07 July 2012

මොහම්මද් නබි (සල්) තුමා කව්ද ?





අපි එදිනෙදා විවිධ අවස්ථාවල විවිද පුද්ගලයන්ව සිහිපත් කරනවා .වැඩිවශයෙන් බෞද්ධයන් බුදුන් වහන්සේවද, කිතුනුවන් ජේසු (ඊසා අලෙය්) තුමාවද  මුස්ලිමුන් මොහම්මද් නබි (සල්) තුමාවද, සමහරු ක්‍රිකට් ක්‍රීඩකයන් වද ,සමහරු නළු නිලියන්වද, රුපවාහිනී ගුවන් විදුලි පුවත්පත් වල නම් එදිනෙදාට ගැලපෙන  අයුරින් විවිධ චරිතද ඉස්මතු කරලා සිහිපත් කරනවා. වර්තමාන ලොවේ ජනගහනයෙන් අති මහත් ජනතාවක් මෙතුමාව අන් කිසිම පුද්ගලයෙකු සිහි නොකරන විශේෂ ක්‍රමයකට සිහිපත් කරන බව ඔබටද අත්විදිය හැක . ඔබේ සිහියට එන  ඕනෑම චරිතයක් ගෙන බලන්න. ඕනෑම චරිතයක් සිහිපත් වෙනවිට, සිහිපත් කරන විට දී ට වඩා කිසියම් සුවිශේෂී තත්වයකින් මොහම්මද් නබි (සල්)තුමාව සිහිපත් කරන ජන කොටසක් …
එතුමාගේ අභාවය වී වසර 1400 ක කාල පරාසය පුරාවටම හිටිය ,අදත් ඉන්නවා ..

ඔබ සැබෑ බෞධ්ධයෙකු වෙතගොස් බුදුන් වහන්සේවද ,සැබෑ කිතුනුවෙකු වෙත ගොස් ජේසු තුමාවද ,සැබෑ සංගීත ලෝලියෙකු වෙත ගොස් මය්කල් ජැක්සන් වැනි කෙනෙකුවද ,සැබෑ මුස්ලිමෙකු වෙත් ගොස් නිකමට හෝ මොහම්මද් නබි   (සල්)තුමාවද වචනයෙන් ප්‍රකාශ කර සිහිපත් කර (ප්‍රයෝගිකවම අත්විද) බලන්න මා කියූ කතාවේ සත්‍ය තාවය ගැන .එනම් ,කිසිම රූපයකින් දැක නැති ,කිසිම පිළිමයක් හෝ ඉහත හැඩරුව විදහා පෙන්න්වන ආකෘතියක් හෝ  නැති ,එතුමාගේ වයස වසර 40ක්  වෙනතුරු මක්කාවේ කාන්තාරයේ සාමාන්‍ය මිනිසකු වශයෙන් වෙල- හෙලදාම් කරගෙන සිටි, කොටින්න්ම ලියන්නට කියවන්නටවත්  බැරි අද්‍යාපන මට්ටමක සිටි, එම කාලය තුල  කිසිම දේශපාලන හෝ  ධර්ම ප්‍රචාරයක හෝ නොයෙදුන, යුධමය වශයෙන් දස්කම් පෑමක් හෝ  නොපෙන්නපු ,යන්තර මන්තර හුනියම් වල නිපුනත්වයක් හෝ නොපෙන්නපු ,කිසිම කලාත්මක හැකියාවක්වත් නොතිබුණු ,කුඩා කාලෙම දෙමාපිය සෙනෙහසද අහිමිව සිටි කිසිවකින් ප්‍රසිද්දියක් නොලබා ඉතාම සාමකාමිව  සරලව හිටපු මේ මනුෂ්‍යයා වෙත තිබුණු එකම තානාන්තරය  නම් "මහජනයා අතර 'විශ්වාසවන්තයා ' යන  පිළිගැනිම පමණි. ඔහු වටා සිටි ජනයා ඔහු ඇමතුවේ “විශ්වාසවන්තයා යන නමිනි. වසර 40 සිට 63 දක්වා  ජිවත් වී ඔහු සාමාන්‍ය  කෙනෙකු  මියයන අයුරින්ම මිය ගියා.


වසර  40 සිට  63 දක්වා වූ අවරුදු  23 ක කාලය ගැන ඉදිරියේදී සදහන් කරන්නම්. කෙසේ නමුත් ,මොහුගේ නම ඇසූ පමණින් සැබෑ මුස්ලිමුන් එක  තත්පරයකුදු  ප්‍රමාද නොකර  එතුමාට මෙම විශ්වයේ හිමිකරු වන අල්ලාහ් (එකම දෙවියන්) ගෙන් ප්‍රර්තනා කර ඉල්ලා  සිටින්නේ  දෙවියන්ගේ  සාමය  සමාදානය ආශීර්වාධය එතුමාට ලබා දෙන ලෙසය් .මොහම්මද් හෝ නබි හෝ රසූල් හෝ  වශයෙන් ඇසුණු විගස "සල්ලල්ලාහුඅලේහිවසල්ලම් "ලෙස අරාබි බසින් ම බොහෝ අය ඉහත ප්‍රාර්ථනාව කරය්. (ලියන විට කෙටියෙන් "සල් "ලෙස ලියන්නේ ද එයමය්).
තේරුම නම් "එතුමාට අල්ලාහ් ගේ සාමය හා ශාන්තිය/සමාදානය/ආශීර්වාදය අත්වේවා" යන්නය්.

සැබෑ මුස්ලිම් ගතිගුණ අගය කරන  රාජ්‍ය නායකයෙකු හෝ වේවා, විද්‍යාඥයෙක් හෝ වේවා ,මහාචාර්ය වරයෙක්, වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් හෝ වේවා,එළුවන් බලාගන්න මනුෂ්‍යයෙක් හෝ වේවා ,කිසිදු තරාතිරම් භේදයකින්  තොරව තමාගේ පියාගේ හෝ මවගේ හෝ වෙන කිසියම් ශ්‍රේෂ්ට පුද්ගලයෙකුගේ නමක් ඇසූ පමණට වඩා වේගයෙන්  මෙතුමාගේ නම ඇසූ පමණින් මෙසේ හැසිරෙන්නේ මොන හේතුව නිසාද කියල මදක් සොයා බලන්න ඕනි යැය් ඔබට නිකමටවත් සිතෙන්නේ නැතිද? සෞදි අරාබියාවේ මදිනා නම් නගරයේ එතුමාගේ දේහය අදාහනය කළ ස්ථානය ට ගොස් එතැනදීද එතුමාට දෙවියන්ගේ  සාමය හා  ශාන්තිය  ප්‍රර්තනා කරන  ජනගහනය  සෑම දිනකටම දස දහස් ගණනක් වන බව, මසකට  ලක්ෂ  ගණනක්   බව ද ඔවුන් විවිද රටවලින් පැමිණි අය බවද   රුපවාහිනී මාධ්‍ය  වලින්  ඔබටද  දැකගත හැක.

