29 June 2012

මෙම බ්ලොග් අඩවියේ අරමුණ!

Purpose of this blog!
මගේ ආගම කුමක්ද?

ඔබ සම්බන්දව නම් මෙම ප්‍රශ්නයට පිළිතුර ක්‍ෂණයකින් ඔබේ සිහියට නැගෙනු නොඅනුමානය. නමුත් මෙය නැවත ඔබ ඔබෙන්ම අසාගත යුතු ප්‍රශ්නයක් බව මම ඔබට ඉඟි කරමි.
මගේ ආගමමගේ ඉරණමයි. 


එය තව දුරටත් විග්‍රහ කරනවානම්,

  • මම කව්ද?
  • මම මේ ලෝකෙට පැමිණියේ කොහේ සිටද? 
  • මම මෙලොව දී කුමක් කල යුතුද?
  • මම මැරුණයන් පසු යන්නේ කොහෙටද?
  • මේවාට පිළිතුරු සොයන්න මට තනියම පුළුවන්ද?
  • මෙලොව ඉන්න කාලය තුල මම අනුගමනය කල යුත්තේ කව්රුන් විසින් දේශනා කල ධර්මයද?
  • එම ධර්මය කාගේ දහමක් ද?
  • එය විශ්ව දහමක්ද?
  • එහි අන්තර්ගතය සෑම යුගයකටමසෑම සමාජයකටමසෑම සතා සිව්පාවටමඉර හද අහස පොලව ආදී සෑම දෙයකටම වලංගුද?
  • එහි මුල මැද අග ආදිය පිළිබද තියෙන අදහස් අපට දැනට තියෙන බුද්දියට අනුව භෞතික සහ පාරභෞතික වශයෙන් පිළිගත හැකිද?
  • එම ධර්ම මූලාශ්‍ර වල නිරවද්‍යතාවය පිළිබඳව සහ ඒවායෙහි ආගමක් වශයෙන් සදහන් කරුණු පිලිබදව සෑහීමකට පත් වෙන්න පුලුවන්ද?
  • කිසිවිටකත් පිළිගත නොහැකි කරුණු පවා එම ධර්ම මූලාශ්‍ර වල අන්තර්ගතද?
මේ ආකාර වූ කරුණු පිලිබදව මධ්‍යස්ථ කෝණයක සිටපක්ශග්‍රාහී නොවීහැගීම් වලට වහල් නොවීපරාධීන නොවී විචාර බුද්ධිය මෙහෙයවල තීරණය ගැනීම මගේ වගකීම වේ. එය මා වෙනුවෙන් මම කරන මගේ පරම යුතුකම වේ.

අපි මිලදී ගන්නා හෝ උරුම කර ගන්නා ඉඩම් දේපල ආදිය ගැනීමේදීත් විකිණීමේදීත් හෝ උරුම කරදීමේදීත් අප එහි නිරවද්‍යතාවය පිළිබඳව කොතරම්ම සැලකිලිමත් වෙනවද කියා මදක් සිතා බලන්න. අපේ වැඩිහිටියෙක් අපට ඉඩමක් දුන්න පලියට අපි එය අරන් කිසිවක් සොයන්නේ බලන්නේ නැතිව පාවිච්චි කරනවදඅපි විසින් අපේ දරුවෙකුට ඉඩමක් දුන්නත්දුන්න පලියට අපේ දරුවන් පවා එය භාරගෙන නිකම්ම පාවිච්චි කරනවදනැහැ නේද?
අපි හැමෝම එහි නිරවද්‍යතාවය පිළිබඳව සොයා බලනවා නොවේදනීතීඥයෝ පස්සේ යනවාඔප්පු පරික්ෂා කරනවාපිඹුරුපත් පරීක්ශා කරනවාතව බොහෝ දේ... එහෙම නේද

මෙවැනි උදාහරණ ඕනි තරම් අපේ මතකයට එනවා. 
එහෙත්,


  • ඇයි ආගම විතරක් නිකම්ම ගන්නේ?
  • ඇයි ආගම විතරක් නිකම්ම දෙන්නේ?
  • සොයා බලන්න උවමනා නැද්ද?

ආගම නිකම්ම ගන්න හෝ නිකම්ම දෙන්න තරම් කිසිම වටිනාකමක් නැති දෙයක්ද?


