඔවුන්ව  ස්වර්ගය  හෝ  අපාය  වෙත  යොමු   කෙරෙනු  ඇත . දෙවියන්ගේ  කැමැත්තට  අනුව   එහි  සදාකල්  සිටිය  හැක .
මේ  කුමන  කාරණයක්  බැලුවත්  පැහැදිලි  වන්නේ  මෙලොවට   වඩා  පරලොව  තත්වය  වැදගත්  තැනක්ගන්න  බවය් .කොටින්ම කියනවනම්  මෙලොව  ජිවිතයට තිබිය යුතු  අරමුණ  විය  යුත්තේ  පරලොව  තමාට  ලැබෙන  තත්වය  කුමක්ද  යන්න  පිලිබදව  දැනගෙන    අනුව  ජිවත්  වීම  බව  පැහැදිලිය් .
බුදුන් වහන්සේගේද  ජේසු  [ඊසා අලෙය් ] තුමාගේද  මොහම්මද් නබි  [සල් ]තුමාගේද ඒකායන  අරමුණ උනෙත්  පරලොව තමාගේ තත්වය කුමක්ද යන්න මිස මෙලොව තත්වය නොව. ඉතින්  එතුමන්ලාට  දරය කරන , එතුමන්ලව විශ්වාස කරනඑතුමන්ලාගේ  දහම් අනුගමනය කරන අපගේ මෙලොව ජිවිතයේ අරමුණ විය යුත්තේද එයම  නොවේද ? එනම් පරලොව  තමාට  ලැබෙන  තත්වය  කුමක්ද  යන්න  පිලිබදව  දැනගෙන  ඒඅනුව  ජිවත්  වීමට වෙර දැරීම නොවේද ?
නමුත්  ඉහත  පරලොව ස්වභාවයන් තුනම හරියන්න විධියකුත්  නැහැ . (වෙනත්  විශ්වාස  අපි  මදකට  පසෙකින්  තබා  අපිට  පුරුදු  ප්‍රධාන  ආගම්  තුන  ගැන  විතරක්   මෙහිදී  සළකා  බලමු ).
මෙය්න්  අපට  පහත  නිගමනවලට  පැමිණිය  හැක .
1)   එකිනෙකට විරුද්ධ මත / අදහස් තුනක් නිසා   ඒවා තුනම එකවර හරි යන්නට බැහැ.
2)  දෙකක් හරි යන්නත් බැහැ 
3)   එක  කොටසක්  නිවැරදි  නම්  අනිකුත්  කොටස්  දෙක  නොමග  ගොස්   .
4)   එසේ නැත්නම් මේ කොටස් තුනම නොමගෙහිය 
මෙය  බැරෑරුම්  තත්වයකි . එනිසා  මෙලොව  සංචාරයේ  අරමුණ  ගැන  සොයා  බැලීම  ඉතාම වැදගත්  බව  පෙනෙය් .
කිසිවෙක්  කිව්ව  පලියට , අපේ  වැඩිහිටියෝ  හරිය කියල කිව්ව පලියට, පොත්  පත්වල  සදහන්  වෙලා  තියෙනවා  කිව්ව පලියට සොයන්නේ බලන්නේ නැතුව උඩ බලන් සිටීම අනුවන කමකි .
ගෙවල් දොරවල් යාන  වාහන දරු මල්ලෝ සියල්ල දාල යන දේවල්. එනිසා  ඒවා ගැන දක්වන උනන්දුවට වඩා අපි මරණින් පසු යාමට නියමිත තැන ගැන හරියට කරුණු  සොයා බලා එයට කල්තියා සුදානම් වීම තමය් ණුවනට හුරු වන්නේ. 
මම  එක  උදාහරණයක්  කියන්නම් .
ඔබට  විශ්වාස  ඔබේ  ආගමේ  සදහන්  දෙයය් . එය  සාධාරනය් . නමුත්  එය  100% නිවරදිය්  කියා  කීමට  තරම්  සාධක  ඔබලග  නැත්නම් , ඔබ  වරදිය්  කියල  හිතන   මාර්ගයක්  හරි  යාමේ  අවස්ථාවක්ද  තිබෙනවා  නේද . පහත  කරුණු   දෙස  විමසිල්ලෙන්  බලන්න .
1)   බුදු  දහමට  අනුව  සංසාරේ  සැරිසරන  කතාව  නිවැරදි  නම්   අනිකුත්  මාර්ගවල  සිටින  අයද  සංසාරයේ  ගමන්  කරාවි  , සමහර  විට   ඊළඟ  ආත්මයකදී  ඔවුන්  බුදු  දහම  පිළිගැනීමට  ඉඩක්  තිබිමටද  පුළුවනි යැය්  උපකල්පනය  කල  හැක.  එනිසා  තත්වය  එතරම්ම  ගැටළු සහගත නැහැ . පහු වෙලා හරි අවස්ථාව උදාවෙන්නට ඉඩ තියෙනවා. මොකද සංසාරේ ඉතාම දිගය්. අනික තව බුදුවරයෙකු පහල වෙන්නටත් කල් තියෙනවා .
2)  කිතු  දහමේ  කතාව  නිවැරදි  නම්  ජේසු (ඊසාඅලෙය් ) තුමාව  විස්වාස  කල  හොද  නරක  සියල්ලම  මරණින්  මතු එතුමා වෙත අනිවාර්යයෙන්ම යන  අතර අනිකුත්  සියල්ල  ස්වර්ගස්ථාන  නොවනු  ඇත .(මෙතැනදී මට මතුවන ගැටලුව නම් ස්වර්ගය ඉතාම සුකෝපභෝගී බව දන දැනත්  ජේසු (ඊසාඅලෙය් ) තුමාව  විස්වාස කරන අය පවුල් පිටින්ම හෝ තනි තනිවම  සිය දිවි නසාගෙන හෝ එහෙ යන්නේ නැතුව තව දුරටත් මෙහෙ ඉන්නේ මොකද කියලය්) . 
     (ජේසු [ඊසාඅලෙය් ] තුමා,   මුස්ලිමුන්   විස්වාස  කරන  ආකාරයට දෙවියන්ගේ  දුතයෙකි ).
3)  ස්ලාම්  දහමේ  කතාව  සත්‍ය  උනොත්  දෙවියන්ව   සහ  ඔහුගේ  දුතයන්වද පුස්තකද විශ්වාස  කර  හොද හෝ   නරක  කල  සියල්ලට  එම   ක්‍රියාවන්ට  සරිලන  ප්‍රතිපල (ත්යාග හෝ දඩුවම් )    ලබාදී  පසුව  ස්වර්ග වලද   ද  තරාතිරම් වලට අනුව  සදාකල්  සිටීමට  අවස්ථාව  ලබා දෙනු ඇත . අන්  සියල්ල  තම  නිර්මත්රුව  ප්‍රතික්ෂේප  කල  එම  එකම  හේතුව  නිසාම   අපාගත  වෙනු  ඇත . මෙම මෙම තත්වය  ඉතාම බරපතලය. .මෙය සත්‍ය උනොත් ඔබ යන්නේ කොහෙටද කියා බලන්න.මොකද ඔබ ඔබේ නිර්මාතෘ ව ප්‍රතික්ෂේප කරමින් සිටින කෙනෙකි.  දෙවැනි අවස්ථාවක් නෑ.  ආය සත්‍ය  හොයන්න හෝ කල වරද නිවැරදි කරගන්නට අවස්ථාවක් හෙවත් ආත්මයක් ද නැහැ. ( "ස්ලාම්"   කියන කතාව හරි ගියොත්) තත්වය  ඉතාම බරපතලය. .
ඔබ  ඔබේ  දහම   කෙතරම්ම   නිවරදිය්  කියා  හිතාගෙන  හිටියත්  “ස්ලාම්  සැමවිටම  කතාකරන  පැහැදිලි  සාක්ෂි  සහිතව ” කියන  කතාව  ඔබට   සුළුවෙන්   තකන්නට  බැහැ . ඉස්ලාම්  එසේ  පැහැදිලි සාක්ෂි  සහිතව  කිය  කියා  කරුණු   ඉදිරිපත්  කරන  විටත් සොයන්නේ බලන්නේ නැතුව ඔබ  එය   ප්‍රතික්ෂේප  කිරීම  පසෙකින්  තිබ්බත්  ඔබේ  යුතුකමක්  තමය්  තමා  හරිය  කියන , මුල මැද අග සම්පුර්නය් කියන  දහමේ  මොනවද  තියෙන්නේ  “ පැහැදිලි  සාක්ෂි  සහිතව කියන්න  පුළුවන්  දේවල්  කියල ටිකක්  හොයල  බලන  එක. මෙය  කියවන  ඔබට  හමු   උනොත්  මටත්  එම  කරුණු  e mail කරන්න  කියල ඉල්ලීමක්  ද   කරන්න  කැමතිය් . මමත් දැනගන්න කැමතිය් .මොකද  මගේ  අරමුණ  වන්නේ   ආගමක්  ඉස්මතු  කර  කතා  කිරීම  නොවේ . අපේ  බුද්ධියට  , විචාර  බුද්ධියට  , නුතන  විද්‍යාව , ආදියට ගැලපෙන  අයුරින්  කරුණු  තියෙන්නේ  මොන  ආගමේද  එයය්  පිළිගැනීමට  සුදුසු  වන්නේ   යන්නය් ”. 
අපි  දැන් එක එක  ආගම්  මෙලොව  ජිවිතයේ  අරමුණ  ගැන  කියන  කතා  එකින්  එක ගෙන , ගැඹුරට  නොගිහින්  සරලව  විමර්ශනය  කර  බලමු .
1.             බුදු  දහමට  අනුව " සංසාරේ  යන  දීර්ග ගමන" පිළිබඳව කියන කතාව අපි විචාරයට ලක් කර බලමු. එවිට පහත සදහන් කරුණු පිළිබඳව තොරතුරු හොයන්න වෙනවා. මේ සඳහා අපි නුතන දැනුම භාවිත කලාට  ප්‍රශ්නයක් වෙන්නේ නැහැ  .  