මුස්ලිම්/ස්ලාම් මතිමතාන්තර වලින් බැහැරට ගොස් බැලූ විට පවා ද අපට මෙවැනි අවස්ථා දැකගත හැක.එයට,උදාහරණයක් වශයෙන් මද්‍යස්ථ මතධාරියෙකු වන ක්‍රිස්තියන් ආගමිකයෙක්ද  වන මය්කල් එච්.හාට් නම් පුද්ගලයා ලෝක ප්‍රකට වූ පොතක් එළිදක්වල තියෙනවා "The 100" කියල .එදා මෙදා තුල ලොව බිහිවූ සුවිශේෂී  පුද්ගලයන් ගැන විශිෂ්ට ලෙස විමර්ශනයක නියැලිලා 100 දෙනෙක් තෝරාගෙන ඔවුන්ව  1 , 2, 3 , 4 ලෙස ස්ථානගත  කර කරුණුද පැහැදිලි කර තියෙනවා.
මෙහිදී ඔහු මොහම්මද් (සල් )තුමාව පළමු ස්ථානයට තෝරාගෙන එයට හේතුද පෙන්වා දී තිබෙනවා.(Source of list of names: Hart, Michael H. The 100: A Ranking of the Most Influential Persons in History, Revised and Updated for the Nineties. New York: Carol Publishing Group/Citadel Press;) first published in 1978, reprinted with minor revisions (reflected above) in 1992).වැඩි විස්තර වෙබ් අඩවි  වලින් බලන්න


මෙවන් තත්වයක්ද පවතින වාතාවරණයක මොහම්මද් නබි(සල්තුමා ගැන සොයා බලන්න වටින්නේ නැතිද? ඔබ ඔබගේ කාලය ටෙලි නාට්‍ය වලට,චිත්‍රපට වලට, බොරු  වැඩ වලට ඕනි තරම් යොදවනවා නොවේද ?ඔබ වැඩිහිටියෙකු වශයෙන් සිටින විටඔබේ දරුවෙක්,සහෝදරයෙක් ඔබෙන් ඇසුවොත් කව්ද මේ මොහම්මද් නබි(සල්තුමා කියන්නේ කියල .ඔබ කියනවද මම දන්නේ නැහැ කියල? .එයා මුස්ලිම්   කෙනෙක් .ඉතින් එයා ගැන හොයන එකෙන් අපිට ප්‍රයෝජනයක් නැහැ කියල කියනවද ?
ප්‍රයෝජනවත් නැති නිසා මම හොයල බැලුවෙත් නැහැ කියල කියනවද?.
එවිට ඔබේ දරුවා හෝ ඔබේ සහෝදරයා මොහම්මද් නබි(සල්තුමා ගැන මම පහත සදහන් කරන ආකාරයේ සත්‍ය කරුණු ටිකක් හොයාගෙන ඇවිත් ඔබට දීල ඇහුවොත් මෙයා ගැනද ඔයා දන්නේ නැහැ කිව්ව්,මෙයා ගැනද හොයල බලලා වැඩක්  නැහැ කියල කිව්වේ, අනික මොහු ගැන හොයල බලලා අපවත් ඒ ගැන දැනුවත් කරන එක ඔබේ යුතුකමක් මෙන්ම වගකිමක්වද වෙලා තිබුන බව ඔබ දැන සිටියේ නැද්ද? කියල  කිව්වොත් එවිට ඔබේ තත්වය කුමක් වේවිද

මෙතුමා ගැන සොයා බලන එක ඉතාම වැදගත් බව පහතින් මම ඉදිරිපත් කරලා තියෙන කරුණු  දිහා බැලුවම ඔබටද  වැටහෙය් කියා මම විශ්වාස කරනවා. මෙතුමා ගැන සත්‍ය කරුණු සොයා බලන එක අපේ සමාජයේ යම් කිසි කොටසක් විසින් තම තමන්ගේ පුද්ගලික වාසි තකා විවිද උපක්‍රම භාවිතා කරලා සමාජයට සඟවා තබා ගන්න උත්සහ යක දී සිටින බව දැන් දැන් එළිවෙන තිත්ත ඇත්තක් බවද මෙහිදී නොකිය බැහැ. බුදුන් වහන්සේට බොදුනුවන් කොතරම් ආදරය කරනවද. ජේසු තුමා (ඊසා අලෙය් තුමා ) ට කිතුනුවන් (මෙන්ම සත්‍ය නම් කිතුනුවන්ට වඩා මුස්ලිමුන් ද) කොතරම් ආදරය කරනවද. එසේම මොහම්මද් නබි (සල්) තුමාට සැබෑ මුස්ලිමුන් තම පනටත් වඩා ආදරය කරනවා. ඔබ කුමන  ආගමිකයෙකු උවත්  මොහු ගැන සොයා බලන එකෙන් ඔබට අයහපතක් වෙය් කියා හිතනවද. වැලි කාන්තාරයේ මෙතුමා සමග සිටි හිතවතුන් එතුමා ගේ අවසන් වසර 23 තුල සිදුවූ  සියල්ල එනම්, එතුමා කියපු කරපු දේවල්ද, එතුමා හොඳය්  නරකය් කියා වෙන්කර පෙන්නපු දේවල්ද, අනුමත හා ප්‍රතික්ෂේප කල දේවල්ද  ආදී වශයෙන් වූ සියල්ලම  පුදුම පරිස්සමකින්ද පුදුම භක්තියකින්ද අනාගතය වෙනුවෙන් ලියා සටහන් කර සුරක්ෂිත කර අපටද බලාගන්න පුළුවන් විධියට දායාද කර දී තිබෙනවා. මෙතුමාගේ චරිතයෙන් තරම් තොරතුරු එක්රැස් කර පොත් වශයෙන් (එම පොත් වලට අරාබි බසින් හදිස් යැය්  කියය්) එළිදක්වපු වෙනත් කිසිදු චරිතයක් නැතුව ඇතය් විශ්වාස කල හැකිය.

මොහු ගැන තමය් ඔබ නොදැන හිටියේ. ඔබ නොදැන සිටිය නොව,ඔබෙන් එම මාර්ග වසා දමා තිබිලා  තියෙනවා කියලය්  මගේ මතය. එය කව්ද කලේ, කරන්නේ ,කුමන හේතුවකටද කලේ, කරන්නේ යන්න පසුව ඔබටම වැටහෙය් ). මොහු මෙතරම් විශිෂ්ට වෙන්න හේතුව සහ  ඔහුගේ විශිෂ්ට ක්‍රියාවන් මොනව දැය්  මම තවම  ලිව්වේ නැහැ. ඉදිරි පරිච්චේදය මම ඒ සදහා යොදා ගන්නවා

එතුමාගේ වයස අවරුදු 40 න් පසු  සුවිශේෂී  විපර්යාසයක්  එතුමා තුලින් දෘශ්‍යමාන වන්නට පටන් ගැනුනි. සිදුවුයේ  කුමක්ද යන්න මම අවසානයට සදහන් කරන්නම්. එතෙක් අපි බලමු මේ සාමාන්‍ය පුද්ගලයා වෙනස් වුයේ කුමන පැතිකඩ වලින්ද කියල.
(01) ලියන්නට කියවන්නට බැරි ඔහු ලොව විශිෂ්ටතම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කරය්
Ø  (වසර 3000 ට පෙර) ඉතිහාසය දෙස බලන විට මෝසෙස් හෙවත් මුසා නබි (අලෙය්) තුමාගේ   කාලයමැජික් හෙවත් සුනියම් කලාවට ප්‍රසිද්දියක් ඉසිලු බව අපිට දැනගන්නට පුළුවන්.වසර 2000 ට පෙර එනම් ජේසු (ඊසා අලෙය් තුමා )ගේ  කාලයේ රෝග සුව කිරීම වැනි වෛද්‍ය විද්යාව සම්බන්දව ප්‍රසිද්ධියක් ඉසිලුව. මිට වසර 1500 කට පෙර මොහම්මද්  නබි (සල්) තුමාගේ කාලයේ අරාබිකරය පුරාවට කාව්‍යකරණ කලාවට මහත් ප්‍රසිද්දියක් ඉසිලුව.අති දක්ෂ කවියන් සිටි  පරිසරය තුල කිසිදිනක කවියක් ගෙතු බවටද සදහනක් නැතිලියන්නට කියවන්නටවත් බැරි මොහම්මද් (සල්) තුමා   වසර 40 ට පසු අති දක්ෂ කවිකාරයෙකු ලෙස දිස් වන්නට විය. ඔහු ගෙන් ප්‍රකාශ වූ කාව්‍යමය වදන් වලින් මුළු මහත් මානව සංහතියටම අභියෝගයන් රාශියක් ඉදිරිපත් කර තියෙනවා. පුලුවන්නම් එතුමා ගෙනා ග්‍රන්ථයට සමාන ග්‍රන්ථයක් (පරිච්චේද 114 ක් ) නිර්මාණය කර පෙන්න්වන ලෙස. තව වරක ඔහු පවසනවා පුලුවන්නම් පරිච්චේද 10 ක් , නැත්නම් පුලුවන්නම් එක පරිච්චේදයක් නිර්මාණය කර පෙන්න්වන ලෙස. එම අභියෝගය අදටත් එලෙසම පවතී.