  • අම්ම තාත්තා හින්දු නම් 'මැරෙනකම්ම මමත් හින්දු', එහෙමද?
  • අම්ම තාත්තා බෞද්ධ නම් 'මැරෙනකම් මමත් බෞද්ධ', ඒකත් එහෙමද?
  • අම්ම තාත්තා මුස්ලිම් නිසා "මමත් මුස්ලිම්",.....
  • අම්ම තාත්තාවැඩිහිටියෝ පන්සල් ගිය නිසාමද ගුණපාල සහ සුමනාවතී පන්සල් යන්නේ?
  • අම්ම තාත්තා දැන හෝ නොදැන කෝවිල්පල්ලිදේවාල ගානේ ගිය නිසාද පාතිමාත් කුන්ඩුමනීත් ඒවාටම යන්නේඑහෙම නේද අද සමාජයේ බහුලව සිදුවෙන්නෙ?
ලොව පුරා බිලියන 7.8 ක් පමන වන ජනතාව භාෂාවල් 6800 කට වඩා භාවිතා කරන බවත්අඩුවැඩි වශයෙන් ලොව පුරා මිනිසුන් ආගම්විශ්වාසයන් 4300 ක් පමණ අදහන බවත්  මම අසා තිබෙනවා.
මේ ලෝකේ ජිවත් වන මිනිසුන් අදහන ආගම් 4300 න් මගේ ආගම මොකක්ද?

විවිධ ආගම් සම්බන්ධ තොරතුරු ටිකක් පහතින් ඉදිරිපත් කර ඇත. 

"තමන් හරියි කියන ආගමත් ඔය ලිස්ට් එකේ තියෙනවද බලන්න".

තම තමන්ගේ විශ්වාසයන්ට අනුව තමන්ගේ ආගම තමය් ඔතනින් සත්‍යයම ආගම. එවිට අනිකුත් ආගම් සියල්ල අසත්‍ය විය යුතුය. හේතුව නම්ඔය ආගම් එකකට එකක් සර්ව සමව එකිනෙකට ගැලපෙන ලෙස මිනිසුන් පිළිගන්නේ නැති නිසා.

මේ ඔක්කොටම පායන්නේ එකම ඉරයි. තියෙන්නේ එක මහ පොලොවයි. හුස්මගන්නේත් එකම වාතයයි. ඉපදෙන්නේ එකම විදිහටයි. මැරෙන්නෙත් එකම විදිහටයි. එහෙමනම් මේ විශ්වයටම පොදු වූ එකම ආගමක් මිනිසුන්ට නැත්තේ මොකද කියල හිතෙනවා නේද?

විශ්වය තුල තිබිය හැක්කේ එකම එක සත්‍යයයක් පමණක් නිසාත් මිනිසුන්ද එම විශ්ව සොබා දහමෙහිම කොටසක් වන නිසාත් මිනිස් සිත් මත පරස්පර අදහස් දරමින් ඔවුන් වෙන් වෙන්ව එකිනෙකට වෙනස් ආගම් දෙකක් පිළිගන්නවා  නම් ඒ ගැන තවපාරක් හිතන්න වෙනවා නේද ?

පහත තොරතුරු දෙස හොඳින් බලන්න.

Religions   Membership  Percentage

Christianity -  2,039 m - 32% (dropping)

Islam -            1,570 m - 22% (growing)

Hinduism -      950 m -   13% (stable)

No religion -    775 m -  12% (dropping)

Chinese folk religion - 390 m - 6%

Buddhism -      376 m -   6% (stable?)

Tribal Religions, Shamanism, Animism - 232 m - 4%

Atheists -          150 m -  2%

New religions - 103 m -  2%

Sikhism -         23.8 m -  1%

Judaism -         14.5 m -  1%

Spiritism -       12.6 m -   1%

Baha'i Faith -    7.4 m -   1%

Confucianism - 6.3 m -   1%

Jainism -           4.3 m -   1%

Zoroastrianism-2.7 m -   1%

Shinto -             2.7 m -   1%

Taoism Note 4- 2.7 m -   1%

Other -              1.1 m -   1%

TOTAL -     6663 million

අද ඔබ ගමන් ගන්නා මාර්ගය හෙවත් ඔබගේ ආගම ඔබ විසින් නිවැරදිව තෝරාබේරා ගත්තෙ කොහොමද? 