  • සංසාරේ පටන් ගෙන තියෙන්නේ කොහෙන්ද  ? 
  • මේ පෘතිවියෙමද නැත්නම් වෙන කොහේ හරි දිහාවකද
  • මොන ක්‍රමයට ජීවින් ,  ශාක බිහි වෙලාද
  • මේවායේ  ආත්මාවන්    එකවරම  ඇති  උනාද  ? 
  • මුලින්ම  ආත්මය   සහ ජීවිතය  ආරම්භ  වෙලා තියෙන්නේ මොන ස්වරූප  වලින්ද
  • ඒවාට විවිධ   හැඩ  රුව ,  අංග  ලක්ෂණ ලැබෙන්නේ මොන පදනම යටතේද
  • මිහි මත සිටින සෑමජිවියෙකුටම සරිලන විධියට පරිසර තත්ත්ව ද සමාන්තර ආකාරයට ගැලපෙන්නේ කුමන කාරණය  මතද ? 
  • මේ  කුසල්ය  මේ  අකුසල් ය වශයෙන් බෙදා වෙන් කලේ කව්ද
  • කුසලක් හෝ අකුසලයක් කරන විට එය සටහන් කරගන්නේ කව්ද ?   
  • එක  ආත්මයකදී   සහ පෙර  ආත්මවල   කල කුසල්  අකුසල්   නිවැරදි ලෙස වෙන්කරන්නේ කව්ද
  • මොන පදනම යටතේ   මොන නිතිය    යටතේ එය සිදුවන්නේද  ?   
  • ගබඩා  කර සුරක්ෂිත  කර ඊළඟ  ආත්මය හෝ  ආත්ම    වෙත  මනා  සැලසුම්  සහගත ලෙස ගෙන ගොස්  බෙදා  හරින්නේ  කව්ද
  • මිලියන  කෝටි  ප්‍රකෝටි  ගණනින්   සහිත  ජිවිත  ( ශරීර ) තිබෙන  වටපිටාවක්  තුල  තමාට  සුදුසු තමාටම  නිශ්චිත  වූ   ජීවිතය ( ශරීරය  ) බිහිවීමට අදාල වන මව සහ පියා සොයා දෙන්නේ කව්ද ? 
  • කුසල් අකුසල් වල තත්වය සලකා ආත්මාව යොමු කර ශරීරය උපද්දවන්නේ  එළුවෙකු  ලෙසද මෝරෙකු ලෙසද නැත්නම් කොකු පනුවෙකු ලෙසද කියා තීරණය ගන්නේ කව්ද ? සතුන්ගේ  සහ ශාකවලද බැක්ටීරියා වෛරස් වලද ඇති විශ්මිත ශරීර නිර්මාණය කලේ කව්ද ? මේවා සිත  මගින් නිර්මාණය වුනු දේවල්ද ?  
  • ඈත  භවයකදී  කල ක්‍රියාවකට  වර්තමාන  ජීවිතයේදී  ප්‍රතිපල දෙන  තෙක් කුසල් අකුසල් යන  එම දත්ත   සුරක්ෂිත කලේ  කොහෙද  ? 
  • එය මොනතරම් සංකීර්ණ දත්ත ගබඩාවක් විය යුතු නොවේද
  • එම සැකසුම නිර්මාණය කලේ කව්ද ?   
  • මෙම  ක්‍රියාවන්  නිසි  අයුරින් ක්‍රියාවට  නගන්නට  අණ සහ උපදෙස් දෙන්නෙක්  සිටිනවද  ? මේ සදහා වෙනම කණ්ඩායමක් සිටිනවද ?  
  • මේ සෑම ආත්මවකටම  (ජිවිතයකටම )  අවශ්‍ය  ආහාර  නවාතැන්  ලබා දෙන්නේ කව්ද ? කල්ප  ලක්ෂ  ගණන්  ( නුතන විද්‍යාව  අපට කියන ආකාරයට පෘතුවිය  බිහිවෙන්නත්  කලින් සිට වූ  ) ඈත ඉතිහාසයක  සිට එන  ආත්මවන්  සියල්ල නිවන්  යන්නට  පෙර සූර්යයා  මිය  ගොස් එහි   ක්‍රියාව   අවසන්  උනොත් ඇතිවන  තත්වය කුමක්ද  ?   
  • සංසාර  ගමනේ  අතර මගදී  මුළු  ලෝකෙම  අළු  දුවිලි  වෙලා ගියොත්  ඒ හේතුවෙන්  මිය ගිය  ජිවිත  වල   එම ආත්මවන් යන්නේ කොහාටද  ? 
  • ඉපදෙන්නට  තැනකුත්  නැතිනම්  , නිවන් යන්නට කුසලුත්  නැතිනම් අතරමන් වෙන මෙම කොටි ප්‍රකෝටි ආත්මවන් වලට වග  කියන්නේ  කව්ද
  • ඔබත් මාත් එතන හිටියොත් අපි දෙන්නගෙත් ආත්මාවන්ද අනතුරේ නේද  ?
  • එවිට එම ආත්මවන්  රැක  බලාගන්නේ  කව්ද
  • එවිට ඇතිවන තත්වය  මෙහෙයවන්නේ  කව්ද ? ................