Ø එතනින් නතර නොවූ එතුමා කියනවා ඔහුගේ ග්‍රන්ථයෙහි කිසිඳු සැකයක් නොමැති බව. පුලුවන්නම් එකම එක වරදක්, නොගැලපීමක්, ව්‍යාකරණ දෝෂයක් හෝ සොයා පෙන්න්වන ලෙසටද .එවක සිටි අති දක්ෂ කවිකාරයන්ට කල මේ අභියෝගය අද අප ඉදිරියේත් පවතී.
Ø  නුතනයේ අරාබි සාහිත්‍යයේ විශිෂ්ටටම ග්‍රන්ථය ලෙස සලකනු ලබන්නේද එතුමා ගෙනා මෙම ග්‍රන්ථය බව    සමහර විට ඔබ නොදන්නවා ඇති. නමුත් සත්‍ය එයය්
Ø  ඔහු තමාගේ ග්‍රන්ථයෙන් කියා සිටිනවා එම ග්‍රන්ථය ලොව අවසන් වෙනතුරු කිසිදු අයුරකින් වෙනසකට හෝ විනාශයට  ලක් නොවී ආරක්ෂා වන බව.
Ø  වසර 1400 කට පෙර කිවූ එම කියමන සත්‍ය කරමින් අදටත් එම  ග්‍රන්ථයේ  එකම එක අකුරකුදු තිතකුදු වෙනසක් නොවී පැවතීම කෙතරම් භාග්‍යයක්ද .
Ø අදටත් ලොවේ සෑම මොහොතකම ලොවේ කොතැනක හෝ මෙම ග්‍රන්ථය මිනිසුන් විසින් පරායනය කරමින් පවතින  බවද සත්‍යයකි.
Ø මෙතුමා ගෙනා මෙම ග්‍රන්ථය අද ලොවෙහි 1/3 ක් තරම් වූ ජනතාවකගේ මහත් භක්තියදරයටත් ගෞරවයටත් පාත්‍ර වී ඇත.  
Ø  එහි තිබෙන භාෂා විලාශය ,උච්චාරණ ශෛලයයද ,කුඩා දරුවෙකුට පවා කියවා තේරුම් ගෙන මතක තබා ගැනීමේ   පහසුකමද ,කියවිමේදීත් ඇසිමේදීත් මහත් රුචියක් ගෙනදීමේ ස්වර රටාවද විශ්මය ජනකය. 
Ø  ඔහු ගෙනා  ග්‍රන්ථය මෙලොව බිහිවූ විශිෂ්ටතම ප්‍රතිහර්යයය්. ඉදිරියේදී  බව ඔබට ඔප්පු වෙය් කියා මම විශ්වාස කරනවා .

(2) එතුමා එම ග්‍රන්ථය තුලින් නුතන විද්යාඥයන් පවා මවිත කරවන විද්‍යාත්මක තතු හෙළි කරය් 

වැලි කාන්තාරයේ තිරිසනුන් ම්ලේච්චයන් මෙන් නුගත් කමේ ඉහලින්ම සිටි, ලොවත් සමග කිසිදු සම්බන්දතාවයක් නොපවත්වා හුදකලාවේ රජයමින් සිට  වෙළදාමට තවලම් සදහා පමණක් (ඔටුවන්, බූරුවන් පිට නැග) සංචාර වල යෙදෙමින් තම අසල්වාසීන් සමග සිටි මෙතුමා තම ග්‍රන්ථය තුලින් කතා කල විෂයයන් මොනවද කියල ටිකක් හොයල බලමු.

1) තම ජිවිතයේ කිසිම දවසක සාගර තරණයක නොයෙදුණු මෙතුමා සාගර විද්‍යාව ගැන කතා කළහ. මහා සාගරයේ ගැඹුරු පතුලේ තත්වය ගැන තොරතුරු කියන්නට විය. ලවන සන්ද්‍රනයන්ගේ සුවිශේෂී තත්වයන් ගැන කියන්නට විය.
2) වැලි කාන්තාරයේ ජල හිඟයෙන් උපරිම පිඩාවෙන් පසුවූ  තුමා ජල විද්‍යාව ගැන ප්‍රකාශ කරන්නට විය. ජල චක්‍රය ගැන කියන්නට විය. වැසි ජලයේ වේගය  ද ජල බින්දු වල ප්‍රමාණයන් ගැනද එහි නොපෙනෙන විද්‍යාත්මක තතුද මෙතුමා හෙළි කරන්නට විය.
3) නුතන විද්‍යාත්මක උපකරණ වන  හර්බල් වැනි දුරේක්ෂ ආධාරයෙන් ද චන්ද්‍රිකා හා පරිගණක තාක්ෂණයේ ආධාරවලින්  හෙළි කෙරුණු විශ්වය බිහිවීම ගැනද විශ්වයේ  ප්‍රසරණයද සව්රග්‍රහ මණ්ඩලයේ ගමන් මග පිලිම්බදවද, සුර්ර්යයාගේ චලනද, සුර්ර්යයගේද වෙනත් තාරකාවලද චන්ද්‍රයාගේ භෞතික තත්වයන් ගැනද අහස් ස්තර පිලිම්බදවද  වැනි අකාශ  විද්‍යාවට / තාරකා විද්‍යාවට අදාල තොරතුරු එතුමා තම ග්‍රන්ථයෙන් කියා තිබීම ද විශ්මය ජනක නොවේද?. 
4) පෘථිවියෙහි හැඩය ගැනද, දිවා රාත්‍රී ඇතිවීමේ විද්‍යාත්මක ස්වභාවයද, පොලොව නොසෙල්වී පැවතීම සදහා කදු පොලොව තුලට කිඳා බැස ගත් කුන්ඥ ලෙස පවතින බවද, වැසි ජලය පොලොව තුලාව උරා උල්පත් බිහිවන බවද (එනම් භූගත ජලය පිලිබදවද ),පොළොවේ පහත්ම භූමියක සිදුවන (පසුව සිදු වුන ) අනාවැකි ගැනද වශයෙන් භූගෝල විද්‍යාවට අදාල කරුණු ගැනද එතුමා කියන්නට විය.
5) ලාමර්ක්, චාර්ල්ස් ඩාවින් වැනි මහා උගතුන් විසින් මිනිසාගේ ආරම්භය සහ පරිණාමය ගැන ඉදිරිපත්කර තිබු පරිණාම වාදයන් අද නුතන විද්‍යාව හමුවේ බිඳී සුනු විසුනු වී යද්ධි මොහම්මඩ් නබි (සල්)තුමා  පිළිඹදව වසර 1400 කට පෙර කියා තිබුණු කරුණු දැන් සත්‍ය වෙමින් පවතින බවද ඔබ   සමහර විට නොදන්නවා විය හැකිය. 
 6) පිහිය කතුර ඉඳිකටුව වැනි ප්‍රාථමික  විද්‍යා  උපකරණ පමණක් තිබුණු එම යුගයේ ,කිසිදු වෛද්‍යමය  ශිල්පයක්     නොහදාරා සිටි එතුමා කළල විද්‍යාවට අදාල කරුණුත් ජාන තාක්ෂණ විද්‍යාට අදාල කරුණුත් ප්‍රකාශ කරන්නට විය. එතුමා  එදා කි ඒ කළල අවස්ථාවන්දස්වභාවයන්දහඩද අද නුතන විද්‍යාවෙන් සත්‍ය බවට තහවුරු වෙමින් පැවතීම පුදුම සහගත නොවන්නේද?.  
 7) ඇඟිලි සලකුණු වල ඇති විශේෂත්වය ගැනද සංවේදී සමෙහි විද්‍යාත්මක තොරතුරුද ,ජීවී සය්ලයන්ගේ සංයුතිය ගැනද    ,කතා කරන ඔහු ජීව විද්‍යාවේ නිපුන වෛද්‍ය වරයෙක් නොවන බවද සිහි පත්කරගන්න .
 8) පරමාණුවේ කුඩා අවස්ථාව ගැනද,මතක් කරන ඔහු රසායන විද්‍යාවද අමතක කර නැත. 
 9) බිජ වල ස්වභාවයන් ගැනද ඒවායේ ස්ත්‍රී පුරුෂ භාවයන් ගැනද සිහිගන්වමින් උද්බිද විද්‍යා ශේස්ත්‍රයෙන්ද ඉතාම සියුම් දේ ඉස්මතු කර පෙන්වය්.  
10)මි පැණිවල ගුණය ගැනද මි මැස්සාගේ උදරය  තුල සිදුවන ක්‍රියාව ගැනද ,මි මැස්සාගේ ලිංගය නිර්ණය කිරීමද   වස්සාගෙන් ලැබෙන කිරි ,එය ඉකුත් වෙන ස්ථානය ගැනද,  ඌරු මාංශයේ නුසුදුසුකමදආදී  වශයෙන් උදාහරණ ගෙන ඉදිරිපත්කල සත්ව විද්‍යාත්මක කරුණු ගැනද නුතන විද්වතුන්  තමන්ගේ විශ්මය පලකරය්.
 ****ලිපිය දිග වැඩිවන නිසා වසර 1400 කට පෙර  කිසිදු මනුෂ්‍ය බුද්ධියකින් කිව නොහැකි (නුතන විද්‍යාවෙන් අද එම  කරුණු 100%  සත්‍ය බවට තහවුරු වුනු) කරුණු බිලිබදව සඳහන් කිරීම මෙතනින් නතර කරමි .  