අපි පාසල් යද්දීත් ඉගනගැනීමට ආගම් කිහිපයක් තිබුණා. විවිධ ආගම් අදහන දෙමාපියන්ගේ දරුවො වු කුඩා අපි කිසිම තර්කයක් නැතිවම තම ත්මන්ගෙ දෙමාපියන්ට උරුමව තිබූ දහම උගන්නන පන්තිවලට විතරක්ම යන්න පුරුදු උනා. විවිධ ආගම් අදහන දෙමාපියන්ගේ සෑම දරුවෙක්ම කළේ එකම දෙයමයි.

නමුත් ආගම් කිහිපයක් අවේ කොහෙන්දමොකදකින්ද මන්ද කියල කිසිවෙක් කුඩා අපිට කියා දුන්නෙ නෑ. අපිත් ආගම විෂය තිබුන වෙලාවට වෙන වෙන පන්ති කාමරවලට ගිහින් ඉබේම වගේ තම තමන්ගෙ දෙමාපියන් තෝරාගෙන තිබුණු ආගමම ඉගන ගෙන නැවත අපි සියල්ල එකම පන්තියට අවා. අද අපේ දරුවෝ කරන්නෙත් ඔය ටිකම තමියි.

සමහර පාසල් වලත් සමහර රටවල් වලත් තනිකරම උගන්නන්නෙ එකම එක ආගමක් විතරයි. කුඩා ලමුන්ට මෙය වටහා ගන්න බෑ. අවාසනාවකට මෙහි බරපතල කම වැඩිහිටියන්ට වැටහෙන්නෙත් නෑ.

අම්මල තාත්තලට විවිධ ආගම් ගැන හොයන්න වෙලාවක් හෝ උවමනාවක් තිබුනෙත් නෑ. හැමෝම තම තමන්ට පරම්පරාවෙන් උරුම වූ ආගම සත්‍ය කරගෙන හිටියා.

පන්සලට ගියාම හාමුදුරුවරු ඔවුන් විශ්වාස කරන ඔවුන්ගේ එම දහම තමය් නිවැරදිම දහම කියා උගන්වන විට පල්ලියට ගියාම ඔවුන් ඒ දහම තමය් නිවැරදිම දහම කියාත් උගන්නනවා. පන්සලට විතරක්ම යන අයට පල්ලියේ උගන්නන දහම ගැනත් පල්ලියේ උගන්නන දහමම ඉගන ගන්න ළමයට පන්සලේ උගන්නන දහම ගැනත් අවභෝදයක් නෑ.

අපිට කොහේ හරි වැරදදීලා කියල මෙතැනින්ම හිතෙන්නේ නැතිද?

මම දන්නා නොදන්නා හිතවතුනි,

තරහ ගන්න එපා. අමනාප වෙන්නත් එපා මාත් එක්ක. කාගෙවත් හිත රිද්දන්නවත්කිසිම ආගමක් පහත් කරන්නවත් නෙමෙයි මගේ අරමුණ.

අරයගෙ හැසිරීම මෙයාගේ කල් ක්‍රියාවඅර හාමුදුරුවන්ගේමේ ලෙබ්බේගේලොකු ටීචර්ගේමහාචාර්ය තුමාගේ පුද්ගලික වර්ණනා ගාවගන්න එපා.

අපි තනියමයි ඉපදුනේ. අපි මැරෙන්නෙත් ඉන් පස්සේ වෙනදේට මුහුණ දෙන්නෙත් තනියමමයි.

අරය දිහා බලල මෙයා දිහා බලල ආගම් තීරණය කරන්න එපා. අර ආගම් කාරයෝ මරාගන්නකොට මේ ආගම් කාරයෝ මල්පූජා කරනවා කියා එතැනින් නතරවී තීරණ ගන්නත් එපා. එය ආගමක් හඳුනාගැනීමට කරන නිවැරදි මිම්මක් නොවෙයි.

ඔබ බසයකට නැගල දීර්ග ගමනකට පස්සේ කියන්න එපා "අපි යමින් ඉන්න බස් ඒක නම් ෂෝක්රියදුරු මලයත් මාරයිපාරත් ටොප්ඉතුරු ටිකත් ඔහොමම යමු" කියල.