දැන් ඔබට වැටහෙනවද බුදු දහමට අනුව සංසාරේ ගමනක් යන ඔබට වර්තමානේ නතර වෙලා ඉන්න ගමන් පිළිතුරු සොයන්න තියෙන ප්‍රශ්න කොපමණද කියල..   
දහමේ මුල මැද අග සම්පුර්න නම්  මේවටත්  පිළිතුරු  තිබිය  යුතුය්  කියලය් මගේ පෞද්ගලික මතය. පිළිතුරු ආගමික   විද්වතුන්ගෙන්  ඉල්ලා  සිටින්න. ඒවා  සංකීර්ණය, ඒවා  තේරෙන්නේ  බුද්ධිය තියෙන අයට  විතරය, කියල  ඇඟ  බේරගන්න  දෙන්න  එපා ..මේවා ගැන හොයන්න යන්න එපා, මෙය්න් මිදෙන ක්‍රමය ගැන හොයන්න ,එයය් බුදුන් ගේ දේශනය කියල ප්‍රශ්නෙන් ලිස්සල යන්න දෙන්න ත්  එපා.   
අපි හදිසි අවස්ථාවකට ගන්න මුදල් තැම්පත් කරනවා.  . සමහරු රක්ෂණ සහතික ගන්නවා. ගිනි නිවන උපකරණ සුදානම් කරලා තියෙනවා, තත්වය එසේ නම්  ( දහමද  මුල මැද අග සම්පුර්න නම්) මම ඉහත කියූ ආකාරයට හදිසියේ ලෝක විනාශයක් උනොත් හැසිරෙන්නේ කොහොමද කියලත් දහම තුල සදහන් වී තිබිය යුතුය්.


  • පසේ ක්ෂාරය උරාගෙන බීජයක් ලොකු වෙනවා .. එහි ඵල අපි ආහාරයට ගන්නවා ,
  • පසුව අපි මියැදෙනවා, අපි පොළොවට පස් වෙනවා. ..පසේ සංයුතියත්, ඵලවල සංයුතියත් , අපේ සිරුරේ සංයුතියත් අතර තියෙන්නේ මනා ගැලපිමකි 
  • සූර්යා ලෝකය පතිත     වූ විට ශාක තම ආහාර නිපදවා ගන්නවා  .. ජලය වාෂ්පීකරණය වෙලා ජල චක්‍රය ක්‍රියාත්මක  වෙනවා, පෘතුවිය බ්‍රමණය වෙන නිසා දිවා රාත්‍රී   ඇ ති වෙ න වා ...නිසා සතුනට විවේකයක් සහිත රාත්‍රිය උදා වෙනවා. 
  • ගුරුත්වාකර්ෂණය නිසා අපි පොළොවෙහි  සිටගෙන  සි ටි න වා .
  • මද සුළඟ, මනරම් වට පිටාව, අහිංසක සතුන්ගේ මිහිරි නාද , කඳු, ගංගා, දිය ඇ ලි .මොන තරම් සැලසුම් සහගත වටපිටාවක්ද ... 
  • එකීනෙකා  අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ විශ්මිත බව මෙපමනය් කිව හැකිද .... මේවා නැරඹීමට, ඇසීමට, මේවා සමග කාලය  ගතකිරීමට අප සතු විශ්මිත අවයව .... ආදරය, කරුණාව, මව්පිය සෙනෙහස .....
  • මේවා කොහෙන් ආපුවාද ? ... . මේවා අතර තියෙන සම්බන්දතාව කොහොම ඇති උනාද ?. මේවා අතර මනා පාලනය කෙසේ සිදුවන්නේද  .......                                මේ මොකුත් කතා නොකර "මේ ජීවිතය කුණු ගොඩකි, දුකකි, ජරාවකි, මෙම ජීවිතය අපවෙත ලැබිල තියෙන්නේ මහා පව්කාර කමකටය, මෙය අවසන් කර දැමිය යුතු එකකි,   සදහා පහත ක්‍රමය අනුගමනය කරන්න... කියල අපිට උපදෙස් ලැබුනත් අපේ විචාර බුද්ධිය වර්ධනය වෙනවිට  අපි එම කියමන් පිළිබඳව ටිකක් සොයා බලන්න ඕනි නේද ? මේ තරම් සංකීර්ණද, විශ්මිතද , වටිනාකමින් උපරිමද වන ජිවිතයක් ලැබිල තියෙන වෙලාවේ, අපි එය කුණු කන්දක්, ජරා ගොඩක් කියල ජීවිතෙන් පැනල යන්නේ නැතුව එහි යථාර්ථය හොයාගෙන එම වටිනා ජිවිතයෙන් උපරිම පල නෙලා ගැනීමට යුහුසුළු වෙන එක  නොවේද බුද්ධිමත්  කම.


අපි දැන් කිතු දහම ට අනුව මෙලොවේ සංචාරය  කෙසේ විය යුතුදැය් කියල  දැනගන්න උවමනා ද  කියල විතරක් බලමු.
කිතු දහම කොටස් රාශියකට බෙදී ඇති නිසා කුමන කොටස ගැන කතා කරනවද යන්න ගැටලුවකි.