3) ලෝක ඉතිහාසය ගැන එතුමා තතු හෙළිකරන්නට  විය.
ජේසු (ඊසා අලෙය් ) තුමා ගැනද, එතුමාගේ මව (මරිය තුමිය ) ගැනද, මොසෙස් (මුසා  අලෙය් ) තුමා ගැනද , ඉබ්‍රාහිම්  (අලෙය් ) තුමා ගැනද  එතනිනුත් එහාට ගොස් පළමු මිනිසා වන ආදම්(අලෙය් ) තුමා ගැනද ඒ අතර තුල විසු බොහෝ  සුවිසේෂි පුද්ගලයන් ගේ තොරතුරු ඉදිරිපත් කරන්නට විය. කිතුනුවන් ලග  යුදෙව්වන් ලගද තියෙන ධර්ම පුස්තකවල  සදහන් රහසිගතව සගවා තබා ගත් ඉතිහාසයේ තොරතුරුද  කිසිම කෙනෙකු නොදත් ඉතිහාසයේ තොරතුරුද එතුමා හෙළිකරන්නට විය .කිසිවෙකු නොදැන සිටි ඉතිහයසේ  තොරතුරු ගැන මෙතුමා කි කතා නුතන විද්‍යාවෙන් තහවුරු කරගත් අවස්ථා කිහිපයක්ම ඇත .අද  නුතන යුගයේ පර්යේෂකයන් කැනීම් වලින් සොයාගෙන තහවුරු කරගත් වසර දහස්  ගණන් ඉපැරණි තොරතුරු  එතුමා කෙසේ  නම් කීවාද යන්න ඔබට ගැටළුවක් නොවේද ? අතර මිසරයේ සැගව ගොස්  තිබු  මමි ගැනද ,වසර දහස් ගණනකට පෙර විනාශ වී ගොස් සැගව ගිය නගරයන් පිළිබදවද එම නගර වල විසු මිනිසුන් මුහුණ පෑ විනාශයන් ගේ ස්වභාවයන් ගැනද , ලොව ප්‍රකට මහා ජල ගැල්ම ගැනද  මළ මුහුදේ ඉතිහාසය ගැනද මෙතුමා  ප්‍රකාශ  කල තොරතුරු  කිසිවක් අඩුපාඩු සහිතද වරද සහිතද ඒවා නොවීම පුදුම සහගත නොවන්නේද ? අමතක කරන්න  එපා එතුමා වෙළදාමට ඔටුවන් බුරුවන් පිටේ කෙටි සංචාරවල පමණක්  යෙදී  සිටිය කෙනෙකු  බව.

බොහෝ පුද්ගලයන් ගේ ආගමික  සහ චර්යාමය ඉතිහාසයන් ගැන එතුමා කෙසේ  ප්‍රකාශ  කලාද  යන්න ඔබට ප්‍රශ්නයක්  නොවේද ? එවක තිබු  සන්නිවේදන  සහ ප්‍රවාහන පහසුකම්වල තත්වය  ගැන ඔබටද වටහා ගත හැකි යැය් සිතමි. එතුමාට  අකුරු ලියන්නටද කියවන්නටද බැරි කමක් තිබුණු බව මම යලිත් සිහිපත් කරන්නේ පොත පතින් ලත් දැනුමෙන් එය කියන්නට ඇති කියන සැකය ඔබට එය් කියල සිතුන නිසය් . එතුමා කී කිසිවක් නුතන විද්‍යාවේ නිපුනයන්ටද බොරු කල  නොහැකිව තියෙන බවද සත්‍යයකි.
4) නීතිය  ගැන  එතුමා  කරුණු  ප්‍රකාශ  කරන්නට  පටන්  ගත්ත වගේම  . නීතියක්  ස්ථාපිත කලා. .

නීති  විද්‍යාලයකට  තියා  ප්‍රාථමික  පාසලකටවත්  පය  නොතියපු   එතුමා  ගෙන හැර පෑ   නිතින්  ,එදා මෙන්ම  අද  සිටින  මුස්ලිම්  සමාජයමද   කිසිඳු  තර්කයකින්  තොරවම ද  තරාතිරමකින් තොරව ද උස් පහත්  භේදයකින්  තොරවද  100% ක්    පිළිගනිමින්  සිටිනු  ඔබටද  දැක  බලාගත  හැක .වසර  1000 කට  පෙර  හෝ  අද හෝ  විය  හැකි  , ඔහු  රටක  ජනාධි  පති  වරයෙකු  උවත්  මි  හරක්  බලාගන්න  කෙනෙකු  උවත්  වෙනසක්  නැතුව  එම  නීතිය  එකහෙලා  පිළිගනී . අප  "ඉස්ලාම්  නීතිය"  යනුවෙන් අද  හදුන්වන්නේ  එයය් .
5) ධර්මයක් ප්‍රකාශ කරන්නට පටන්  ගැනිණි  . ජනයා ඒ වෙත කැදවන්නට ද විය.

