19 August 2012

"නැවත හැරීම" යනු කුමක්ද ?


මෙය කියවන ඔබ මගේ සහෝදරයා හෝ මිතුරෙක් හෝ අසල්වැසියෙක්  , එහෙමත් නැත්නම් මම හිටපු ගමේ පන්සලේ  ප්‍රධාන ස්වාමින් වහන්සේ විය හැකිය්. ගෙවල් මාරු කිරීමක්, රැකියාවක් හෝ පාසලක් එහෙමත් නැත්නම් දික් කසාද  වෙලා වෙන බිරිදක් කැන්දන් ආවා කිව්වත් අද සමාජය එතරම් විශේෂත්වයක් දක්වන්නේ නෑ. නමුත් ආගම වෙනස් කරලා කියල දැනගත්තම තත්වය එයට වඩා බැරෑරුම් බවක් පෙන්වනවා .මෙය මහත්  ඉහලින්  කතාබහට  ලක්  වෙනවා පමණක් නොව , ලංකාවේ තියෙන "බුදුන්ගේ දේශය, ධර්මද්වීපය" ආදී සංකල්ප එක්ක  මුහු  කරලා බැලුවම  "ඉල්ලන්  කෑමක් " වැනි  මහත් අසීරු  තත්වයකට  පත්වෙන්නටද  බොහෝ  ඉඩකඩ  තියෙනබව  අමුතුවෙන්  කිව යුතුද නැහැ
. මෙය රාජ්‍ය  ද්‍රෝහී, ආගම්  ද්‍රෝහී ක්‍රියාවක්  ලෙස පෙන්වන්නට  වෙර  දරන  කොටසකුත් නොඉන්නවා    නොවේ . මෙම  ක්‍රියාව  ත්‍රස්තවාදී   ක්‍රියාවක් ලෙසට හංවඩු ගහන්නටද  බොහෝ ඉඩ  තියෙනවා .කොටින්න්ම  කියනවනම් ලංකා  පරිසරය  තුල පාරේ  බැහැල  යන්න  බැරි  තත්වයක් ඇති  වෙන්නටද  ඉඩ නැතුව නොවේ. 
"නැවත  හැරීමේදී"  මෙවැනි  තත්ත්ව  ගැන මම නොදැන  සිටියා නොවේ. මෙම ක්‍රියාව නිසා  මගේ මාසික  වේතනයද  රුපියල්  සියයකින්  හෝ ඉහල  යෑමක්  සිදුවූයේද  නැත. වෙනත්  ආර්ථික  වාසියක්  හෝ කිසිම ලෞකික  වාසියක් සිදුවූයේද නැත. එවැනි බලාපොරොත්තුවක් තිබුනේද  නැත. දැන්ද එවැනි අදහසක් හෝ නැත. මගේ තනි  කැමැත්තට මෙය කරගත්තානම් මේ බව ඉන්ටර් නෙට් වලද දාන්නේ නැතුව සද්ද බද්ද නොකර හොර රහසේ "දවල් මිගෙල් රෑ දනියෙල් " වගේ උදේට පන්සල් ගිහින් රෑට පල්ලි යන්නත් තිබුන. කව්රුවත් දන්නේ නෑ උනේ මොකක්ද කියල. ප්‍රසිද්ධ කිරීම තුලින් දැන දැන අපහසුතාවයට ලක්වෙන තත්වයක් තියෙද්දිත් මෙය ඔබට කියන්න තියෙන අවශ්‍යතාවය කුමක්ද කියාත් මා පැහැදිලි කල යුතු වෙනවා. 
"ඔබ මගේ ම සහෝදරයා උනත් ඔබ කුමන ආගම ඇදහුවත් මට කමක් නැහැ.  ආගම යනු ඉරණමය්. ඔබ ඔබේ ඉරණම ගැන වග බලාගත යුතුය්. මම මගේ ඉරණම ගැන වග බලා ගන්නම්. ඔබේ ප්‍රශ්න මට වැඩක් නැහැ. මගේ ප්‍රශ්න ඔබට වැඩකුත් නැහැ.ඉන්නකන් බොරු සෝබනේට කතා බහ කර කර ඉමු. හරියට (බොරු) අය්යය්- මල්ල්ය් වාගේ. එතකොට ගොඩක් කල් එකට ඉන්න පුළුවන්  " කියන මේ චේතනාව මට තිබුනානම් මම මේ කිසිවක් ප්‍රසිද්ධ  කරන්නේ නැහැ. මට වෙන අපහසු තාවයන් ගැන මම බලා ගන්නම්. නමුත් සත්‍ය ආගම ගැන මට ලැබුණු  පණිවිඩය ඔබටද යොමු  කිරීම මගේ පරම  යුතුකමක් කොට මම සලකමි .මෙය සත්‍ය ආගම බවට මට ඔප්පු කල හැකිව තිබෙද්දී මම  කට ඉස්සර කරන්න පසුබට වෙන්න ඕනිත්  නැහැ.