  1. සමහරු ජේසු තුමාව අනුගමනය කරන බව පවසය්.   
  2. තවත් සමහරු මරිය තුමියව අනුගමනය කරන බව පවසය්.  
  3. තවත් සමහරු ත්‍රිත්වයක් ගැන  පවසය් .දෙවියන් නමදිනවා කියල පිළිම වන්දනාවේ යෙදෙය්. මෙය  අවුල්සහගත  තත්වයක් ලෙස මටද පෙනෙන නිසා,පොදුවේ  කතාකිරීම  පහසුය්.
කිතු දහමේ ප්‍රධාන භූමිකා ලෙස දෙවියන් වහන්සේවද, ජේසු තුමාවද, මරිය තුමියද, මෝසෙස් තුමා සහ ඉබ්‍රාහිම් තුමාවද ශුද්ධ වූ පැරණි හා අලුත් බය්බල් තෙස්තමෙන්තුද සැලකිල්ලට ගත හැක.
කිතුදහම තුල සිට මෙම කරුණු දෙස බැලීමට ගියොත් සත්ත්‍ය අසත්‍ය ලෙස පෙනෙන්නට බොහෝ විට ඉඩ ඇති නිසා ඔබ කිතුනුවෙක් නම් මදකට ස්වාධින මට්ටමකට පැමිණ හැඟීම් වලට වහල් නොවී පක්ෂක්ග්‍රාහී   නොවී, කිතු දහම තුලම තියෙන ග්‍රන්ථවල සත්‍ය ඉතිහාසයද, සත්‍ය තොරතුරුද, සත්‍ය දේව  ධුතවරයන් ගැනද, සත්‍ය දෙවියන් පිළිඹදවද විමර්ශනාත්මකව කරුණු සොයා බලන්න. පහත කරුණු කෙරෙහි සැලකිලිමත්  වන්න .
1.   ජේසු තුමා, මෝසෙස් තුමා, ඉබ්‍රාහිම් තුමා , මරිය තුමිය යන චරිත පිළිඹදව සත්‍ය කරුණු සොයා බලන්න .එනම් මේ අය දෙවි වරුද, දෙවියන්ගේ ආත්මද, දෙවියන්ට සමීප කරවන අතර මැදියන්ද ,නැත්නම් විශේෂත්වක් තියෙන මිනිසුන්මද කියල හොයල බලන්න. 
2.   ශුද්ධ වූ  බය්බලයේ "ශුද්ධ" භාවය ගැන කරුණු සොයා බලන්න. ( එනම් දෙවියන් ගේ වචන පමණද එහි අන්තර්ගත වන්නේ. නුසුදුසු, නොවටින ,නොගැලපෙන ,වැරදි  සහිත  කරුණු එතුල ඇත්නම් එම වචන කෙසේ එයට ඇතුලත් වෙලාද කියල හොයන්න .
3.   ත්‍රිත්වය  යන්න  කුමක් ද  කියල පවසන  කෙනාටත් අහගෙන ඉන්න කෙනාටත් යන දෙදෙනාටම එය පැහැදිලි ව තේරෙන දෙයක්ද යන්නත් සොයා බලන්න. 
ඉහත  කරුණු වලට පිළිතුරු සොයා යාමේදී  කිතු දහමේ නිවැරදි මග ස්ලාම් දහමේ ගමන් මග බව අවභෝධ කර ගැනීම අපහසු නොවෙනු ඇත . එනම් ඔවුන් ස්ලාමේ දහම් මගෙහි ම පැමිණ වෙන වෙන අසම්පුර්ණ අපැහැදිලි මාර්ග වලට හැරී ගිය කොටස් බව පැහැදිලිය.
එනිසා කිතු දහම හදුන්වා දෙන මෙලොව  සංචාරයේ අරමුණ  ගැන සොයා බැලීම තේරුමක් නැති දෙයක් යය් මම අදහස් කරමි.  
(කිතුනු සහෝදරයන් මා සමග අමනාප වෙන්න  එපා, දහම කියන්නේ ඉරණමය් . මම කියන්නේ සොයා බලන ලෙසය් . ඔබේ ඉරණම ගැන සොයාබලන  එක ඔබේ යුතුකමය් . හැඟීම් වලට වහල් වෙන්න එපා.අවේග ශීලි වෙන්නත් එපා .නිවැරදිව හෙව්වොත් ඔබට නිවැරදි මග හමුවේවි.)
ස්ලාම්  දහම පැහැදිලි ලෙස ශාක්ෂි ඉදිරිපත්  කරමින් ස්ථාවරව කියා සිටින්නේ  ආදම් (අලෙය් ) තුමාද  , ඉබ්‍රහිම් (අලෙය්) තුමාද  මෝසෙස්  (මුසා අලෙය් ) තුමාද ,ජේසු (ඊසා අලෙය්  ) තුමාද , සහ තවත් එවැනි  නබි වරු ද  එම  නබි වරුන්ගේ  පෙළෙහි අවසන් නබි මොහම්මද් (සල්) තුමා ද     දෙවියන්  වහන්සේ හෙවත් මෙම විශ්වයේ අධිපති මෙන්ම විශ්වයේ මැවුම් කරු වන එකම දෙවියන් (හෙවත් අල්ලාහ්) විසින් මෙලොවට පහල කල දේව දුත වරයන් බවත්, ඔවුන්ව  හෝ වෙන කිසිම  මැවීමක්  නැමදීම් වලට ලක් නොකරන ලෙසත් අල්ලාහ් ට පමණක් අවනතවන ලෙසත්  දෙවියන් දැනුම් දී ඇති බවද, බය්බල් පැරණි සහ අලුත් තෙස්තමේන්තු ලෙස  හදුන්වන්න්නේ එම අල්ලාහ් විසින්ම පහල කල තව්රාත්, ඉන්ජිල් නම් දේව ග්‍රන්ථ මිනිසුන් විසින් වෙනස් කරනයන්ට ලක් කල තත්වයක තිබෙන නිසා ශුද්ධ තත්වයෙන් පවතිනවද යන්න පැහැදිලි ලෙස සැක සහිත  බවත් සහ අවසන් නබි හෙවත් මොහම්මද් (සල්) තුමාට පහල කල දේව ග්‍රන්ථය  හෙවත් ශුද්ධ වූ අල් කුරානය කිසිඳු වෙනසකට හෝ  හානියකට ලක්  නොවී සැමදා ශුද්ධ තත්වයෙන්ම පවතින බවත් ය.

එනිසා ස්ලාම් දහමට අනුව මෙලොව  සංචාරයේ අරමුණ ගැන දැනගැනීමට කාලය මිඩංගු කිරීම වඩා උචිත බව පැහැදිලිය.
එසේම, මෙය කියවා අවසන් වන විත් මා ඉහත බුදු දහමට  අනුව මතුකළ ප්‍රශ්න වලටද පිළිතුරු ඔබට ලැබේ  යය්  මම විස්වාස කරමි.
මුලින්ම ඔබ  හීනෙකින්වත් නොහිතන දෙයක්  මම ඔබට මතක් කර දෙන්නම් . එනම් ,මේ පොලොව මත සිටින සියලුම ජීවින් ගෙන් මිනිසා ඉතාම  ශ්‍රේෂ්ටත්වයෙහී ලා සැලකීම අපි කව්රුත් කරන දෙයක්..තිරිසනුන් ඇතුළු අනිකුත් ජීවින් අපට වඩා පහත් කොට සලකය්. මොකදඔවුන්ට  අපට  මෙන් හොද  නරක තෝරා ගැනීමේ  නිදහස මෙන්ම තීක්ෂණ  බුධ්ධියද ,මිනිසාට  මෙන් අධික මතක ශක්තියද, විචාර බුධ්ධියද, සුවිශේෂී නිර්මාණ ශීලි හැකියාවද, සිතු සිතු ආකාරයට සම්පත් ප්‍රයෝජනයට ගැනීමේ හැකියාවද, තව නොයෙකුත් පහසුකම් ද නැත .නමුත් අප මෙන්ම ඔවුනුත් මෙම  පොලොව මත යම්කිසි ආයුෂ ප්‍රමාණයක් හිඳ අප මෙන්ම ඔවුනුත් මේ පොළොවටම පස් වෙනවා .ඔවුනුත් අපිත්  දෙගොල්ලොම මේ  එකම පොළොවටම යනවා. නමුත් පොළොවට ගියාට පස්සේ මේ දෙගොල්ලන්ගේ තත්වය ගැන ඔබ දන්නේ මොනවද?. කව්ද  ශ්‍රේෂ්ට , කව්ද පහත්, … මෙය ඔබ  හීනෙකින් හ‍රි හිතපු දෙයක්ද ?
බලන්න මොකද වෙන්නේ  කියල  දිගටම  කියවන්න .
ඉස්ලාම් දහමට අනුව, විශ්වයේ මහා මැවුම්කාර දෙවියන් හෙවත් අල්ලාහ් මෙම විශ්වය මෙන්ම අපට අදාල පෘථිවියද ඉර හඳද  ගහ  කොලද සතා සිව්පාවද අනිකුත් සියලුම දේ (හෙවත් සමහරු පවසන ස්වභාව ධර්මය) ද කිසියම් පැහැදිලි හේතුවකට නිර්මාණය කර පිලිවලකට විසිරුවා හැර සියල්ල තම  පාලනයට නතුකර , එම පෘථිවිය වෙත මිනිසා නම් ජිවියව ද පැහැදිලි කාරණාවකට මවා පරීක්ෂණයක් / පරීක්ෂණ අවස්ථාවක් බවට පත කර  නියෝජිතයෙකු ලෙස ඒවා ඇත. ජනගහනය ලෙස බෝ කර විවිධ ප්‍රදේශයන්  තුල ව්‍යාප්ත කර ඇත. පළමු මිනිසාගේ සිට අවසන් මිනිසා දක්වා වූ සෑම මිනිසෙක්ම ( කුමන තරාතිරමක වුවද, සමේ පැහැය කුමක් වුවද, කුමන පරිසරයක , කුමන කාලයක  ජිවත් උනාද , ඔහු  හෝ ඇය)  මෙම පෘථිවියෙහි නියෝජිතයෙකි . ඔහුට හෝ ඇයට නියෝජිත භාවය දැරීමට නියමිත ආයුෂ කාලයක් ඇත .නියෝජිත භාවය කෙසේ කරනවද යන්න තම තමන්ගේ ආත්මයට භාර දී ඇති අතර ඒ සඳහා ක්‍රියාත්මක වීමට පසෙන් නිර්මාණය කල ශරීරයක් හෙවත් යන්ත්‍රයක් ද දී ඇත .එම  යන්තරයට අනිකුත් සතුනට මෙන් පොදු අවයවම සවිකර තිබුනත් හදවතට සහ මොලයට සුවිශේෂත්වක් ඇති කර චිත්ත පරිශුධ්ධත්වයද, හොද නරක පිළිබඳව දැනුමද, ආදරය කරුණාව මෛත්‍රිය ඉවසීම අනුකම්පාව ආදී යහ ගුනධර්මද වෛරය ක්‍රෝධය  ඉර්ෂියාව ආදී දෙයද සතුනට වඩා වැඩිවශයෙන් එක්කොට බුද්ධි මට්ටමද ඉහල අගයක් කොට ඇත. මේ සියල්ල හැසිරවීමේ නිදහසද දී ,එම ශරීරයට අවශ්‍ය ආහාරද පසින්ම නිර්මාණයකර  විවිධ ස්වරූප වලින් ලබා දී ඇත .අනිකුත් පහසුකම් ද සියල්ල ලබා දී ඇත. මිනිසාට නියෝජිත භාවය හරි විධියට දරන්නේ කෙසේද යන්න පිළිඹදව තම හර්ද ශාක්ෂියට අමතරව භාහිර වශයෙන් දේව දුත වරයන් සහ දේව ග්‍රන්ථ මගින් දැනුම්ද දී ඇත. මිනිසාගේ දැණුම ,ශ්‍රවන පරාසය, දෘෂ්ටි පරාසය හා ඉසිලීමේ ද  ක්‍රියාකිරීමේ හැකියාවද  සිමා සහිත කර, නොමග යාමේ මාර්ගද ඇතිකර නොමග කුමක් දැය් පහදා දී ,යහපත් ආකාරයද  පෙන්වා දී, තම නියෝජිත භාවය කෙසේ පවත්වාගෙන යන්නේ දැය් දැඩි පරීක්ෂණයකට ලක් කර ඇත .මිනිසාට හොද හෝ නරක  කැමති දෙයක් කල හැක. නමුත් මිනිසා එළිපිට හෝ රහසින් කරන සියල්ල කෙරෙහි දෙවියන් අවධානයෙන්  සිටින බවද දනුම් දී ඇත .නියෝජිත භාවය අවසන් වූ පසු හෙවත් ආයුෂ අවසන් වූ පසු යන්ත්‍රය හෙවත් ශරීරය නැවත පස වෙතම යවාආත්මය හෙවත් "තමන්" පෘථිවිය  තුල තම නියෝජිත  භාවය කෙසේ  ඉටුකලේ දැය් ගණන්හිලව් බේරන තෙක් බර්සාහ් නම් මිනිවල තුල යම් කිසි ජිවිත කාලයක් ගතකල  යුතුය් .
ඉන් පසු යම් දිනක, දෙවියන් සියලුම ජීවින් හෙවත් "ආත්ම" කැඳවා නැවත පසින්ම තමතමන්ගේ ශරීර තම තමන්ගේ  ආත්ම වලට ලබාදී, ගණන් හිලව් බේරීමේ දිනය හෙවත් විනිශ්චය දිනය පවත්වනු ලබය්.