වසර  40 ක්  වෙනතෙක්  කිසිදු  පිලිමයකටද  කිසිදු  මනුෂ්‍යයෙකුටද  වැද නොවැටුණු  ,  හුදෙකලාවේ  සත්‍යයේ  ආලෝකය  කුමක්දැය් සිතමින් ද  අපේක්ෂා කරමින් ද  හිටියා  මිස  කිසිදු  දහමක්  ගැන  වචනයක්  හෝ  නොදොඩා  සිටි  මෙතුමා  හදිසියේ    ජනයාට  ධර්මයක්  ප්‍රකාශ  කරන්න ටද    ජනයාව  ඒ   වෙත  කැඳවන්න  ටද   පටන්  ගැනුනි.  අප අසා ඇති විධියට බුදුදහමේ සදහන්  සිදුහත් කුමරා කුඩා කළ සිටම අදී යරෙන් අදියර ගුරුවරුන් කිහිප දෙනෙකුගෙන්ම අධ්‍යාපනය හැදෑරුව. පසුව එතුමා ස්ව උත්සාහයෙන් අධ්‍යනයක යෙදිලා තමය් එතුමා දෙසු ධර්මය සොයා ගත්තේ. නමුත් මොහම්මද් (සල්) තුමා ගේ තත්වය ඊට ඉදුරාම වෙනස්. මේ එතුමා තුලින් ප්‍රකාශ වන කරුණු සම්බන්ධයෙන් එතුමා කිසිදු අද්‍යනයක යෙදුනේ නැත.  
          .
6) හොද නරක පිළිඹදව උපදෙස් දෙන්නට ආරම්භ කෙරිණි.
පණපිටින් කුඩා ගැහැණු දරුවන්ව වළලන යුගයක, ගස් ගල් වලට රූප වලට පිළිම වලට වැදවටෙන  වටපිටාවක  , මන් කොල්ලය දුෂණය අපචාරය සොරකම අවිහිංසාවෙන් වහල්  භාවයෙන්  ජනතාව පීඩනයකට ලක්කරමින්  සිටි වටපිටාවක  ජිවත් වූ එතුමා  යහපත අයහපතින් වෙන්කර දක්වන මහා යුග පුරුෂයෙකුගේ ලක්ෂණ පෙන්නවන්නට පටන් ගැනිණි .
7) දක්ෂ කථිකයෙකුගේ ලක්ෂණ පෙන්වන්නට පටන් ගැනුනි 
කිසිම දිනක මහජනයා අමතා කතාවක් නොකළ එතුමා පහත සදහන් මාතෘකා යටතේ සුවිශේෂී කථනයන් පෙන්වන්නට විය  ඒවා නම් ,
 ·  දෙවියන්  ගැන ·  අපට නොපෙනෙන  දේවල් ගැන (මලාය්කා වරුන් හෙවත් දෙවියන්ගේ දුතවරුන් කොටසක් සහ ජින්    හෙවත් යක්ෂයන් ගැන) .මෙලොව  හා පරලොව  ගැන  ·  ස්වර්ගය  හා අපාය ගැන   මරණින්  මතු  ජීවිතය  ගැන  ,·  දේව  පණිවිඩ  ගැන ·  සදාචාරය  ගැන ·  නිතිය  ගැන ·   දේශපාලනය  ගැන · සමාජ  විද්‍යාව  ගැන ·  ආගම ධර්මය ගැන ·  ඉතිහාසය  ගැන · අනාගතය  ගැන  පෙරනිමිති  ·  විද්‍යාත්මක  තොරතුරු  ගැන  · ලෝක විනාශයක් ගැන.... තව බොහෝ දේ  

8) එකම ධජයක් යටතට ජනතාව පෙලගස්සන්නට විය 
එතුමා  ජිවත්  වූ  මක්කා  නම්  නගරයේ     පිහිටා  ඇති  නැමදුම්  මද්‍යස්ථානය  (කව්බතුල්ලාහ්  ) ඇතුලෙම   විවිද  පිළිම සහ  එවැනි  දේවල්  350 ක්  පමණ  තිබුණු  යුගයක  විකාර  රූපි  පිළිම  වලට  පවා  නැමදමින්   නොමගෙහි  අනන්තයටම  ගිය  එසේම  මහත්  මුරන්ඩු ද , අකිකරු ද  , මහන්ත්ත්වයෙන්  පිබ්මිලාද , අහන්කරකමෙන්  අන්ද  වෙලාද ද  හිටි  විවිධ ගෝත්‍රිකයන්   විශාල  ගණනක්  එකම  ධජයක්  යටතට ගෙන ඒමට  මෙතුමාට  හැකියාව  ලැබුණි . මේ සත්‍ය ඉතිහාසයන් මිස අතිශෝක්තිය නොවන බව සිහි තබා ගන්න.  වර්ග  සැතපුම් 12000  ක්  පමණ  වන  කාන්තාර   පරිසරයේ  නොදියුණු  සනිවේදන පහසුකම්  තත්වයක්  යටතේ  වසර  23  තරම්  කාලයක දී  මෙතුමා  එය  කෙසේ  කලේ දැය්  ඔබට  හිතා  ගත හැකිද  ? එකිනෙකාට වෙනස් අදහස් දරන වෙනස් ආගම් සහිත වෙන වෙන දෙවිවරු යැය් කියන දේ අදහන කණ්ඩායම් දෙකක් එකතුකරන එක පහසු වැඩක් ද? එතුමා එවැනි ගෝත්‍ර කිහියක් නම් එසේ එකතු කලාද කියා වැඩිදුර  අධ්‍යනයක  යෙදුනොත් ඔබටත් දැනගත හැක.  අද  ලොව   පුරා  ජනයා  එක්රොක්  වී  සිටින්නේ  එතුමා  එදා  ගොඩනැගු  “ ලා  ඉලාහ  ඉල්ලල් ලාහ් , මෝහමදුර් රසූලුල්ලාහ්යන "කලිමාව" සහිත  ධජ ය  යටතෙහිය . එම  ධජය  යටතේ  එකම   නීතියක් , එකම  ශිෂ්ටාචාරයක් , එකම  එකම   ආගමක් , එකම   සංස්කෘතියක්  , එකම  ආණ්ඩු  ක්‍රමයක්  , නිර්මාණය   කලා පමණක් නොව ,  එය  ලොව  පුරා  ව්‍යාප්ත   කිරීමටද  යුහුසුළු  විය .

9) එතුමා සමාජ සංශෝධකයෙක් ලෙස ක්‍රියාත්මක විය
අශිෂ්ටයන්  ශිෂ්ටයන් බවටද, ම්ලේච්චයන් සභ්‍යයන් බවටද , අන්ද භක්තිකයන් සෘජු මාර්ගයටද, වැරදි කරන්නන්  දුසිරිත්  පිළිපදින්නන් ද පවිත්‍ර ගුණ පෙන්න්වන්නන් බවටද යුක්තිය හා නිතිය නොදැන සිටි  අයව යුක්ති ගරුකයන්, නීති ගරුකයන් බවටද පත් කිරීමට එතුමාට හැකි විය. අසාධාරණයට ලක් වුවන්ට සාධාරණය ළඟ කර දුන්හ. එතුමා ජනාධිපති තනතුර දැරූ නමුත්,අද ජනාධිපති වරුන්ට එතුමාව ආඳා සිහිපත් කරන්න එපා. 

10) එතුමා අවිහින්සාවේ ආදර්ශය විය
එතුමා ඉහත සියල්ල කලේ හිංසාවෙන් නොව . අප සමාජය තුල පමණක් නොව ලොව මහා බලවතුන් අතරද  එතුමා ගැන උවමනාවෙන්ම සත්‍ය තොරතුරු සගවනවා පමණක් නොව, වැරදි ප්‍රතිරූපයක් මවා මහජනයාව නොමග යවන පිරිසක් ඉන්න බවද මෙහිදී නොකියාම බැහැ. කට වචන වලින් නොව පොත් පත් වලින්ද එතුමා ගැන අමු අමුවේ බොරු ලියා තිබෙන බව අපට දැකිය හැක. මිට පෙර පිටුවක මම සදහන් කලේ එනිසය් , සමහරු ආගම තම ව්‍යාපාරය කරගෙන එය රැකගන්න නොකරන දෙයක් නැහැ කියල.  
හුදෙකලාවේ තමාගේ වැඩක් බලාගෙන  හිටපු එතුමා වටා මෙතරම් ජනතාවක් රොක් උනේ එතුමා තුලින්  ඉස්මතු වූ මහත්මා ගුණයන්  නිසාය .එතුමාගේ චරිතය සම්බන්ද කරගෙන් ලියවී ඇති සත්‍ය කරුණු ඇතුලත් පොත් (හදිස් ලෙස හදුන්වන පොත් ) ඔබත් කියව බැලුවොත් ඔබත් එතුමාට බොහෝ සේ ආදරය කරනු නොඅනුමානය.  මෙතරම්  විප්ලවයක් කරන විට එතුමා ජනයා අතරම සාමාන්‍ය  කෙනෙකු සේම හැසුරුණු  අතර කිසිදිනක එතුමාට ජිවිත අරක්ෂකින්  කියා කිසිවේක් යොදාගත් තේ නැත