සුදේශ් ජයන්ත ගේ "නැවත හැරිම" යනු කුමක්ද කියා පැහැදිලි කිරීමක් කරනවානම්, මෙය මගේ ඉරණම සම්බන්දයෙන් සිදුවූ සුවිශේෂම අවස්ථාවය්. මෙයට "ආපසු හැරිම" ලෙසින්ද කිව හැක."ආපසු" හැරීමක් නිසා සම්පුර්නම හැරීමක් බවත් "නැවත"හැරීමක් නිසා "පෙර සිටි" තත්වයකට නැවත පැමිණීමක් බවත් අදහස් වෙනවා.
කුමක්ද මේ පෙර සිටි තත්වය.
මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්.
ඔබ මවගේ කුසෙන් බිහිවන විට ඔබ බොහෝ දේ රැගෙන ආවා. පෙනීම ,ඇසීම, ඔබට හිමි ජාන ආදී බොහෝ දේ . ඒ සමග ඔබ රැගෙන ආ ආගම කුමක්ද ?. ඔබ ආගමක් රහිත කෙනෙක් වශයෙන්ද ඉපදුනේ
මදක්  නිශ්ශබ්දව  සිතා බලන්න  . 
වාසනාවකට අතදරු ඔබව ඔබේ මව නිවසට ගෙනවිත් ඇයට සුපුරුදු දහම ඔබට කියා දුන්නා .ඔබ ඒ ගැන අද සතුටු වෙනවා ඇති. ඔබ හිතනවද  කෙනෙකුට  නිවැරදි  ආගම ලැබෙන්නේ ඒ ආකාරයට කියල. 
ඔබ දන්නෙත් නැතුව කුඩා කාලෙම වෙනත් ආගමක කෙනෙක් ඔබව සොරකම් කරගෙන ගොස් තිබුණා නම් අද ඔබේ ආගම කුමක්ද ? ඔබ අද ප්‍රතික්ෂේප කරන වෙන දහමක  කෙනෙක් වෙලා නේද . 
මේ දෙකටම වඩා වෙනස් පහත අවස්ථාව බලන්න. 
ඔබට කිසිම දහමක් නොවැටහෙන වයසේදී  ඔබව කැලෑවක  අතරමන්  උනා නම් ,අද ඔබේ ආගම කුමක්ද ?   
එවිට ඔබ අදහන්නේ ඔබ ඉපදෙනවිට  රැගෙන ආ ඔබටම හිමි  ඔබේම ස්වාධින ආගම නොවේද  ? 
ඔබ ඔබේ  පපුවට  තට්ටු  කරලා අහන්න . ඔබ කුමන  ආගමක් අදහව්වත් , කුමන රූපයකට  දණගහල වැන්දත්  , ඔබට මහත්  ව්‍යසනයක්  අනතුරක්  අසරණකමක්  ඇතිවූ  විට  ඔබේ ඇතුලාන්තයෙන්   කතා කරන්නේ කාටද කියල. ඔබ පිහිට   ඉල්ලන්නේ  කාගෙන්ද  කියල ඔබ ඔබෙන්ම  ප්‍රශ්න  කර බලන්න. ඔබ "දෙවියන්"   අමතනවා  කියා මම කිව්වොත්  ඔබද  එයට එකඟ වනු ඇත.

මම සත්‍ය  සිදුවීමක්  මතක්  කරන්නම් . විදෙස් රටක වූ සිදුවීමක්.

එක්තරා උපාධිධාරී සිසුන් කිහිපදෙනෙකුව කැදවා තිබුණා යම් කිසි ආයතනයක විශේෂ වැඩමුළුවක් සදහා. ඔවුන් පිරවූ අයදුම් පත්‍ර වල ආගම සදහන් ස්ථානයේ සුළුතරයක් හැර  වැඩි දෙනෙක් සදහන් කර තිබුනේ " තමන්ට කිසිම ආගමක් නැහැ " කියල. ආගමක් නැහැ කියූ අයට පහතින් ගමන් කරන කුඩා ගුවන්යානයකින් යන   සංචාරයකට අවස්ථාවක් ලබා දුන්නා. එහි ගුවන් නියමුවාට උපදෙස්  දුන්නා "ටික දුරක් ගොස් ගුවන් යානාව තමාට පාලනය කල නොහැකි බව පවසා එහෙට මෙහෙට හරවා හරවා යන්න කියල.ටික දුරක් ගොස් තමාට නැවත එය පාලනය කල හැකි බව පවසන්න. ඉන් පසු නැවත සියල්ල කැදවාගෙන එන්න" කියලා.