මෙදින ඔබ පොලොව මත එදා හිටපු තිරිසනුන්ට සතා සිව්පාවට වඩා අසරණ තත්වයකට සහ තැති ගැන්මකට ලක් වීමට ඉඩ ඇත. මොකද ,ඔබය් පෘතුවිය මත හිටපු බුද්ධිමතා .ඔබටය් සියල්ල නතුකර දීල තිබුනේ .එනිසා සතා සිව්පාවට වඩා ඔබය් දැඩි ප්‍රශ්න කිරීමකට ලක් වනුයේ . මදකට  සිතන්න, අපි පහත් යැය් සලකන පුසෙකුට වඩා උසස් අපි මේ පොලොව මත වැරදි කරන්නේ නැතිද ? අපි බොරුම කීයක් නම් කියල ඇතිද? අපි හිතෙන් කොතරම් වැරදි කරලා ඇතිද ? මේ සියල්ල දෙවියන් නොදන්නවා නොවේ .මේ  සියල්ල ඉතිහාසයට එකතුවෙලා අහෝසි උනා නොවේ .ඔබ  හෝ මම තනියම අන්දකාරය තුල කල පාපකර්මයක් හෝ කුසලක් අන්දකාරය තුලම යට ගියා යැය් සිතනවද, එසේ නොව , එය දෙවියන්ගේ සටහන්පොට ඇතුල් වී හමාරය් .අද නුතන මිනිසාගේ තොරතුරු පටිගත කිරීමේ සහ දත්ත ගබඩා කර තැබීමේ හැකියාව කෙතරම් තික්ෂනද. තත්වය   එසේනම් මුළු විශ්වයම නිර්මාණය කල දෙවියන්ගේ එම හැකියාව කෙසේ විය හැකිද ? දෙවියන් සියල්ල කෙරෙහි බලසම්පන්නය. ඔහු සියල්ල ශ්‍රවනය  කරන්නාය, ඔහු සියල්ල දකින්නාය  
පහත කුරාන් වැකියන් දෙස බලන්න.“බෙල්ල පිටුපසින් ඇති පන නාලයට වඩා අපි ඔබට ඉතාමත් සමීපව සිටින්නෙමු ,දකුණු පැත්තේ කෙනෙකුද වම පැත්තේ කෙනෙකුද වශයෙන් දෙදෙනෙකු (ඔහුහ්ගේ ක්‍රියාවන් සටහන් කරමින් )සිටින්නෝය .මිනිසා කුමක් කීවද (එය ලිවීමට) බලාපොරොත්තුවෙන් සිටින කෙනෙකු ඔහුගේ සන්නිධානයෙන්  නැත්තේ  නොවේ –(අල් කුරාන් 50:15-18)

මෙලොව සංචාරයේ අරමුණ කුමක්ද  යන්න වටහා ගැනීමට නියමිත වෙලාව දැනුය් . එනම් මරණින් මතු අපව නැවත නැගිටුවා දෙවියන් හමුවේ ඔහු විසින් අසනු ලබන ප්‍රශ්න සදහා පිළිතුරු දීමට සුදානම් වීම සහ එහිදී ඔහුගේ තෘප්තිය දිනාගෙන ඔහු විසින් දෙන්නට පොරොන්දු වී ඇති ත්‍යාග ( හෙවත් සදාකල් ජීවිත්විය හැකි ස්වර්ගය) ලබාගැනීමේ අරමුණ විය යුත්ය්. දෙවියන්ගේ කෝපයට ලක් ව අපාගත වීමෙන් වැලකි සිටීමට ක්‍රියා කල යුතුය්.  දෙවියන් විසින් මෙවැනි ප්‍රශ්න අපෙන් අසනු ඇතැය් අපට අල් කුරාන් මගින් සහ පිළිගත් හදිස් හෙවත් නබි (සල්) තුමා ගේ  වදන් වලින්   දැනගන්නට ලැබී ඇත. මෙහිදී මම සරල අදහසක් පමණක් ඉදිරිපත් කරන්නම්   .
?දෙවියන් විසින් විනිශ්චය දිනයේදී මෙවැනි ප්‍රශ්න ඇසුවොත් ඔබ ඒවාට පිළිතුරු දීමට සුදානම් ද                                                                                                                                        