11) යුධ පිටියේදී එතුමා සෙන්පතියෙකු විය .රාජ්‍ය  නායකත්වය , ජනාධිති ධූරය දැරිය  (නමුත් එය සුවිසේෂි නායකත්වයකි )
එතුමාගේ යහපත් ක්‍රියා කලාපය නිසා තම වාසී අහිමි කිරීමට පැමිණි  මාරයෙකු ලෙස මොහම්මද් නබි(සල්) තුමාව දුටු  අසාධාරණයේ , අයුක්තියේ  රජයමින්   සිටි   පිරිසක්ද  එදා  එතුමාගේ  සමාජයේ  සිටියේය . එතුමා ප්‍රකාශයට පත් කරන  දහම වෙතට මහජනයාව  කැඳවන විට එවක සිටි අනිකුත් ආගමික නායකයන්ට එය මහත් ගැටළුවක් විය.  මෙතුමාගේ  මෙම  ක්‍රියා  කලාපය  නතර  කිරීමට  ඔවුන්  නොගත්  උත්සහයක්  නැත . ( මේ තත්වය අදත් ලොව තුල ක්‍රියාත්මක වෙමින් පවතී ) එතුමාට  නොයෙක්  හිංසා  පීඩා  සිදු  කලා . තම  උපන්  ගමෙන්ද  පිටවීමට  එතුමාටත්  එතුමා  අනුගමනය  කළ  අයටත්  සිදු  උනා .යුධමය  වශයෙන්ද  එතුමාව  විනාශ  කිරීමට  ඔවුන්  පැමිණියා. ඔහු කඩුව අතට ගත්තේ එනිසය් .  කිසිම  යුධ  පුහුණුවක්  හෝ  දැනුමක්  නොමැති  එතුමා  තම  සතුරන්ට  එරෙහිව  මහා  සෙන්පතියෙකුගේ  ලක්ෂණ  පෙන්වන්නට  විය . අවසානයේ  යුධමය  වශයෙන්ද  එතුමාව  පරාජය  කිරීමට  කිසිවෙකුට  පුළුවන්  කමක්  නොවිය . එතුමා   නැවත  තම  උපන්  ගමට   පැමිණ  අරාබිකරයේ  රාජ්‍ය  නායකත්වය  ඉසිලිය . එහෙත්  එතුමාගේ  මුළු රජ  මාලිගාවම  ඔබේ  කුඩා  නිදන  කාමරයකට  වැඩ  ලොකු   කරගන්නට  හෝ  , බුමුතුරුණු  වලින්  සරසා  ගන්නට  හෝ  එතුමා  මැලි  විය . ජනයා  අතරට  ගිය  විට  පිටස්තරයෙකුට   ඔහුව  හදුනාගත  හැක්කේ  කාගෙන්  හරි  ඇසීමෙන්  මිස  වෙන  ක්‍රමයකින්  නොව . හේතුව  නම්  එතුමා  උස  පුටු ද  විශේෂ  ඇදුම්  ද  ප්‍රතික්ෂේප  කළහ . එතුමා  සභාවකට  එනවිට  කිසිවෙකු  නැගිට  ආචාර  කරනවාට  පවා  එතුමා  විරුද්ධ  විය . එතුමා  තම  ධනය   අවසන්  වන  තුරු  වියදම්  කලේ  මහජනයා  වෙනුවෙනි . රාජ්‍ය  නායකයා  ලෙසින්ම   එතුමා  මිය  යන  විට  එතුමාගේ  යුධ  කබාය  උකසට  තබා  තිබුණි.රාජ්‍ය භාණ්ඩාගාරයේ කිසිවක් හෝ ලබාගැනීම එතුමා  තම පව්ලේ උදවියට තහනම් කෙරින  . සමහර  රාජ්‍ය  නායකයන්  මිය  යන  විට    තම   රට  උකස්  කරලය්  යන්නේ . හේතුව  නම්  ඔවුන්  තමන්ගේ  දරුමුණුපුරන්ට   වෙන  රටක්  මුදලට  අරගෙන.

12) එතුමා එවක සිටි ජනතාවට සමහර ප්‍රතිහාර පෙන්වීම
**** මෙම  කරුණු  ඔබ  එකවරම විශ්වාස නොකරන්නට පුළුවන්, නමුත් පසුව ඔබට වැටහෙය්. එතුමාගේ විශිෂ්ටතම සහ  ඔබටද  දැකබලාගත හැකි ප්‍රාතිහාර්ය නම් එතුමා ප්‍රකාශ කල ග්‍රන්ථය හෙවත්ශුද්ධ වූ අල් කුරානයඑම ප්‍රාතිහාර්යය ඔබ  කියවා තේරුම් ගත්තොත් පහත සදහන් ප්‍රාතිහාර්යයන්  ඔබ පිළිගනු නොඅනුමනය් 
·     චන්ද්‍රයා දෙපලු කර පෙන්වීම 
·     සාමාන්‍ය ජනයාට නොපෙනෙන ද නොඇසෙන දේවල්ද  එතුමා ග්‍රහණය කර ගැනීම 
·     එක රැයක් තුල එතුමා දේව දුතයෙකු ( ජිබ්රිල් නම් මලාය්කා  වරයෙකු ) සමග අහසෙහි (ස්වර්ගයෙහි) චාරිකාවක යෙදින. 
·    ආහාර බදුන් වල අභිවෘධිය ඇති  කිරීම 
·        වෙනත් අයගේ රහස් දැනගැනීම , අනාවැකි පළකිරීම 
·   බෙහෙත් වලින් තොරව ඇතැම් රෝගීන්ව සුවකිරීම 
ලිපිය දිග වැඩි වෙන නිසා කෙටි කරන්න අදහස් කරමි .
එතුමා විවිධ පැතිකඩවලින් ශ්‍රේෂ්ටත්වයන් පෙන්නවන්නට  විය. වෙනත්  ඕනෑම  පුද්ගලයෙකු  ගෙන බලන්න. ඔහු  මෙතුමා තරම් හැම අංශයකින්ම විස්කම් පෙන්නුම් කර තිබේද   කියල.
ඉතාම වැදගත් දෙයක්  කියන්නය් දැන් මගේ සුදානම. එනම් මොහම්මද් නබි (සල් )තුමා කියන්නේ කව්ද කියල.එතුමා මනුෂ්‍යයයෙක්ද, දෙවි කෙනෙක් ද, භූතයෙක් ද, හුනියන් කාරයෙන් ද. බුදු කෙනෙක්ද . මැජික් කාරයෙක් ,අමනුෂ්‍යයෙක්ද, දෙවියන්ගේ පුතෙක්ද ..කව්ද කියල. 