පසුව ඒ  සියල්ල තේ පැන් සංග්‍රහයකට කැඳවා තිබුණි. ඔවුන්ට  වීඩියෝ  පටයක්  පෙන්වන්නට ද විය. පුදුමයකි. ඉහත දී තමන් මුහුණ දුන් මාරාන්තික අවස්ථාවේ වීඩියෝ  පටය දැන් ඔවුන්ට නරබන්නට අවස්ථාවක් ලැබී ඇත. ඔවුන් එම අවස්ථාවේ කෙසේ  හැසිරුනේදය් ඔබට හිතා  ගත හැකිද ? ඔබ එහි හිටියානම් ඔබේ තත්වය කුමක්ද ? සිදුවූ දේ  ඔබට පැහැදිලි යැය් සිතමි
ඔවුන් සියල්ල මරහඩ දෙන්නට විය. ඕ ගෝඩ් හෙල්ප්  අස්, “ඕ ගෝඩ් හෙල්ප් මි”////  සියල්ලගෙන්ම ඉවරයක් නැතුව මෙයම ඇසෙන්නට විය.
ඉන් පසු ගුවන් යානාව පාලනය කල හැකි බව සු  සැනින්  ඔවුන් දෙවියන් ට ස්තුති  කරන්නටද විය.
දැන් සංවිදායක මඩුල්ල ඔවුන් ගෙන්  ප්‍රශ්න කරනවා මේ සම්බන්දයෙන්
ඔබලාට ආගමක් නැහැ කියලා නොවේද  ඔබල සියල්ල ඔබලාගේ අයදුම් පත්‍ර වල සදහන් කලේ. කාටද ඔබ කතා කලේ. කාගෙන්ද උදව් ඉල්ලුවේ. වශයෙන්…..
එවිට ඔවුන් සියල්ලගේම පිළිතුර උනේ "අපි දන්නේ නැහැ, අපි නොදැනුවත්වම එය අපි තුලින්න්ම එලියට ආපු දෙයක් ,අපේ තුලාංතයෙන්මය් දෙවියන්ව ඇමතුවේ.  ලෙසිනි .

මගේ සහෝදර වරුනි. අද මම නැවත හැරී සිටින්නේ එම දෙවියන්ගේම මාර්ගයටය්. මම අනුගමනය කරන්නේ ඔහුගේ දහමය්. ඔහු අල්ලාහ්  ම බව ශුද්ධ වූ කුරානය කියවුවොත් ඔබටද වැටහෙනු නොඅනු මානය්. අල්ලාහ් අපට පවසනවා, "අප ඉපදෙන්නට පෙරම ඔහු තමාගේ දෙවියන් බවට පිලි ගන්නව කියලා අපෙන් තනි තනිව  පොරොන්දුවක් ගත් බවත් පසුව ඒ පිලිගැනීම අපේ මනස තුලට ද කාවද්දල දෙවියන් නැමදීමේ ස්වභාවය සෑම මනුෂ්‍යයෙකු තුලම   ස්ථාපනය කරලා ඉන් පසුවය්  අපව මේ ලෝකෙට එවල තියෙන්නේ"කියලා. 
ඒ ස්වභාවය නිසා තමය් මිනිසා නැමදීමේ කටයුත්තේ නිරත වන්නේ. භාහිර පරිසරයෙන් ඔහුගේ මනස විකුර්ති නොවුනානම් ඔහු අනිවාර්යයෙන්ම නමදින්නේ අල්ලාහ් ටමය. අල්ලාහ් හෙවත් තමාගේ නිර්මාතෘ දෙවියන්ට නොනැමද වෙනත්  වෙනත්  පුද්ගලයන්  ට හෝ වස්තූන්ට නමදින්නට මිනිසා පෙලබෙන්නේ ඔහුට ඔහුගේ වටපිටාවෙන් ලැබුණු  ආදර්ශය හා උපදෙස් නිසය්. එයට පළමුව වගකිව යුත්තේ හරියට හොයන්නේ බලන්නේ නැතුව අපට ගුරු හරුකම් දුන් අයය්. දෙවනුව තමාගේ මනස උපයෝගී කර ගන්නේ නැතුව අන්දයන් මෙන් අනුන් කියන සැමදෙ සත්‍යයය් කියා පිලිගත්ත තමාමය. 