 දෙවියන් හෙවත් තම නිර්මාතෘ ගැන 
1.   පෘතුවිය තුල ජිවත් වූ කාලය තුල ඔබ ඔබේ දෙවියන්ව නිවැරදිව හදුනා ගැනීමට ක්‍රියාත්මක උනාද ?
2.   දෙවියන් ව හදුනා ගැනීමට තිබුණු පැහැදිලි සාදක ඔබ දුටුවාද ?
3.   දෙවියන්ගේ වදන් හෙවත් පුස්තකද, දෙවියන් විසින්  එවූ පැහැදිලි සාක්ෂි සහිත නබිවරු / වක්තෘවරු/ දේව ධුතයන් කෙරෙහි ඔබ විශ්වාස කර ඔවුන්ව අනුගමනය කලාද ?
4.   ඔබ ඔබේ දෙවියන්ව හදුනා ගත්තාද ?
5.   ඔබ ඔබේ  දෙවියන්ට කලයුතු යුතුකම් ඉටු කලාද ?
6.   ඔබ  කල වැරදි වලට දෙවියන්ගෙන් සමව අයැද සිටියාද ?
7.   දෙවියන්ගේ ඒකීය  භාවය ඔබ පිළිගත්තද ?
8.   ඔබ දෙවියන්ට සමානයන් තැබීමෙහි නිරතව සිටියාද ?
9.   ඔබ දෙවියන් ප්‍රතික්ෂේප කළෙහිද (එනම් දෙවියන් හැර වෙන අයට  හෝ දේ වලට නමැදුම් කලාද ) ?
ජීවිතය ගතකල ආකාරය ගැන 
1.   ඔබ ඔබේ තරුණ කාලය  කෙසේ ගත කලාද ?
2.   ඔබ ඔබේ වටිනා විවේක කාලය කෙසේ ගත කලාද ?
3.   ඔබ ඔබේ දැනුම බුධ්දිය කෙසේ භාවිතා  කලාද ?
4.   ඔබට ලැබුණු සම්පත් , ධනය ,තනතුරු , බලය  කෙසේ  පරිහරණය කලාද ?         

යුතුකම් ඉටුකිරීම ගැන 
    ඔබ ඔබ කෙරෙහි යුතුකම් නිසිපරිදි  ඉටු කලාද  ?
1.   ඔබ ඔබේ පවුල කෙරෙහි ,දරුවන්  කෙරෙහි යුතුකම් නිසිපරිදි ඉටු කලාද ?
2.   ඔබ ඔබේ දෙමාපියන් ,ලේ  නෑයන් කෙරෙහි යුතුකම් නිසිපරිදි ඉටු කලාද ?
3.   ඔබ  ඔබේ අසල්වාසීන් කෙරෙහි යුතුකම්  නිසිපරිදි ඉටු කලාද ?
4.   ඔබ ඔබේ සේවකයන් කෙරෙහි /සේවා හිමියන් කෙරෙහි  යුතුකම් නිසිපරිදි ඉටු කලාද ?
5.   ඔබ දුගී දුප්පතුන් , අසරණයන් ,කෙරෙහි යුතුකම් නිසිපරිදි ඉටුකලද ?
6.   ඔබ  සතුන් කෙරෙහි ,ගස් කොලන් කෙරෙහි නිසිපරිදි  යුතුකම් ඉටු කලාද ?
7.   ඔබ ඔබේ පරිසරය කෙරෙහි නිසිපරීදි යුතුකම් ඉටු කලාද ?
8.   ඔබ ඔබේ ආගම (ස්ලාම්) වෙනුවෙන්  නිසි  පරිදි යුතුකම් ඉටු කලාද  ?
9.   ඔබේ සාශ්තෘවරයා කව්ද ? ඔහු  වෙනුවෙන්  ඔබ යුතුකම් ඉටු කලා? (එතුමා අපට ඉගැන් වූ ආකාරයට අපේ ජිවිත සැකස ගැනීම ,එතුමාට දෙවියන්ගෙන් ආශීර්වාද පැතීම වැනි දෑ  කිරීම) 
මිට අමතරව ඔබ කල සියල්ල ගැන  ප්‍රශ්න කෙරෙනු ඇත.
තාක්ෂනය අතින් උපරිම ජපනාට තවමත් එක පණුවෙක් තරම් ජිවියෙක්ව හදාගන්න බැහැ. මොකද දෙවියන්ගේ නිමවුමක් වූ පණුවා ගේ සිරුරේ  තියෙන තාක්ෂනය නුතන ජපාන ගේ තාක්ෂනය අභිබවන්නකි. එහෙය්න් බුද්ධියෙන් ද  දනුමෙන්ද උසස් ඔබ පෘතුවිය මත නියෝජෝතයෙකු වශයෙන් සිටින අවස්ථාවේ  දෙවියන් ඔබට දී තිබෙන නිදහස අයුතු ලෙස භාවිත කරමින් අහිංසක සමනලයෙකු නිකරුනේ මරා දැම්මා නම් ඔබත් සමනලයත් අතර එම ගනුදෙනුව දෙවියන් විසින් විසදා යුක්තිය ඉටු කරනු ඇත. දෙවියන් සර්වසාධාරණ බව ත් කිසිඳු ජීවියෙකුට අසාධාරණයක් නොකරන බවත් කුරානය තුලින් පවසා ඇත.  මිනිසුන් ලක්ෂ ගණන් මැරූ හිට්ලර්ට සෑම මිනිසෙකු වෙනුවෙන්ම පිළිතුරු දිය යුතු වෙය්. ප්‍රභාකරන්ටද එසේ මය, ඔහුගේ පිළිතුරින් දෙවියන් සතුටු නොවුනොත් එම මැරූ සෑම මිනිසෙකු වෙනුවෙන්ම සහ ඔවුන් මත යැපුන සහ ඔවුන්ගේ සෙනෙහස පවා අහිමිව අසාධාරණයට ලක්වුනු මැරුණු අයගේ සමාජයේ සිටි සියල්ලටද වෙන් වෙන් වශයෙන් වන්දි ගෙවීමට සිදුවෙනු නොඅනුමානය. දැන් ඔබට ප්‍රභාකරණේ මරණින් මතු ජීවිතය ගැන සුළු වැටහීමක් ලැබෙන්නට ඇති සිතමි. ඔහු අල්ලාහ්ව ප්‍රතික්ෂේප කල එම මහා පාපය නිසා සදාකල්  අපාගත වනවා පමණක් නොව අන් වැරදි නිසා අපායේ ධරුනු වද හිංසා වලින්ද  අඩුවක් නොවනු ඇත. බුදු දහමේ සදහන් අපායේ හැඩරුව ඔබේ සිහියට එනු ඇතැය් සිතමි. එය මහත් අභාග්‍යකි .වැරදි කරන අය දෙවියන්ට භිය විය යුතු නොවේද ?   ඇතැම් මිනිසුන් එළිපිට බෝධිසත්ව ලක්ෂණ පෙන්නමින් යටින් මොනතරම් දරුණු අපරාද දුෂණ වංචා කරමින් ඉඳල මහජනතාවගේත් රජයේත් නීතියේත් ඇස්වලට වැලි ගහල අන්තිමට රාජ්‍ය ගෞරව මැදින්ම අවසන් ගමනුත් යනවා. පසුව පිලිමෙකුත් හැදෙනවා. මල් මාලත් වටෙනව්ව. සමහරු නමස්කාරත් කරනවා. නමුත් එය අවසන් ගමන නොව. නියම ගමනේ ආරම්භය තමය් මෙලොව ජිවිතයේ අපිලබන මරණය. මිනි වල තුල කොටසකුත් දෙවියන් ඉදිරියට පැමිණි  කල සියල්ලත් දිගහැර එලියට  දාපු දවසටය් තමා කල කි දේවල බරපතලකම වැටහෙනුයේ .
අපට මෙම ජීවිතය  සදහා පෘතුවිය තුල ලබා දී තිබෙන සම්පත් සහ අවස්ථාවන්ගේ උච්චත්වයේ තිව්‍රතාවය ගැන සලකා අප කල කුඩා පාපය උවත් දෙවියන් කුඩා කොට නොසලකන බවත්, එසේම කුඩා කුසලයද ගුණාත්මකව වැඩිකර සලකන බවද පවසා ඇත. එහෙය්න්, ඔබ ඉතා අමාරුකම් තියෙද්දිත් දුප්පතෙකුට ආහාර වේලක් ලබා දුන්න නම් ඒ වෙනුවෙන් ඔබට කව්රුවත් මල්මාල  දාල පත්තරේ දාන්න උවමණා  නැහැ. කව්රු දැක්කේ නැතත් එය දෙවියන් හමුවේ මහත් කුසලකි. එහි   ප්‍රතිපල ඔබ විනිශ්චය දිනයේදී ලබනු නොඅනුමානය. මෙවැනි යහගුණ ද දෙවියන් නැමදීමේ ලක්ෂණයක් කොට ස්ලාම් සලකය්. එනම් දෙවියන්ගේ තෘප්තිය ලබන්නට කල හැකි සෑම ක්‍රියාවක්ම දෙවියන් නැමදිමකි. එනිසය් අල්ලාහ් කුරානය තුලින් පවසා ඇත්තේ මිනිසා (සහ ජින් වර්ගය) නිර්මාණය කිරීමේ හේතුව "මට නැමදීමට හැර මා මිනිස්  සහ ජින් වර්ගයාව මැව්වේ නැත" (අල් කුරාන් 51:56 )