Ø එතුමා අපි මෙන්ම පොළොවේ පයගහල කළා  බිලා කතාකරල ,ඇවිදලා ,වයසටද යමින් අපි මෙන්ම අසනීප වලටද මුහුණ දිල ,විවාහ ද වෙලා ,දරුමල්ලෝ හදල අවසානයේ හුස්ම ටික ශරීරයෙන් පිටවෙලා මිය ගිය. එනම්   එතුමා මනුෂ්‍යයෙක් බව පැහැදිලිය් . 
Ø නමුත් ,ඉහත 1 , 2 සහ 3 කරුණු  වලින්  ඔප්පු  වෙනවා  එතුමා  සාමාන්‍ය  මනුෂ්‍ය  බුද්ධියට  එහා ගොස් එම කරුණු පැවසු  බව. එනම්  මනුෂ්‍යයෙකුට කිසිම විටක කිව නොහැකි ද කළ නොහැකිද දේවල් එතුමා කියල ,  කරලා තියෙනවා.
Ø අනිකුත් කරුණු වලින් ඔප්පු වෙනවා එතුමාට කව්රු හෝ මග පෙන්වීමක් කර දී තිබෙනවා යන්න. මොකද මේ  සියල්ල වසර 23කදී සිදු වූ දේවල්.
Ø කිසිම මනුෂ්‍යයෙක් නොදන්නා දේවල් එතුමා  පවසා තියෙන නිසා එතුමාට මනුෂ්‍යයෙක් ගෙන් උපදෙස් ලැබුණා  වෙන්නට බැහැ .
Ø විශ්වයේත් එතුල පවතින දේවල් වලත් නිර්මාණාත්මක අධියරයන්වල සහ ඒවායේ ක්‍රියාත්මක තත්වයන් ගේ  ඇති විශ්මිත කරුණු පවසා ඇති නිසා එතුමාට ඒ පිලිබදව කරුණු ලැබෙන්නත් ඕනි  විශ්වයේත් එහි සියල්ලේත් නිර්මාතෘ  ගෙන්ම විය යුතුය්
Ø යම් අවස්ථාවල පමණක් එතුමා විවිධ ප්‍රාතිහාර්ය පෙන්වා ඇති නිසා එම බලයද එම අවස්ථාවලට  පමණක් එතුමා වෙත ලැබී තිබිය යුතුය්.එනම් එය එතුමාගේ පුද්ගලික හැකියාවන් නොවන බව පැහැදිලිය් 
Ø එතුමාගේ ග්‍රන්ථයෙහි අබමල් රේණුවක වරදක් අදටත් සොයාගන්නට නොහැකි නිසාත්, සෑම  විෂයක්  ගැනම  ඉතා ගැඹුරු විශ්මිත  කාරණා  පෙන්වා දී  තිබෙන නිසා එතුමාට උපදෙස් ලැබී තිබිය යුත්තේ සියල්ල දත්  කෙනෙකුගෙන් විය යුතුය් 
ඔහුගේම වචන වලින් මෙයට පිළිතුර ඔහු අපවෙත දී තිබෙනවා,එහි සංශිප්ත  අදහස නම්,  . 
මුළු මහත් විශ්වයම මවා, පාලනය  කරමින්ද, පෝෂණය  කරමින්ද , සිටින  විශ්වයේ මහා අධිපති  වන ,එකම  දෙවියන් හෙවත් අල්ලාහ්  විසින්  “ජිබ්රිල්  (අලෙය් ) නමැති දේව ධුතවරයා  හරහා  සහ  වෙනත් මාර්ගයන්ගෙන් ද  තමාවෙත ලැබුණු දේව පණිවිඩ හෙවත් වහි වලට  අනුව  තමා  සියල්ල  කළ බවත් කි බවත් , සහ තමාගේ සිතන්ගියාවට අනුව කිසිවක් තමා නොකිරීමට වගබලාගත් බවත්,  තමාට පෙරත් විවිධ ජන කොටස් වලට මිනිසුන් අතරින්ම තෝරාගෙන නබිත්වය හෙවත් දේව දුතත්වය ලැබුණු පුද්ගලයන් ලොවට පැමිණ ඇති බවත් මෙයන් ලොව අවසන් වනාතුරාවටම වලංගු වනසේ අවසන් නබිවරයා වශයෙන් තමාව තෝරාගෙන සිටි බවත් , තමාට ලැබුණු දේව පණිවිඩ ඒ අයුරින්ම ප්‍රකාශ කිරීම සහ ක්‍රියාවට නැංවීම පමණක්  තමා වෙත පැවරුණු රාජකාරිය බවත් එතුමා නිහතමානිව කියා ඇත. 

අනුන් කරපු වැඩවල ලකුණුත් තමාට දාගන්න තත්වයක් අපි ලොවෙහි නිතර දකින තත්වයක් තියෙද්දී මෙතුමා කළ කිසිවක් එතුමාගේ දස්කම් නොවන බව එතුමාම කියද්දී ඔහු දේව දුතවරයෙක් බවට පිළිගැනීමට  තව කුමන සාක්ෂිද අප සෙවිය යුත්තේ. 

මෙය්න් පැහැදිලි වන්නේ ඔහු දෙවියන්ගේ  දුත වරයෙක් බව නොවේද ? ලොව  පළමු මිනිසාගේ සිට අද දක්වාම සිටි සෑම මනුෂ්‍ය සමුහයකටම දෙවියන් තම පණිවිඩය දුත වරුන් හරහා පහල කර තිබේ. ජේසු (ඊසා අලෙය්) තුමා  මීට පෙර ආ දුත වරයය්. යහියා, සකරියා, යුනුස් ,අල්යසස, ඉල්යාස්, සුලේය්මන්, දාවුද් , සුල්කිෆ්ලි ,හාරුන්මුසා,අයුබ් ,යුසුෆ් ,යාකුබ් ,ලුත්, ඉසමෛල් , ඉෂාක් ,ඉබ්‍රාහිම්, සාලි හ්  ,හුද් , නුහ් ...මේ  සියල්ල  නබි  වරුන්ය.  ( මෙතුමන්ලා සියල්ලටමද  මුස්ලිමුන්  දෙවියන්ගෙන් සාමය  හා ශාන්තිය පතය් ) මෙලෙස  මෙලොවට පහල වූ නබි /දුතවරුන්  ගැන අවසන්  දුතවරයාගේ  ග්‍රන්ථයෙන්  කරුණු  සිහිපත් කරය්.මීට පෙර සිටි සහ ඔවුන් ඉදිරිපත් කළ ග්‍රන්ථවලින් අවසන් නබිවරයා ගැන කියා ඇත. ඔහුගේ නමද ලක්ෂණද, පැමිණෙන ප්‍රදේශ ගැනද කියා ඇත. 

මහජනයා ට දෙවියන්ගේ  පණිවිඩය ලබා දීමට තව නම් නොකී විශාල සන්ක්යාවක් ඒවා ඇති  බවද සදහන්  වේ . දෙවියන් පළමු  මිනිසාගේ සිට ලොව අවසන්  මිනිසා  දක්වා  ඉපදෙන  සෑම  ජනකොටසක්ම  ඇත  නොහැරනැමදීමට  සුදුස්සා  අල්ලාහ්  පමණක්ම බවත් ඔහු හැර වෙන කිසිදු දෙවියෙක් නැති බවත් ” මතක්කර  දී ඇත. ඔබත්  මහා දෙවියෙක් ඉන්න බව පිලිගන්නවට  කිසිදු  සැකයක්  නැහැ. ඔහු අල්ලාහ් බව, මොහම්මද් (සල්) තුමා  මෙම  සමාජයේ  දුතවරයා  වශයෙන්  පැමිණ  ප්‍රකාශ  කර  තියෙනවා . අල්ලාහ් 11 ශ්‍රේෂ්ට  බවත්  නැමදීමට  සුදුස්සා  අල්ලාහ්  පමණක්ම බවත්  ඔහු  හැර  වෙන  කිසිදු   දෙවියෙක්  නැති  බවත්  ඔබට  දන්නේ  නැහැ  කියන්න  බැහැ

.ඔබමියගිය  පසුව  අල්ල හ්   නැවත  ඔබව ත් මාවත් උපන් සියලු දෙනාවත් මතු ඉපදී මියයන සියල්ලවත් යම් දිනක නැවත  කැදවල  ඔබ මම අපි සියල්ල තනි තනි වශයෙන්  මෙලොව  ජිවත්  වූ  ආකාරය  පිළිඹදව   ප්‍රශ්න  කරනු  ලබය් .එයට විනිශ්චය දිනය යැය් කියනු ලැබේ .
 දෙවියන්ගේ  පණිවිඩය  ඔබට ලැබුනේ නැහැ කියන්න  බැහැ. ශුද්ධ වූ කුරාන් “ ලෙස මොහම්මද් (සල්) තුමා   කියා  පාවෙ එම  පණිවිඩ යය්  එහි පරිවර්තන  අද  ඕනිම  කෙනෙකුට  පහසුවෙන්න්ම  සොයා  ගත  හැකි. මෙලොව  ජීවිතයේදී  එය  කියවන්න  වෙලාවක්  තිබුනේ  නැහැ  කියන්න  බැහැ  මොහම්මද් (සල්) තුමා   ගැන  හොයා  බලන්නත්      සදහා  වෙලාවක් සහ පහසුකම්  තිබුනේ  නැහැ  කියන්න  බැහැ  .මාගේත්  මේ  විශ්වයේත්  නිර්මාතෘ  අල්ලාහ්     බව  තෙරුන් ගන්න තරම් කරුණු තිබුනේ නැහැ කියන්නත් බැහැ

.කුරානය  තුලින්  අපට  කතා  කරන්නේ  “අල්ලාහ් හෙවත්  දෙවියන් ම   බව  එය  කියවූ  කෙනෙකුට  ප්‍රත්‍යක්ෂ  වෙනු  නොඅනුමානය් .