බලන්න නැගල තියෙන බස් ඒක හරි එකද කියල.
ඒක ඇවිත් තියෙන්නේ හරි පාරේද කියලත් බලන්න.
අපිට වැරදිලා තිබුනොත්සමහරවිට නැවත කාලය මදි වෙන්නත් පුළුවන් අපේ  නිවැරදි ගමනාන්තය කරා සේන්දු වෙන්නට. සමහර විට අපේ මෙම නොසැලකිලිමත් කම නිසා මරණින් මතු අප සදාකල් අභාග්‍යවන්තයින් විය හැක. එනිසා මරණයට පෙර ඉක්මනින් නිවැරදි මාර්ගට පිවිස අධික ලෙස කුසල් රැස් කරගන්න. මෙලොවත් පරලොවත් ජයගන්න. එයයි අපේ මෙලොව පරම පරමාර්ථය විය යුත්තේ.

ඒ නිසා තමන්ගේ ආගම ගැනත්අනිකුත් ආගම් ගැනත් නිවැරදි කරුණුනිවැරදි පුස්තක පරිශීලනය කර හොයල බලන්න කියල මම ඔබලාට ආරාධනා කරනවා. සත්‍යය වටහා ගන්න මහා පොත් ගොඩක් කියවන්නම ඕනි නෑ. (කැමති නම් "විශ්ව දහම සරළව තේරුම් ගනිමු" යන මැයෙන් මා ලියූ ලිපිය කියවන්න).

ඔබට සිතුවමක සබැ ලස්සන දැක ගන්න ඕනිනම් ඔබ මදක් සිතුවමින් ඈතට ගිහින් බලන්න. ආගම් දිහාත් චුට්ටක් ඒ විදිහට බලන්න. එවිට සත්‍යය වටහා ගන්න අපහසු නෑ.

මම මුලින්ම මගේ ආගම තුලම නතර වී එයමයි පරම සත්‍යය කියා විශ්වාස කරමින් එතුල පමනක් සිටියා. රැකියාව වෙනුවෙන් මම මට පුරුදු පරිසරයෙන් ඈත් උනාට පස්සේ මට මගේ ආගම තුලත් ඉන්න ගමන් නව පරිසරයත් එක්ක මට වෙතත් ආගම් ගැනත් අධ්‍යයනය කර බලන්න අවස්ථාවක් ලැබුණා. ඉන් පස්සේ මම දැඩිව ග්‍රහණය කර සිටි මගෙ සුපුරුදු දහමින් තාවකාලිකව ඉවත් වී කිසිම දහමක් නැති කෙනෙකු ගෙ තැනට පත් වෙලා එතැන ඉදන් සත්‍යය දහම කුමක්දැයි වටහාගන්න උත්සහයකට මම පියවර තිබ්බා. ආගම් කිහිපයක් ගැනම අධ්‍යනය කලා. මිනිසුන්ගෙ හැසිරීම් කිසිවක් මායිම් නොකර දහම් කරුණු කෙරෙහි පමණක් අවධානය යොමු කලා. එවිටයි මට වැටහුනේ විශ්ව දහම කියන්නේ මොකක්ක්දසොභා දහම කියන්නේ මොකක්දමට උරුම දහම මොකක්ද කියල.

එහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේ මට මා කවදත් ආදරය කල බුදුන් වහන්සේ කෙරෙහිත්අපි අසා සිටි ජෙසු තුමා කෙරෙහිත්මොහම්මද් නබි තුමා කෙරෙහිත්සොබා දහම කෙරෙහිත්ඒ සියල්ල නිර්මාණය කල (එහෙත් මෙතුවක් කල් නොදැන සිටි) විශ්වයේ මහා මැවුම්කාරයාණන් කෙරෙහිත් ඇතිවුනේ ඉමහත් භක්තියකිආදරයකිගරුත්වයකි.

ඔබත්  ආගමික මූලාශ්‍ර දෙස මිස පුද්ගලයන් දෙස නොබලන්න.

සියලු දෙනාටම සත්‍ය දහම හඳුනා ගැනීමට හැකි වේවායි කියා ප්‍රාර්ථනා කරමි.