බලන්න දෙවියන්ගේ සැලැස්ම කොතරම් ලස්සනද, කොතරම් සාධාරණද, කියල.
මෙම විශ්වය තුල අපට අදාල සියල්ල (සමහරු පවසන සොභාව ධර්මය) විශ්මිත අයුරින් සකසා එය අපට කැමති විධියකට පරිහරණය කරන්න ට නතුකර දීලා විවිධ අවස්ථාවන් විවිධ ස්වරුපයන්ගෙන් ඇතිකරවා  එතුල දෙවියන් සතුටු වෙන  ආකාරයට ජිවත් වන්නේ කව්දය් තේරීමට පරීක්ෂණයක් ආකාරයට අප ලෙසින් මෙම ආත්ම මවා අපට ඉතා අගනා අවස්ථාවක් උදාකර දී, ජයග්‍රහණය හෝ පරාජයද අපටම භාරකාර ඇත. මෙය දෙවියන්ගේ කැමත්තය්. දෙවියන් ඔහුට සිතු සිතු දේ කල හැකි තරම් බලසම්පන්න බව පවසය්.

දෙවියන් විශ්වාස කර යහපත් ක්‍රියාවල යෙදුනු පුද්ගලයන් ස්වර්ග වැසියන් ලෙසින්ද, දෙවියන්ව නිසි අයුරින්ම විශ්වාස කර දෙවියන්ගේ දහම තුලම සිටිමින් යම් යම් වැරදි කළවුන් ට එම වැරදි වලට දෙවියන් ගේ කැමැත්ත පරිදි සමාව හෝ දඩුවම් ලබාදී අවසානයේදී හෝ ස්වර්ගයට යොමු කරන බවත්, දෙවියන් ප්‍රතික්ෂේප කර වැරදි කළවුන් පරාජිතයන් (නපුරු මැවීම්) ලෙසින් සලකා  නිරයට විසි කරනු ඇත. එසේම හොද වැඩ කෙතරම්ම කලත් දෙවියන්ව ප්‍රතික්ෂේප කල අයට (එම පාපය බරපතලම පාපයක්, වරදක් ලෙසින් සලකන හෙයන් ඔවුනට) ද සමාවක්  නැත..ඒ බව අල්ලාහ්  කුරානය තුලින්ම පවසා ඇත. මෙයද දෙවියන්ගේ කැමත්තය්.

නමුත් මෙලොව සියල්ලටම (එනම් අල්ලාහ්ව පිළිගත් සහ අල්ලාහ්ව ප්‍රතික්ෂේප කල සියල්ලට ) අල්ලාහ් එක හා සමානව ආදරය දක්වන බවත් පරලොවදී අල්ලාහ් ආදරය දක්වන්නේ මෙලොව  අල්ලාහ්ට ආදරය කල අයට පමණක් බවද පවසය්. 
බුදු දහමට අනුව ඉහත මා සදහන් කල සියලුම ප්‍රශ්න වලට පිළිතුරු දැන් ඔබට හමුවන්න ඇතය් හිතමි.( නැවත වරක් සංසාර ගමන ගැන කියවන්න )
මේ සොභාව ධර්මය කියන්නේ දෙවියන්ගේ සැලස්මය්. වෙන කිසිවක් නොවෙය්. 
මේ ජීවින් වෙන කොහෙන්වත් අවේ නැහැ. දෙවියන් වෙතිනුය් ආවේ. 
මේ ජීවින් සියල්ලගේම තියෙන සුවිශේෂත්වය නිකම්ම ඇති උනේ නැහැ. එය අල්ලාහ්ගේ හෙවත් දෙවියන්ගේ මැවීම් ය .
මොවුන්ට අවශ්‍ය ආහාර ඇතුළු පහසුකම් නිකම්ම ලැබෙන්නේ නැහැ, අල්ලහ්ගෙන්ම මිස. මොවුන් මැරුණම වෙන කොහෙවත් යන්නේ නැහැ ,අල්ලාහ් වෙතටම මිස. 
මේ ඉර හඳ ඇතුළු මුළු විශ්වයේම පාලනය නිකම්ම වෙන්නේ නැහැ, මේ සියල්ල මෙතරම් ලස්සනට ක්‍රියා කරවීමට දෙවිගොල්ලෝ ගොඩක් නැහැ, කොටින්ම පාලකයෝ (දෙවිවරු) දෙන්නෙක් හෝ  හිටියනම් කොතනකින් හරි අවුලක් හටගන්න ඉඩ තියෙනවා. මේ විශ්වයටම සිටින්නේ එකම දෙවියෙක් පමනය්. ඔහු අල්ලාහ් මිස වෙන කව්ද