අල්ලාහ්ව  අදුන ගත්  කිසිවෙක්  මැරුවත්  වෙන  වෙන  මිනිසුන්  පස්සේ   ,වෙන  වෙන  මනංකල්පිත  දෙවි  ගොල්ලෝ  පස්සේ  යන්නේ  නැහැ.  අල්ලාහ්  ව   අතහැර    අපි  වෙන  වෙන  ශාස්තෘ  වරුන්ව  අනුගමනය  කරලා  ඔවුන්  කි  ලෙසින්  යහපත්  ලෙස  ජිවත්  උනා  කියල  නිදහසට  කරුණු  කියන්න  අවස්ථාවක්  ලැබෙන්නේ  නැහැ.

 .ඔබ  කොතරම්  හොද  කලත්  වැඩක්  නැහැ  ඔබේ  නිර්මාතෘ ව  ප්‍රතික්ෂේප  කරනවා  නම් .පැහැදිලි කිරීමක් කරනවානම් , කොතරම් හොදට ඉගනගත්තත්, කොතරම් හොද චරිතයක් තිබුනත්, කොතරම් වස්තුව තිබුනත්, කොතරම් හොද දරු මල්ලන් හිටියත් වැඩක් නෑ කවලා පෝෂණය කරලා උගන්නල  ආරක්ෂා කරලා ලොකු මහත් කළ  ඔබේ පුතා හෝ දුව  දැන දැනම ඔබව මව හෝ පියා ලෙස පිළිගන්න එක ප්‍රතික්ෂේප කරලා වෙන වෙන අයට අම්ම තාත්තා කියනවනම් .

මෙලොවට අපි අවේ අල්ලාහ් වෙතිනුය් ,  ඔහු  වෙතින්    අපි  නැවත  ඔහු  වෙතම  ය යුතුවද  ඇත අපේ මෙලොව  ජීවිතය  පිලිබදව  ප්‍රශ්න  කරන  දවස  ඉතාම  දැඩි  දවසක්  බව  අල්ලාහ්  ම කුරානය තුලින් මොහම්මද් නබි සල් තුමා හරහා අපට පැහැදිලි සාක්ෂි සහිතව කියා තිබෙන වා .අපව  මිහිමත  උසස්ම  ජීවී  කොටස  බවට  පත්  කරලා  අහස  වියනක්  ලෙසද  පොලොව  යහනාවක්  ලෙසද  පත්කර , සියලු  ආහාරද , වස්තුවද  දරුවන්  ද  දීල  හොද  නරක  වෙන්කර  දක්වන  පුස්තකද , එය  අනුගමනය  පෙන්වා  දීමටත්  පැහැදිලි කර  දීමට  නබි  වරුන්වද   පහළකර  දීල  තියෙද්දිත් , ඔහුව  විශ්වාස  නොකර  ඔහුගේ  පුස්තක  විශ්වාස  නොකර , ඔහුගේ  දුතවරයන්   විශ්වාස  නොකර  මරණින්  මතු  ජිවිතයක්  ගැන  විශ්වාස  නොකර , දෙවියන්  හමුවට  යන  දවසක්  විශ්වාස  නොකර , ඔහුට  කෘතගුණ  නොකර , ඔහුව  නමදින්නේ  නැතිව   අහන්කරව  හිද , වෙන  වෙන දේවල්  වලට  හිස  පහත  කර  කර . වෙන  වෙන  අයව  ද  දේවල්ද  ඔහුට  සමාන  කරමින්  මෙලෝ  ජීවිතය   තුල  අන්ධයන්  ලෙස  සිටි  ජනතාවට  දෙවියන්ගේ  කෝපයේ  ප්‍රතිපලත් , දෙවියන්ගේ  තෘප්තිය   දිනාගෙන  ජිවත්  වූ   අයට  සව්භාග්‍යත්  හිමිවන  බව පැවසීමට   මුළු  මහත් ලෝක වාසී ජනතාවටම  පැමිණි  අවසන්  නබිවරයා මොහම්මද්  (සල් ) තුමය් .  

නැවත  නබිවරයෙක්  එන්නේ  නැත . එන්න  අවශ්‍යද  නැත . හේතුව  නම්  ඔහුගේ පණිවිඩය  ලොව  අවසන්  වනතුරු  සුරක්ෂිතය් . ලොව  අවසන්  වනතුරු  එය  බොරු  කිරීමට  කිසිවෙකුට  නොහැකි  බව  දෙවියන්ම  පවසා  ඇත
 .    
මොහම්මද් යන වචනයේ  සිංහල අර්ථය  පෙන්වා දී මෙම ලිපිය අවසන්  කරන්නම්. 

අරාබි බසින් “හම්ද්යනු “මෛත්‍රීකිරීම /කරනවා  යන්නය් (එය ක්‍රියා පදයකි)

මු + හම්ද්  = මොහම්මද්  වී ඇත  
අරාබි  ව්‍යාකරණය නීතියට  අනුව  ක්‍රියාවක්  ඉදිරියට " මු " යෙදු  විට, එම  ක්‍රියාව  > "ක්‍රියාව  කරන්නා" බවට  පත්  වෙය් .

කරන්නා+මෛත්‍රී) = (මෛත්‍රී  කරන්නා ) = (මොහම්මද්)=( මු +හම්ද් )

කිතුනුවන්, මතුවට පැමිණීමට නියමිත මෛත්‍රී කරන්නා(බය්බලයේ  සොලමන් ගීතිකාවේ 5:16  හිබ්රූ භාෂාවෙන් හදුන්වාදෙන  මොහමදීම් ) ව අනුගමනය කරන ලෙස උපදෙස් දී ගිය ශාස්තෘ වරයාණන් හෙවත් ජේසු (ඊසා අලෙය් ) තුමාවම පමණක්  විස්වාස කරමින් තවමත්  එතනම රැදී සිටිනවා .

බොදුනුවන්  මතු  ඉපදෙන්නට ඉන්නවා කියන  “මෛත්‍රී  බුදුන්  එනතෙක්  බලා  සිටිනවා 

මුස්ලිමුන්  වසර  1400 කට පෙරම පැමිණ  ලොවෙන් සමුගත් අවසන් ශාස්තෘ වරයා හෙවත් මෛත්‍රී කරන්නා (මොහම්මද්  )ට  සල්ලල්ලාහුඅලෙහිවසල්ලම් ” කියා දෙවියන්ගේ ආශීර්වාදය හා ශාන්තිය ප්‍රර්ථනා කරනවා 

.එතුමා කල මෙහෙය අගේ කරමින් එතුමාව සිහි වුන හෝ නම ඇසුණු වහාම  ඔහු වෙනුවෙන් ප්‍රර්තනා කිරීමට මොහොතක්ද ප්‍රමාද නොවෙය්. එසේ  කීමට හේතුව කුමක්ද කියා දැන් ඔබට වැටහෙනු ඇතය් සිතමි .