මිනිසා නැමදිය යුත්තේ දෙවියන්ට පමණක් ම බව දෙවියන් ම පවසය්. ඔහු මානවයාව එතරම් ම උසස් කොට සළකා ඇත. දෙවියන්ට සමාන වෙන කිසිවක් හෝ ඇත්නම් එයට හිස නැමීමට මිනිසාට අවසර ඇත. දෙවියන්ට සමාන නොවන මොනම බලගතු කෙනෙකුට  හෝ වේවා දෙයකට හෝ වේවා මිනිසා නොනැමදිය යුතුය් . එයය් මිනිසාගේ නිර්මාතෘ ගේ නියමය.
අල්ලාහ්  ශුද්ධ වූ කුරානයෙන් අපට පවසනවා ඔහු ගැන. ඔහු කෙබන්දයෙක්ද යන්න පිළිඹදව. ඔබට පුරුදු ඔබ නමදින දෙවියෝ කියන කිසිවෙක් අල්ලාහ් මෙන් ඔබව අමතා තිබේද. ඔවුන්ගේ ස්වරූපයන් දෙවිකෙනෙකුට සම කල හැකිද. හැන්ද පුටුවට සමාන නැත. වට්ටක්ක ගෙඩිය කුකුළාටද සමාන නැත. කුකුළා කොටියටද, කොටිය මිනිහටද මිනිහ දෙවියටද සමාන නැත. ඔබ විශ්වාස කරන මහා බ්‍රහ්මයාගේ රුපය ගෙන බලන්න. ඒ රුපය විශ්වයේ නිර්මාතෘ ගේ රුපයක් යය පිළිගත හැකිද. අල්ලාහ් පවසනවා ඔහුට සමාන කිසිවක් නැහැ කියලා. ඉතා කුඩා ශුක්‍රාණුවේ නිර්මාපකයාද  මහා විශ්වයේ නිර්මාපකයාද වන අල්ලාහ්ගේ දෑත මහා බ්‍රහ්මයාගේ රුපයේ  තියෙන  දෑත වගේ  විය  හැකිද?  
ඔහු වෙනුවෙන්  රුපයක් පිළිමයක්  නිර්මාණය  කල හැකි කෙනෙක්  මේ මිනිස්  සමාජයේ  ඉදීවිද .දෙවියන්ගේ  හැඩරුව  ගැන මිනිසාගේ කුඩා මොලයට ගෝචර වෙය්ද. මදක්  සිත  බලන්න.        
අල්ලාහ් පවසනවා තමා ස්වාධින බව. කිසිඳු  අවශ්‍යතාවයක්  නොමැති  බව ඔහු පවසනවා. ඔහුට හුස්ම ගැනීමට වාතයද ,ආහාරද අවශ්‍ය  නැති බව ඔහු පවසනවා. මේ විශ්වය  පාලනය කිරීමේදීත්, නඩත්තු  කිරීමේදීත් ඔහුට වෙහෙසක් ඇති  නොවන බවත් ඒ සදහා කිසිවෙකුගේ  සහාය අවශ්‍ය නොවන බවත් ඔහු පවසනවා. ඔහු ඔහුට සිතු දේ කිරීමට තරම් බලසම්පන්න  බවත් පවසනවා. ඔහුට මවෙක්  පියෙක්  හෝ දරුවන් ද නොමැති බවත් එවැනි දෙය්න් ඔහු පාරිශුද්ධ බවත් ඔහු පවසනවා. මේ විශ්වයේ දෙවි  වරු දෙදෙනෙක් වත්  නොමැති බවත් දෙදෙනෙකු  හිටියානම් මෙම  විශ්වය අවුල් වියවුල් වන්නටද ඉඩ ඇති බවත් ඔහු එක්කෙනෙක්ම පමණක් බවත් යලි යලිත් කුරානය තුලින්  ඔහු අපට මතක් කර දෙනවා . ඔහු සියල්ල අසන  බවත්, ඔහු සියල්ල දකින  බවත්, ඔහු සියල්ල කෙරෙහි  දැනුවත්ව  සිටින  බවත් අපට සිහි  ගන්වනවා .ඔහුට නොදැනුවත්ව  ගසක කොලයක් හෝ  බිමට  නොවැටෙන බවත් ඔහු ආහාර සැය්මේ වගකීම නොගත් කිසිදු ජීවියෙකු මිහිමත  නොමැති බවත් ඔහු පවසනවා. මුළු  විශ්වයම ඔහුගේ අණට යටත් බවත් ඔහු පවසනවා. ඔහු අපට මහත් භාග්‍යමත් ජිවිතයක් දුන් බවත් ඔහු අපට මහා කරුනාවන්තයෙක් වශයෙන් සිටින බවත් පවසනවා. ඔහු සියලු ලෝක වලට අධිපති බවත්, විනිශ්චය දිනයේ රජු බවත් එහිදී  කිසිවෙකුට අබමල් රේණුවක තරම් අසාධාරණයක් නොකරන බවත් පවසනවා. ඔහු දයාලු වන්තයා වශයෙන්ද සමාව දෙන්නා වශයෙන්ද සිටින බවත් පවසනවා. යහපත් විශ්වාසවන්තයන්ට ස්වර්ගය පිරිනමන බවත් ඔහුව ප්‍රතික්ෂේප කරන්නන්ව  නිරයට  තල්ලු කර දමන බවත් ඔහු පවසනවා.