අල්ලාහ් හැර වෙන කිසිම දෙවියෙක් කුමන ආකාරයකින් හෝ අපව පැහැදිළි සාක්ෂි  සහිතව අමතා තිබෙනවද. 
අපි ගල් වැලි යොදල රූප හදාගෙන අපිම  වැදුම් පිදුම් කරන දේවල් දෙවි ගොල්ලොද ? පලතුරු වට්ටියක් එනකන් බලන් ඉන්න අය දෙවි ගොල්ලොද
කපු මහත්තය ගේ භාෂාව විතරද දෙවියන්ට තේරෙන්නේ
සල්ලි වැඩිපුර දෙන අයට දෙවියෝ ගොඩක් උදව් කරනවානම් ඒ දෙවියෙක් ද
මේ සියල්ල ව්‍යාපාර මිස වෙන කිසිවක් නැතය් අද මගේ ස්ථාවරය. 
අල්ලාහ් මේ සියල්ලගෙන්ම සුවිශුධ්ධය. ඔහුට සමාන කිසිවක් හෝ කිසිවෙක් හෝ කිසි දෙවියෙක් හෝ  වැදුම් පිදුම් කිරීමටද වැදුම්  පිදුම් ලැබීමටද වෙන කිසිවෙක් නැත. ( ලා ඉලාහ ඉල්ලල්ලාහ්)  
එවන් අල්ලහ්ව ප්‍රතිෂේප කර අපි කොහේ නම් දුවන්නද. ඔහුගේ දහම ස්ලාම් නම් , ස්ලාම් දහමෙන් තොර කාගේ දහම කෙරෙහි අපි විශ්වාසයක් තැබිය හැකිද . එනිසය් මම කියන්නේ දහම   කියන්නේ තමාගේ ඉරණම බව.
බලන්නමෙලොව සංචාරයේදී අපි විසින් සොයා  බැලිය  යුතු ද, දැනගත යුතුද , සුදානම් විය යුතු ද කරුණු . නමුත් අපි අන්දයන් වගේ හති දාගෙන දුවන්නේ වෙන වෙන දේවල් වලට පිළිතුරු  හොයාගෙන නොවේද
ඔබ අද ජනාධිපති උනත් පරලොවදී ඔබට එය ප්‍රයෝජන වත් වෙන්නේ නැහැ ඉහත කරුණු කෙරෙහි ඔබ නොසැලකිලිමත් නම්.  මෙලොව මි හරක්  බලාගන්න කෙනෙක් උනත් ඔබ දෙවියන්ගේ මාර්ගයේ ස්තිර ප්‍රතිපත්තිය පිහිටුවමින් ඉන්නවනම් ඔබ මෙලොවදීත් කිසිවෙකුට හිස නැමිය යුතු නැත. දෙවියන් ගේ මාර්ගයෙන් පිට සිටින රාජ්‍ය නායකයෙකුට වඩා ඔබ මෙම පොලොව මත සිටින උසස් කෙනෙකි. ඔබේ ආර්ථික හිඟකම, දුෂ්කර ජිවන රටාව, හෝ කරගැට සහිත දෑත යන කිසිවක් ඔබේ කර්මය නිසා හෝ පෙර කල පව් නිසා නොව, එයය් දෙවියන් ඔබට දුන් පරීක්ෂණය. ඔබේ දෑස ද නොපෙනේ නම් මෙලොව වශයෙන් ඔබ කම්පා විය යුතු නැහැ, එයය් දෙවියන්ගේ පරීක්ෂණ ස්වභාවය. ඔබේ දරුවා අකාලයේ මිය ගියානම් හෝ නිවස ගංවතුරට ගහගෙන ගියානම් , එයද දෙවියන් ඔබව පරික්ෂ කරන ආකාරයකි, දෙවියන්ගේ පරීක්ෂණය ඉතාම ශුක්ෂම බව වටහාගන්න.

 කිසිඳු දෙයක් නැතුව ඉපදුනු ඔබ නැවත කිසිදු දෙයක් ද නැතුවම යලි මිය යනු ඇත. ඒ ඔබගේ පරීක්ෂණ කාලයය්. පරීක්ෂණයෙන් පලා යාමටද බැරිය. නැවත පරික්ෂණයන් ලැබෙන්නේද නැත. ඉන් පසු ලැබෙන්නේ ප්‍රතිපලය්. මරණින් මතු විනිශ්චය දිනයේදී දෙවියන් අසන ඉහත  ආකාරයේ ප්‍රශ්න වලට දෙවියන් ගේ තෘප්තිය දිනාගත හැකි ආකාරයට පිළිතුරු දීමට හැකි උනොත් ඔහු ඔබව ස්වර්ග වැසියෙක් ලෙසින් තෝරා පත්කරනු ඇත. එනිසා අද ඔබ සිටින තත්වය හෝ , සමේ පැහැය හෝ ජිවත්වන නිවසේ ප්‍රමාණය හෝ ඔබට භාධාවක් හෝ වරප්‍රසාදයක් වන්නේ නැහැ මතුලොව තත්වය සම්බන්දයෙන් . දෙවියන් ඔබව මෙලොවට එව්වේ ඔබට කියල මේ පොලොව මත ලොකු ගෙයක් හදව ගන්න නෙමෙය් .නමුත් බොහෝ අය කරන්නේ එයම නොවේද. ජනාධිපති උනත්  බලන්නේ අමෙරිකාවෙනුත් ඉඩම් කෑල්ලක් අරන්දාලා ම මෙලොව සංචාරයට   සමුදෙන්න .

 බුද්ධිමත් ලෙස බලන්න ඔබ මෙලොව සංචාරය කරන වාහනයේ සුක්කානමවත් හරියට නිසිපරිදි සවි කරලද කියල .ඉහත පින්තුරය කොතරම් ලස්සනද ? සිත් ඇදගන්න සුළු නොවේද ? මා අද ඉස්ලාම් හැර අනිකුත් ආගම්  දකින්නේද එලෙසිනි. මේ කියමන් වලට මා සමග තරහ ඇතිකරගන්න එපා .කිසිම දහමක් පහත් කිරීම හෝ සිත් රිදවීමක්  කිරීම නොවේ මගේ අරම්මුන . එලෙස මම හීනෙකින් වත් නොසිතමි .සිත් රිදුනනම් මට සමාවන්න. හරියට වාහනය එලව ගන්න බැරි උනොත් නතරවන්නේ බොහොම නරක තැනකම තමය්.  නැවත ගොඩ ඒමක්  නැත.  නිරය හෙවත් අපාය නම් එහි දී  මිය යෑමක් ද නැත. තත්වය බරපතලය් මගේ සහෝදරය්නි. සුළුවෙන් තකන්න එපා මෙය .මේ ස්ලාම් දහම ගැන ගැඹුරින් ඕනි නම් ගැඹුරින්ම සොයා  බලන්න. මෙය දෙවියන්ගේ දහමය් . දෙවියන් මිනිසාට අනුමත  කලද , ඔහු පිලිගන්නාද  එකම දහමය්. 

.පහත සදහන් කුරාන්  වැකි දෙස නැවත නැවත සිත යොමන්න.
“(කිසිඳු ප්‍රශ්න කිරීමක් නතුවමද  කළකම් වලට වගකීමක් ද නැතිවම)  මිනිසාව නිකම්ම අත්හැර දමනු ඇත යැය් මිනිසා සිතන්නේද ? “ (අල් කුරාන් 75:36)
ඔවුන් කරන සෑම ක්‍රියාවක්ම  (ඔවුන්ගේ) සටහන් පිටුවෙහි ලියා ඇත. (54:52)
කුඩා හෝ විශාල සියල්ල එහි ලියා තබා ඇත(54:53)  
හොද දැයට හොඳ දැයම මිස වෙන පලවිපාක ඇත්තේද ?(55:60)
දෙවියන් අපට අපායට නොවැටී ස්වර්ගයට එන ලෙස ආරාධනා කරඇත .මෙලොව ජිවිතයේ සංචාරයේ අරමුණ විය යුත්තේ ස්වර්ගයම නොවේද ? ස්වර්ගයට යන මාවත පැහැදිලි ලෙස පෙන්වා ඇත  එනම්. අෂ්හදුඅල්ලාහ් ඉලාහ ඉල්ලල්ලාහ්, ව අෂ්හදු අන්න මෝහම්මදර් රසුලුල්ලාහ්.මෙලොවින් සමුගන්නට පෙර මෙය ඉතාම හොදින් වටහාගන්න .ඉන්පසු එහිම ස්ථිර වන්න.(එහි සිංහල පරිවර්තනය නම් ; අල්ලාහ් හැර නැමදීමට වෙන කිසිඳු දෙවියෙකු නොමැති බවටත් මොහම්මද් (සල්)තුමා අල්ලාහ්ගේ දාසයා මෙන්ම අවසන් ශාස්තෘ වරයා බවටත්  මම සාක්ෂි දරමි) මෙයය් ඉස්ලාම් හි  මුලික ප්‍රතිපත්තිය. මෙයය් ස්වර්ගයේ යතුර. (ආලහ්ගේ කැමැත්ත පරිදි අප සියල්ලට එහි ඇතුළුවීමට වරප්‍රසාද ලබේවාය් අල්ලහ්ගෙන්ම ප්‍රර්ථනා කරමු, ආමින් .....) sudesh jayantha