ඔහු පැහැදිලි සාක්ෂි සහිත පුස්තකයක් මගින්ද පැහැදිලි සාක්ෂි සහිතව පැමිණි අවසන් නබි වරයා හරහාද මිහිමත තම දහම  සම්පුර්ණ කල බවත් ඔහු ගේ දහමට පිටින් යන කුමන දහමක් වත් ඔහු පිලි නොගන්න බවත් පවසනවා .පුලුවන්න්නම් ඔහුගේ නබි වරයාවත්  පුස්තකයත් බොරු කර පෙන්වන්නැ කියා වෙනත් ආගම හරිය කියන අයට අභියෝගද කර තිබෙනවා. එම අභියෝගය ඔබ ඉදිරියේද තිබෙනවා.  

මම නැවත / ආපසු  "හැරුනේ " මගේ එම දහම වෙතය්. කිසිම පුද්ගලයෙකුට අය්තිවාසිකමක් කිවහැකි ආගමක් නොවෙය් එය.    
කිසිම පුද්ගලයෙක් දෙසු දහමක් නොවෙය් එය. එය මේ විශ්වයටම පොදු දහමය්. විශ්වයේ මැවුම් කරු ඉතා පැහැදිලි සාක්ෂි සහිතව ශුද්ධ වූ අල් කුරානය මගින් අපට පවසා තිබෙනවා ඔහු අපගේ මැවුම් කරු බවත් ඔහු අපට අනුමත කල දහම මෙම විශ්ව දහම පමණක්ම බවත්. අපිට යමක ඉතාම පැහැදිලි සාක්ෂි තිබෙනවානම් එය පිළිගන්නට අපි සුදානම්. ඉතින් කුරානය තුලින් පැහැදිලි සාක්ෂි තියෙද්දිත් එය පිළිනොගෙන ඉන්නේ ඇයි... කියන ප්‍රශ්නය මතු නොවන්නේද. ඔබට පුලුවන්ද ඔබ හරි කියන ආගම පිළිගන්නට තියෙන පැහැදිලි සාක්ෂි කිහිපයක් මට පෙන්වා දෙන්නට. සාක්ෂි නැතුව "පාර භෞතික" කරුණු විතරක් කෙරෙහි විස්වාසය තියන්නද ඔබ අදහස් කරන්නේ. ශුද්ධ වූ කුරානය ගැන ඔබ නොදන්නවානම් ඔබට මගේ තීරණය ගැන පැහැදිලි අවභෝධයක් ගන්න බැහැ. නමුත් ඔබට එක කරුණක් පැහැදිලි වෙය්. ඔබ නිවරදිය් කියන "ස්ලාම් නොවන" දහම සත්‍යය් කීමට තියෙන පැහැදිලි සාක්ෂි මොනවද කියල සොයා බැලීම තමාගේම ණුවනට හුරු කරුණක් බව. ඔබ ට තනියම හිතා ගන්න බැරිනම් ආගමික විද්වතුන්ගෙන් ඉල්ලා සිටින්න " ආගම විශ්වාස කිරීමට පැහැදිලි සාක්ෂි කිහිපයක් ධර්ම පුස්තක වලින් උපුටා පෙන්න්වන ලෙස". ලැබුනොත් එම කරුණු මා වෙත යොමු කරන්න. මම එයට පිළිතුරු දෙන්නම්. එයට පිළිතුරු දීමේ හැකියාවක් මට නොතිබෙය් කියන සැකයක් හෝ මා වෙත තිබුණා නම් "මම ඉපදෙන විට ගෙනා මගේ ස්වභාවික දහම වෙත මම නැවත හැරෙන්නේ නැත". 
මදක් සිතා බලන්න  කියා මම ඔබට ආරාධනා  කරනවා.